දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
සරත් ගුණරත්න බාර වූයේ කාදිනල් තුමාගේ උපදෙස් මතද?
Homeවිශේෂ පුවත්

සරත් ගුණරත්න බාර වූයේ කාදිනල් තුමාගේ උපදෙස් මතද?

PropellerAds

සරත් ගුණරත්නට ඇත්තේ චෝදනා එකක් දෙකක් නොවේ. මිනී මැරුම් චෝදනාවක් ඇතුළු චෝදනා රැසකි. මෙසේ චෝදනා ලද්දෙකු වුවත් ඔහු දේශපාලනඥයකු නිසා ඔහුව බේර...

කරන්නාගොඩගේ පෙත්සම් විභාගයෙන් විනිසුරු ඉවත් වෙයි !
රන්ජන්ගේ කොකේන් කතාවට අජිත් පිළිතුරු දෙයි
සනත්ට වසර 2ක තහනමක් !
සරත් ගුණරත්න බාර වූයේ කාදිනල් තුමාගේ උපදෙස් මතද?

සරත් ගුණරත්නට ඇත්තේ චෝදනා එකක් දෙකක් නොවේ. මිනී මැරුම් චෝදනාවක් ඇතුළු චෝදනා රැසකි. මෙසේ චෝදනා ලද්දෙකු වුවත් ඔහු දේශපාලනඥයකු නිසා ඔහුව බේරන්නට දුරකථන ඇමතුම් බොහෝ ප්‍රමාණයක් පොලිසිය වෙත ලැබිණි. එසේම ඔහු නත්තල් කාලසීමාවේ සැඟ වී සිටියේ ද එක්තරා ප්‍රභල ඇමති වරයෙකුගේ ම නිවසේ බව අප මීට කලින් වාර්තා කළත් අදාල ඇමතිවරයා අප අමතා පවසා සිටියේ, තමන්ගේ දරුණු ප්‍රතිවාදියා වන සරත් ගුණරත්න සඟවා ගැනීමට තරම් තමන්ට මොලේ  අමාරුවක් නැති බවයි.   

වාර්තාවන අන්දමට මේ සියල්ල අතුරින් සරත් ගුණරත්නගේ ගැලජවිජ්ජාවට පැමිණ ඇත්තේ  අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන්ය. උන් වහන්සේ විවිධ දේශපාලඥයන් අමතමින් දේශපාලනය කරන බෞද්ධ භික්ෂූන් වහන්සේලාට  නොදෙවෙනි ආකාරයට ක්‍රියා කිරීම යුක්තියේ සාධාරණත්වය අගයන කතෝලික බැතිමතුන්ගේ පිළිකුලට භාජනය වෙමින් පවතී.  මෙවැනි තත්වයන් බෞද්ධ භික්ෂූන් වහන්සේලා අතර සුළභ දේවල් වුවද කතෝලික පූජකයන් අතර විරළ දෙයකි. සැබෙවින්ම මෙය නරක පූර්වාදර්ශ සැපයීමකි. අති උතුම් කාදිනල් තුමා හා රාජපක්ෂවරු අතර පැවති සමීප සම්බන්ධතාවය හේතුවෙන් මෙවන් දෑ උන් වහන්සේට හුරු වී දැයි පැනයක් නගී.

කතෝලික ආගමේ ඉහළම තනතුර වන 'පාප්' වහන්සේ තෝරාගැනීමට පවා වරම් ලබන්නේ වයස අවුරුදු 80 ට අඩු කාදිනල් වරුන්ය. ඒ අතුරිනුත් ගත් කළ අති උතුම් මැල්කම් රංජිත් පියතුමාගේ අඩු වයස සහ ශීලවන්ත ස්වභාවය මත එතුමාට ද උතුම් පාප් ධුරය දැරීමට හැකිවනු ඇතැයි ආරංචි පවා පැතිර ගියේය. දැනට ශ්‍රී ලාංකිකයෙකුට දැරිය හැකි වූ විශාලතම ධූරය හොබවන්නේ අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් තුමාය. ලොව පුරා සිටින කාදිනල්වරු 50 දෙනා අතුරින් එක් අයෙකු වීම මැල්කම් රංජිත් පියතුමාටත්, ශ්‍රී ලංකාවේ කතෝලික ප්‍රජාවටත් පොදුවේ සකළ ලෝකවාසී ශ්‍රී ලාංකිකයන්ටත් අතිශය සාඩම්බර කරුණකි.

එහෙත් අවසාන වශයෙන් අපට අති උතුම් කාදිනල්වරයාගෙන් නමස්කාර පූර්වකව ඉල්ලා සිටින්නට වන්නේ දේශපාලඥයින්ට හා පොලිසියට ඔවුන්ගේ රාජකාරි කිරීමට ඉඩ හැර සැබෑ කතෝලික ප්‍රජාවගේ සුභ සාධනය වෙනුවෙන් ස්වකීය කාර්ය භාරය නොපිරිහෙලා ඉටු කරන ලෙසයි.

මේ වන විට රහස් පොලිස් අත්අඩංගුවේ සිටින සරත් ගුණරත්නට බොහෝ විට ඇප ලැබෙනු ඇතැයි රහස් පොලිස් ආරංචි මාර්ග සඳහන් කර සිටී. මන්ද යත් ඔහුට ඇප ලබා ගැනීමේ වගකීම මේවන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉහලම පුද්ගලයන් භාර ගෙන ඇති බැවිනි.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29581,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: සරත් ගුණරත්න බාර වූයේ කාදිනල් තුමාගේ උපදෙස් මතද?
සරත් ගුණරත්න බාර වූයේ කාදිනල් තුමාගේ උපදෙස් මතද?
http://ift.tt/2iYvet9
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/01/blog-post_82.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/01/blog-post_82.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy