දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

නීති සකස් කළ පමණින් කාන්තාවන් දේශපාලනයට එන්නේ නෑ

පසුගිය මහ මැතිවරණයේදී පාර්ලිමේන්තුවට නියෝජිතයන් වැඩි පිරිසක් පත් කිරීමට හැකියාවක් ලැබෙතැයි අපේක්ෂා කළත් පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජිත 13 ...

නීති සකස් කළ පමණින් කාන්තාවන් දේශපාලනයට එන්නේ නෑ

පසුගිය මහ මැතිවරණයේදී පාර්ලිමේන්තුවට නියෝජිතයන් වැඩි පිරිසක් පත් කිරීමට හැකියාවක් ලැබෙතැයි අපේක්ෂා කළත් පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජිත 13 දෙනාට අමතරව කිසිදු වැඩිවීමක් සිදුකිරීමට හැකියාවක් නොලැබුණු බව ද එම මහත්මිය සදහන් කළාය.

පීතෘ මූලික සමාජ ක්‍රමය අනුව කාන්තාවන් පෙරමුණ ගැනීමට යම් මැළිකමක් දක්වන නමුත් පුරුෂයන්ට වඩා ස්ත්‍රීන්ට දේශපාලනය තුළ වඩා හිතකර කාර්යයක් සිදුකළ හැකි යැයි සහාපතිනිය ප්‍රකාශ කළාය.

පේරාදෙණිය විශ්ව විද්‍යාලය මගින් පවත්වන ලද 'දේශපාලනයේදී ස්ත්‍රීන් බලගැන්වීමේ සහතික පත්‍ර පාඨමාලාව' සාර්ථකව නිමකළ වෘත්තීයවේදීන් සදහා සහතික පත්‍ර ප්‍රදානය කිරීම ඊයේ (18) විශ්ව විද්‍යාලයේ නියෝජ්‍ය උපකුලපති මහාචාර්ය ලක්ෂ්මන් විජේවීර මහතාගේ ප්‍රධානත්වයෙන් කෘෂිකර්ම පීඨ ශ්‍රවණාගාරයේදී සිදුවිය.

ආරාධිත දේශනය පැවැත්වූ ශ්‍රී ලංකා ජාතික කාන්තා කමිටුවේ සභාපති ස්වර්ණා සුමනසේකර මහත්මිය මෙසේ ද සදහන් කළාය.

'මෑතක් වන තුරු දේශපාලනය වෙනුවෙන් කාන්තා නියෝජනය සිදුවුණේ බෙහෙවින්ම ප්‍රාථමික ලෙසින්. දේශපාලඥයන් පිටුපස ගොස් ඔවුන් වෙනුවෙන් මනාප ඉල්ලා සිටීම, ඡන්ද දායකයන් සඳහා ආහාර සකස් කිරීම, කුඩා ජන හමුවලට සහභාගීවීම වැනි අවස්ථාවන් සඳහා කාන්තාවන් යොමුවුණා. නමුත් අප අපේක්ෂා කරන තත්ත්වය ඊට වඩා වෙනස්. දේශපාලනයේදි කාන්තා නියෝජනය තවදුරටත් බෙහෙවින්ම ඉහළ යා යුතුයි. කාන්තා නියෝජනය ඉහළ නැංවීමට හැකි පරිදි නිති සකස් වී තිබෙනවා. දැන් සිදුවිය යුත්තේ ඒ වෙනුවෙන් කාන්තාවන් ඉදිරිපත් වීමයි.'

