විමල් වීරවංශ අත්අඩංගුවට ගැනීමත් සමග එම චෝදනාව සම්බන්ධයෙන් එවකට විමල්ගේ නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ලසන්ත අලගියවන්න මහතා සහ එවකට රා...
විමල් වීරවංශ අත්අඩංගුවට ගැනීමත් සමග එම චෝදනාව සම්බන්ධයෙන් එවකට විමල්ගේ නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ලසන්ත අලගියවන්න මහතා සහ එවකට රාජ්‍ය ඉජිනේරු සංස්ථාවේ සභාපතිවරයා ලෙස කටයුතු කළ ආශු මාරසිංහ ද අත්අඩංගුවට ගතයුතු බවට සමාජය තුළ කතාබහට ලක්විය.
මේ නිසා මොවුන් දෙදෙනා අත්අඩංගුවට නොගතහොත් රජයට දැඩි අපවාදයක් එල්ලවිය හැකි හෙයින් ආශු මාරසිංහ ද අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතී.
තමන් හමුවන ලෙස ජනාධිපතිවරයා ආශු මාරසිංහට දන්වා ඇති අතර ඔහු අතුරුදන් වී ඇත්තේ එම පණිවිඩය ලැබීමත් සමගයි. ඔහු මේ වනවිට දුරකතන පවා ක්‍රියා විරහිත කොට සැඟවී සිටී.
මේ අතර ආශු මාරසිංහ අත්අඩංගුවට ගෙන වීරවංශට එරෙහිව නඩුව නැවත විභාගයට ගන්නා අවස්ථාවේ ඔහුවද අධිකරණයට ඉදිරිපත් කිරීමට රජය සූදානම් වේ.
COMMENTS