"මීළඟට ඔබට දැකගත හැකියි හතර වසරේ ආධාර මත අපට ලැබුණු 'බී.ජී. 03' යානාව. බටර් ජෙල් පෑන් තුනකින් සහ නටරාජ් පැන්සල් කොටයකින් සමන...
"මීළඟට ඔබට දැකගත හැකියි හතර වසරේ ආධාර මත අපට ලැබුණු 'බී.ජී. 03' යානාව. බටර් ජෙල් පෑන් තුනකින් සහ නටරාජ් පැන්සල් කොටයකින් සමන්විත මෙය සතුරාට මුහුණට මුහුණලා සටන් කිරීමේදී අතිශය වැදගත් සේවයක් ඉටුකොට තිබෙනවා......"
"5 ඩී පන්තියෙ සිසුන් ළඟ තිබී පින්සිපල් භාරයට ගත් 'පී.ආර්. 32' කැටපෝල රැගත් සිසුන් සමූහයයි දැන් ඔබට දැකගත හැක්කේ. පේර දෙබලකින් සහ රබර් පටි වලින් නිපදවා ඇති මෙය සැඟවී කරන පහරදීම් සඳහා යොදාගනු ලබනවා. සමාන්යෙන් මේ සඳහා කඩදාසි කැබලි යොදාගන්න අතර විශේෂ ප්‍රහාර සඳහා සෙන්ටිමීටර් තුනේ වයර් කැබලි යොදාගනු ලබනවා....."
"දැන් ඔබ දකින්නේ නටරාජ් පැන්සල් සහ ඇට්ලස් කවකටුවක් භාවිතයෙන් සකසන ලද 'එන්.ඒ. 05' දිගු දුර මිසයිලයයි. මෙහි ඉදිරිපස සවිකර ඇති රබර් පටිය නිසා දුර ඇති සතුරු ඉලක්ක වෙත පහරදීමේ හැකියාව තිබෙනවා. 3 සී පන්තියේ 'අරලිය' කණ්ඩායම විසින් නිපදවන ලද මෙය ඩේ කාඩ් තුනකට සහ බෙන් ටෙන් ස්ටිකරයකට හුවමාරු කරගත්තක්....."
COMMENTS