'පුරුෂයන් මෙන්ම කාන්තාවන් ද දේශපාලනයට ඉදිරිපත්විමේදී මුලික නිර්නායක පිළිබදව දැනුවත් විය යුතුයි. අද ඇතැම් දේශපාලඥයන්ට අධ්‍යාපන සුදුසුකම් නැහැ. සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මිය, එස්.ඩබ්ලියු.ආර්.ඩී.බණ්ඩාරනායක මහතා ආදී පිරිස් සුදුසුකම් සපුර ගනිමින් ද දේශපාලනයට පැමිණියේ කියා ඔවුන් අපෙන් පෙරළා ප්‍රශ්න කරනවා. නමුත් ජනතාව වෙනුවෙන් පෙනී සිටිනවා නම් ජනතාවට පිළිගත හැකි අධ්‍යාපන මට්ටමක් සම්පූර්ණ කර ගත යුතුයි. අද බොහෝ දේශපාලඥයන් මැතිවරණ සමයේ හැසිරෙන්නේ මැත්පැන් ලබාදීම, ආහාර ලබාදීම හා මුදල් සම්පාදනය වැනි ප්‍රාථමික කරුණු සිදුකරමින් බව කවුරුත් දන්නවා. එවැනි ප්‍රතිපත්ති මෙම යුගයට උචිත වන්නේ නැහැ.'

වෘත්තීයමය පිළිගැනීම, අවංක බව, පෙර වැරදි නොමැතිකම වැනි මූලික නිර්නායක සම්පුර්ණ කර ගත හොත් නිවරැදි දේශපාලන ගමනකට අවතීර්ණය වීමේ හැකියාව ඇතැයි ශ්‍රී ලංකා ජාතික කාන්තා කමිටුවේ සභාපති ස්වර්ණා සුමනසේකර මහත්මිය වැඩිදුරටත් සදහන් කළාය.

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ දේශපාලනයේදී ස්ත්‍රීන් බලගැන්වීමේ සහතික පත්‍ර පාඨමාලා සම්බන්ධීකාරක මහාචාර්ය කමලා ලියනගේ මහත්මිය අදහස් දක්වමින්,

'විශේෂ සංවර්ධන ඉලක්ක මෙන්ම තිරසර සංවර්ධනය කරා ළගාවීමේදී කාන්තා නියෝජනය පිළිබදව අද අවධානය යොමු කරන්නේ නැහැ. මේ තත්ත්වය ශ්‍රී ලංකාවේ පමණක් නොව ජාත්‍යන්තරය තුළ ද දැකිය හැකි කණගාටුදායක තත්ත්වයක්.
පළාත් පාලන ආයතන ද ඇතුලුව දේශපාලනය සදහා කාන්තා දායකත්වය ඉහළ නැංවීමට හැකි පරිදි වර්ෂ 2012 දී පනතක් සම්මත කොට තිබෙනවා. සියයට විසිපහක කාන්තා නියෝජනයක් දේශපාලනයට අවතීර්ණය වීමේ හැකියාව තිබෙනවා. පේරාදෙණිය විශ්ව විද්‍යාලය මගින් මෙම පාඨමාලාව පවත්වනු ලැබුවේ දේශපාලනය තුළදී කාන්තාවන් ශක්තිමත් කිරීම සදහායි. නමුත් මුල් අවදියේදී මේ සදහා අපට ප්‍රමාණවත් අවස්ථාවක් ලැබුණේ නැහැ. නමුත් නව උපකුලපති මහාචාර්ය උපුල් දිසානායක මහතාගේ විශේෂ අවධානය යොමුවීම නිසා ප්‍රථමවරට මෙවැනි පාඨමාලාවක් පේරාදෙණිය විශ්ව විද්‍යාලය තුළදී පැවැත්වීමට හැකියාව ලැබුණා.'

නියෝජ්‍ය උපකුලපති මහාචාර්ය ලක්ෂ්මන් විජේවීර, කෘෂිකර්ම පීඨයේ පීඨාධිපති මහාචාර්ය ගාමිණී පුෂ්පකුමාර මහතා ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී විය.

නුවර නදීක දයා බණ්ඩාර

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29588,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: නීති සකස් කළ පමණින් කාන්තාවන් දේශපාලනයට එන්නේ නෑ
නීති සකස් කළ පමණින් කාන්තාවන් දේශපාලනයට එන්නේ නෑ
http://ift.tt/2kVbiVx
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/02/blog-post_226.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/02/blog-post_226.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy