අමාත්‍යවරයාගේ පැනයෙන් උඩ විසිවී ඇති අදාල ආයතන ප්‍රධානියා, ඇමතිවරයා තමා සමග විහිලු කරනවාදැයි සැකහැර දැනගැනීමට මිනිත්තු කිහිපයක් ඔහු දෙස බල...
අමාත්‍යවරයාගේ පැනයෙන් උඩ විසිවී ඇති අදාල ආයතන ප්‍රධානියා, ඇමතිවරයා තමා සමග විහිලු කරනවාදැයි සැකහැර දැනගැනීමට මිනිත්තු කිහිපයක් ඔහු දෙස බලාගෙන සිට ඇත. නමුත් පසුව එම නිළධාරියාට පසක් වී ඇත්තේ ඇමතිවරයා නොදන්නාකම නිසාම තමන්ගෙන් එම ප්‍රශ්නය විමසා ඇති බවයි.
කැබිනට් තීරණ දැනුම්දීම සම්ප්‍රදායික වශයෙන් සිදුකරන්නේ ජනමාධ්‍ය අමාත්‍යවරයා වුවත් ගයන්ත ඇමතිවරයා එම කාර්යභාරය සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්නට පවරා ඇඟ බේරා ගනිමින් සිටී. පසුගිය මස සෞඛ්‍ය අමාත්‍යවරයා ඇමරිකාවේ සංචාරයක් නිරත වූ අවස්ථාවේදී මාධ්‍යවේදීන් එම සතියේ කැබිනට් තීරණ දැනුම්දීම පවත්වන්නේ නැද්දැයි ගයන්තගෙන් විමසූ අවස්ථාවේදී ඔහු පවසා ඇත්තේ 'රාජිත ඇමතිතුමා ඇමරිකාවේ ගිහින්. කැබිනට් බ්‍රීෆින් එක එතුමා ආපුහාම ගමු' කියාය. එවිට මාධ්‍යවේදීන් ඔහුගෙන් විමසා ඇත්තේ ජනමාධ්‍ය ඇමතිවරයා වශයෙන් කැබිනට් තීරණ දැනුම්දීම ඔහුට අයත් කාර්යයක් නොවේදැයි යනුවෙනි. ඊට මදක් පැකිලී ඇති ගයන්ත ඇමතිවරයා පවසා ඇත්තේ කැබිනට් තීරණ අවශ්‍ය නම් ෆැක්ස් මගින් සියලුම මාධ්‍ය ආයතන වෙත ෆැක්ස් කළහැකි බවයි.
ජනමාධ්‍ය ඇමතිවරයා තම විෂයපථය සම්බන්ධයෙන් දක්වන මෙම නොහැකියාව ජනාධිපතිවරයාගේ හා අගමැතිවරයාගේ අවධානයට මේ වනවිට ලක්වෙමින් පවතී.
COMMENTS