දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

තාජුදීන් ඝාතනයට ශිරන්ති FCID යට.

රගර් ක්‍රීඩක වසීම් තාජුදීන් ඝාතනයට ලක් වූ දා රාත්‍රියේ, හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂගේ හැසිරීම, මේ වන විට ඝාතනය පිළිබඳ පරීක්ෂණ පවත්...


රගර් ක්‍රීඩක වසීම් තාජුදීන් ඝාතනයට ලක් වූ දා රාත්‍රියේ, හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂගේ හැසිරීම, මේ වන විට ඝාතනය පිළිබඳ පරීක්ෂණ පවත්වන රහස් පොලිස් කණ්ඩායමේ ප්‍රබල සැකයට භාජනය වෙමින් පවතින බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය. 

මෙම පරීක්ෂණ කණ්ඩායම විසින් අරලියගහ මන්දිරයේ දුරකථන අංක පිළිබඳව වාර්තා මාස කිහිපයක සිට විමර්ශනය සඳහා ඉල්ලා ඇතිමුත්, හිටපු ජනාධිපතිගේ මෙන්ම වත්මන් ජනාධිපතිවරයාගේ ආරක්ෂාව භාරව සිටින ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වික්‍රමසිංහ මහතාගේ මැදිහත්වීම නිසා එම දුරකථන අංක පිළිබඳ විස්තර ලබා දීම හිතාමතාම ප්‍රමාද කොට තිබුණ බව ඒ මහතා පවසයි.

එහෙත් පසුගිය දා වික්‍රමසිංහ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ මෙම  බාධා කිරීම් පිළිබඳව රහස් පොලීසිය විසින් අධිකරණය දැනුවත් කිරීමෙන් අනතුරුව එකී තොරතුරු වහා ලබා දෙන ලෙස මහෙස්ත්‍රාත්වරයා ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානියා වෙත නියෝග කර තිබේ.  එකී තොරතුරු ලැබීමෙන් අනතුරුව දුරකථන අංක පරීක්ෂා කර බැලීමේ දී විමර්ශන කණ්ඩායමට පෙනී ගොස් ඇත්තේ ඝාතනය සිදු වූ දා රාත්‍රියේ අරලියගහ මන්දිරයේ එක් දුරකථනයකින් ඇමතුම් 41 ක් බැහැරට ගොස් ඇති බවයි. වැඩිදුරටත් විමර්ශනය කිරීමේ දී අදාළ දුරකථනය හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය පෞද්ගලිකව පාවිච්චි කළ දුරකථනය බව තහවුරු වී ඇත. මෙම දුරකථන ඇමතුම්වලින් වැඩි ප්‍රමාණයක් එවක නාරාහේන්පිට පොලිස් ස්ථානාධිපතිවරයාගේ ජංගම දුරකථනයටත් එවක ගල්කිස්ස මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාගේ ජංගම දුරකථනයටත් මධ්‍යම රාත්‍රිය ඉක්වමා යනතෙක් ලබා දී තිබීම රහස් පොලීසියේ විශේෂ අවධානයට ලක්ව තිබේ.

මේ පිළිබඳව පැහැදිලි කරගැනීම සඳහා නුදුරේදීම හිටපු ජනාධිපති ආර්යාව රහස් පොලීසිය වෙත කැඳවීමට නියමිත වේ.  මීට පෙර අවස්ථාවක හිටපු ජනාධිපති ආර්යාව රහස් පොලීසිය මඟින් අත්අඩංගුවට ගැනීමට සූදානම් වූ අවස්ථාවේ දී වත්මන් ජනාධිපතිවරයා විසින් ඒ වළක්වනු ලැබූ අතර ඇයගෙන් කටඋත්තර ලබා ගැනීම සඳහා රහස් පොලීසියට ඇයගේ නිවසට යාමට සිදු විය.

(Sathhanda)

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29599,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: තාජුදීන් ඝාතනයට ශිරන්ති FCID යට.
තාජුදීන් ඝාතනයට ශිරන්ති FCID යට.
http://ift.tt/2jz6Opl
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/01/fcid_28.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/01/fcid_28.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy