දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

මොහොමඩ් අලිගේ පුතා ගුවන්තොටුපොළේ බොරුවට රඳවාගෙන

මොහොමඞ් අලිගේ මෙම පුත්‍රයාගේ නම ද මොහොමඞ් අලි වන අතර, මේ නිසා ඔහු ව හැඳින්වෙන්නේ කණිෂ්ඨ මොහොමඞ් අලි හෙවත් මොහොමඞ් අලි ජූනියර් යනුවෙනි. ඔහ...

මොහොමඩ් අලිගේ පුතා ගුවන්තොටුපොළේ බොරුවට රඳවාගෙන

මොහොමඞ් අලිගේ මෙම පුත්‍රයාගේ නම ද මොහොමඞ් අලි වන අතර, මේ නිසා ඔහු ව හැඳින්වෙන්නේ කණිෂ්ඨ මොහොමඞ් අලි හෙවත් මොහොමඞ් අලි ජූනියර් යනුවෙනි. ඔහු සිය මව වන ඛාලියා කමාකෝ අලි සමග ජැමෙයිකාවේ සිට පැමිණ ඇති අතර ඉන්පසු ෆ්ලොරිඩාවේ ෆෝට් ලොඩර්ඬේල් හොලිවුඞ් ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී එකිනෙකාගෙන් බලයෙන් වෙන් කර මෙසේ ප්‍රශ්නකිරීමට ලක්කර තිබේ.

මොහොමඞ් අලිගේ බිරිඳ වන ඛාලියා, ඈ සන්තකයේ තිබූ මොහොමඞ් අලි සහ තමන් සිටින ඡායාරූපයක් බලධාරීන්ට පෙන්වීමෙන් අනතුරුව නිදහස් කර තිබේ. නමුත් 44 හැවිරිදි පුත්‍රයා එසේ නිදහස් කර නැත්තේ, ඔහු තමන් මොහොමඞ් අලිගේ පුතා බවත්, ඉපදුණේ ඇමරිකාවේ බවත් නැවත නැවතත් කියා සිටින අතරවාරයේදී ය. ඒ අවස්ථාවේ ඔහු සතුව සිය පියා වන මොහොමඞ් අලි සමග සිටින ඡායාරූපයක් තිබුණේ නැත. එසේ තිබුණා නම් ඔහුව ද නිදහස් කරන්නට ඉඩ තිබිණි. එවිට මතුවන ප්‍රශ්නය, ට්‍රම්ප් පාලනය විසින් ඇමරිකාවේ ඇතිකරමින් යන මේ අශික්ෂිත පරිපාලන වෙනස්කම් නිසා, ඉදිරියේදී මොහොමඞ් අලිගේ පුත්‍රයා වැන්නවුන්ට යන යන තැන ඡායාරූප රැගෙන යාමට සිදුවේද යන්නයි. තවද එසේ ගෙන යාම අවශ්‍යද යන්නයි. අරාබි නමක් සහ සම්භවයක් තිබූ පමණින් කෙනෙක් මෙසේ වෙනස්කොට සැලකීම්වලට ලක්කිරීමට ට්‍රම්ප් පාලනයට ඇති අයිතිය කුමක්ද යන්නයි.

තුන්වතාවක් ලෝක හෙවිවේට් බොක්සිං ශූරතාවය දිනා ඇති මොහොමඞ් අලි, මානුෂීය කටයුතු සඳහා සිය නොමසුරු සහයෝගය ලබාදුන් අයෙක් ද වේ. වයස අවුරුදු 74දී, එනම් පසුගිය වසරේ ජූනි මාසයේදී ඔහු මිය ගියේ පාකින්සන් රෝගය සමග දීර්ඝ කාලයක් මුලුල්ලේ සටන් වැදීමෙන් අනතුරුව ය.

වාර්තාවල දැක්වෙන ආකාරයට මොහොමඞ් අලිගේ බිරිඳ සහ පුත්‍රයා මේ අවමන් සහගත සහ නීතිවිරෝධී සැලකිල්ලට ලක්වී තිබෙන්නේ පෙබරවාරි 07වැනිදා ය. ඇමරිකාවේ දැන් පවතින දේශපාලන වාතාවරණය මත ඔවුන් මුලින් මේ සිද්ධිය සම්බන්ධයෙන් අනුගමනය කර ඇත්තේ නිහඬ පිළිවෙතකි. නමුත් පසුව ඔවුන් මේ පිළිබඳ නීති උපදෙස් පතා ඇති අතර, මේ අනුව ඉදිරියේදී ඇමරිකානු ෆෙඩරල් අධිකරණයේ නඩුවක් පැවරීමට සූදානමින් සිටියි.

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29588,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මොහොමඩ් අලිගේ පුතා ගුවන්තොටුපොළේ බොරුවට රඳවාගෙන
මොහොමඩ් අලිගේ පුතා ගුවන්තොටුපොළේ බොරුවට රඳවාගෙන
http://ift.tt/2lKG0nh
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/02/blog-post_120.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/02/blog-post_120.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy