දැනට තොරතුරු පනත සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන කොමිසමෙහි වැඩ කටයුතු ක්‍රියාත්මක වන්නේ ලෝක බැංකුවෙන් ලැබුණු ආධාරයක් යටතේය. වාර්තා වන අන්දමට ...
දැනට තොරතුරු පනත සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන කොමිසමෙහි වැඩ කටයුතු ක්‍රියාත්මක වන්නේ ලෝක බැංකුවෙන් ලැබුණු ආධාරයක් යටතේය.
වාර්තා වන අන්දමට දැනට ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල තොරතුරු ලබා දීමට පුහුණු නිලධාරීන් පත් කර ඇත. නමුත් පොලිසි වැනි ආයතන දැනට එවැනි පත්කිරීම් සිදුව නැති බව වාර්තා වේ. අදාළ ආයතනවල තොරතුරු නිලධාරියෙකු පත් කර නැත්නම් එවැනි අවස්ථාවල ආයතන ප්‍රධානියා තොරතුරු නිලධාරියා ලෙස කටයුතු කළ යුතු බව තොරතුරු පනත සඳහන් කරයි. කෙසේ වෙතත් පොදු ආයතනවල තොරතුරු නිලධාරීන් කෙසේ පත්කර ඇත්ද යන්න රජය විසින් ඉදිරියේදී දැනුම් දීමට කටයුතු කරන බව ආරංචි පවසයි.
දැනට තොරතුරු පනත ක්‍රියාත්මක වුවත් එය නිසි ලෙස ආයතන තුල ක්‍රියාත්මක වීමට ඉදිරි මාස 06 ගතවනු ඇති බව මතය වේ. ඒ අනුව අගෝස්තු 03 වෙනිදා සිට මෙය නිසි ලෙස ක්‍රියාත්මක වීමට කටයුතු කෙරේ. එතෙක් තොරතුරු ලබා ගැනීමේ දී නිලධාරී හිගය, දැනුම් සීමා ඇතුළු විවිධ බාධා නිසා කාර්යක්ෂමව තොරතුරු ලබා ගැනීමට යම් කිසි බාධා ඇති විය හැකි බවට සැක කෙරේ. කෙසේ වෙතත් පුරවැසියන්ට පොදු යහපත වෙනුවෙන් යම් තොරතුරක් ලබා ගැනීමට අවශ්‍ය නම් එය ඉල්ලා සිටීමේ අවස්ථාව පසුගිය පෙබරවාරි මස 03 වෙනිසා සිට අවකාශය සැලසී ඇත.
දැනට ලෝකයේ ක්‍රියාත්මක වන තොරතුරු නීති ගත්විට ලංකාව 9 වෙනි තැන ස්ථාන ගත වී තිබුනි. නමුත් වත්මන් වාර්තා අනුව ලංකාව මේ වන විට එම ස්ථානය තවත් වර්ධනය කරගෙන තිබේ. මෙහිදී පලමු ස්ථානයේ පසුවන්නේ මෙක්සිකෝවයි.
COMMENTS