අමතකද ඔයාට මංගල පෝරු නැති මල් බොකේ නැති මංගල්ලයක්.. මට නොතිබුණත් රත්තරන් හීන තිබුණේ පුංචිම බලාපොරොත්තුවක්.. මතකද ඔයාට උණුවෙන් උය...
අමතකද ඔයාට
මංගල පෝරු නැති
මල් බොකේ නැති
මංගල්ලයක්..
මට නොතිබුණත්
රත්තරන් හීන
තිබුණේ පුංචිම
බලාපොරොත්තුවක්..
මතකද ඔයාට
උණුවෙන් උයන
බත් කටක් කවන
අහිංසක හීනයක්..
හිස්වෙද්දි එදා බත් හැළිය
අත්තටු නොවැඩුණත්
නුඹ විසි වුණාලු
කූඩුවෙන්..
බැරි වුණත් එදා මට
අම්මා වෙන්න
දැන්වත් නුඹව රැකගන්න
හීනයක්..
නුඹව මගෙ පණ වගේ
රැක ගන්න හීනයක්..
ඒක ඇත්තටම අද මට නපුරු හීනයක්..
COMMENTS