නව මැතිවරණ ක්‍රමය මගින් කාන්තා නියෝජන අනිවාර්ය කිරීමටද මැදිහත්වී තිබීම පැසසිය යුත්තකි. ඒ සඳහා මැතිවරණ කොමිසම පසුගිය කාලයේ දේශපාලන පක්ෂ න...
නව මැතිවරණ ක්‍රමය මගින් කාන්තා නියෝජන අනිවාර්ය කිරීමටද මැදිහත්වී තිබීම පැසසිය යුත්තකි. ඒ සඳහා මැතිවරණ කොමිසම පසුගිය කාලයේ දේශපාලන පක්ෂ නියෝජිතයන් සමඟ සාකච්ජා කරමින් සක්‍රීය දයකත්වක් ලබාදීමටද කටයුතු කළේය.මේ වනවිට මැතිවරණ කොමිසමේ ඉදිරිපෙළ අරමුණක් වන්නේද දේශපාලනය තුළ කාන්තා නියෝජනය වැඩි කරගන්නේ කෙසේද යන්න පිලිබඳ විමසීමයි.මේ පිලිබඳ අදහස් දක්වන මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කරන්නේ බිම් මට්ටමේ සිට කාන්තාවන් දේශපාලනයේ නියැලීම සඳහා දේශපාලන පක්ෂ තුළද වැඩපිළිවෙලක් තිබිය යුතු බවයි.
[youtube height="300" width="560" align="left|right|none"]http://www.youtube.com/watch?v=S4_r8u8dl8E&feature=youtu.be[/youtube]
දේශපාලනය තුළ කාන්තා නියෝජනය ඉහළ දැමීම සඳහා ප්‍රථමයෙන් සමාජය තුළ සංවාදයක් ගොඩනැගිය යුතු බව මහින්ද දේශප්‍රිය මහතා පෙන්වා දෙයි.එමෙන්ම ලෝක දේශපාලනය තුළ කාන්තා භූමිකාවේ හැසිරීම පිලිබඳ මනා අවබෝධයක් ලබාගතයුතු බව දේශප්‍රිය මහතා අවධාරණය කරයි.ප්‍රතිපත්තිමය කාරණාවක් ලෙස සලකා මේ සඳහා මැදිහත් වියයුතු බවත් ඊට කාන්තාවන්ගේද සක්‍රීය දායකත්වය අත්‍යාවශ්‍ය බවත් හෙතෙම සඳහන් කරයි.
[youtube height="300" width="560" align="left|right|none"]http://www.youtube.com/watch?v=Xwt-vetUG7Y&feature=youtu.be[/youtube]
ආශිකා බ්‍රාහ්මණ
නිශාන්ත ප්‍රියදර්ශන
පෙර සටහන්
COMMENTS