දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

සීයට අසූවක් ෂෙඩ්වල තෙලූත් එක්ක හුළං වදී !

මෙම ජාවාරම නිසා ඉන්ධන පාරිභෝගිකයා ගෙවන ලද මුදලට සරිලන ඉන්ධන ප‍්‍රමාණයක් නොලැබෙන නමුත් ඉන්ධන පොම්පයේ මෙනුවේ නියමිත ලීටර් ප‍්‍රමාණය නිකුත් ...

සීයට අසූවක් ෂෙඩ්වල තෙලූත් එක්ක හුළං වදී !
මෙම ජාවාරම නිසා ඉන්ධන පාරිභෝගිකයා ගෙවන ලද මුදලට සරිලන ඉන්ධන ප‍්‍රමාණයක් නොලැබෙන නමුත් ඉන්ධන පොම්පයේ මෙනුවේ නියමිත ලීටර් ප‍්‍රමාණය නිකුත් කළ බව දැක්වීම නිසා වසර ගණනාවක් මුළුල්ලේ ඉන්ධන පාරිභෝගිකයා මෙම වංචාවට ගොදුරුව ඇත.
 
මේ වන විටත් 1995 අංක 35 දරන මිනුම් ඒකක ප‍්‍රමිති සහ සේවා පනතේ විධි විධාන පවා උල්ලංඝනය කරමින් ඛනිජ තෙල් සංස්ථාවේ අලෙවි අංශයේ  පිරිසක් මැදිහත්ව සිය ප‍්‍රාදේශීය කළමනාකරුවන් දැනුවත් කරමින් අදාළ චීනයේ නිෂ්පාදිත ප‍්‍රමිතියෙන් තොර ඉන්ධන පොම්ප පිරවුම්හල් වෙත නිකුත් කිරීමට දුරකථන මාර්ගයෙන් දැනුම් දෙමින් ඒවා ප‍්‍රචලිත කිරීමේ කටයුත්තක නිරතව සිටියි. ඒ හේතුවෙන් පාරිභෝගිකයන් පමණක් නොව  ප‍්‍රමිතියෙන් යුත් ඉන්ධන පොම්ප සැපයුම්කරුවන් ද බලවත් දුෂ්කරතාවකට පත්ව ඇති බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.
 
මෙසේ ප‍්‍රමිතියෙන් තොර ඉන්ධන පොම්ප තවදුරටත් භාවිතයට ගැනීම සඳහා නිලධාරීන් ගන්නා උත්සාහය සම්බන්ධව වගකිවයුතු පාර්ශ්ව දැනුවත් කිරීමට සැපයුම්කාර පාර්ශ්ව කටයුතු කර ඇති නමුත් තවමත් ඒ වෙනුවෙන් නිසි ක‍්‍රියාමාර්ගයක් ගෙන නොමැති බව ද වාර්තා වෙයි.
 
අප වෙත වාර්තා වන වැඩිදුර තොරතුරුවලට අනුව ඉන්ධන සැපයුම්හල් මෙරට සිය සේවා නිකුත් කරන සමයේ පටන් ඒ සඳහා යොදා ගැනීමට නිර්දේශ කර ඇත්තේ OIML නම් ජාත්‍යන්තර ප‍්‍රමිතියෙන් යුතු පොම්පය. ඒ අනුව මෙරට ආරම්භයේ පටන්ම එක්සත් රාජධානියේ නිෂ්පාදිත OIML ප‍්‍රමිතියෙන් යුතු පොම්ප සිය සේවා සැපයීම වෙනුවෙන් යොදාගෙන ඇත.
 
රාජ්‍ය අංශය යටතේ පවතින ඉන්ධන සැපයුම්හල් පවත්වාගෙන යාමේ අවසරය පෞද්ගලික අංශයට ද විවෘත කරමින් ඉන්දීය තෙල් සමාගමට  (IOC) ලබා දුන් අවස්ථාවේ ඔවුන් ද මෙරට සිය සැපයුම් මධ්‍යස්ථාන වෙත නිකුත් කර ඇත්තේ OIML ප‍්‍රමිතියෙන් යුතු එක්සත් රාජධානියේ නිෂ්පාදිත  Tokheim නම් ඉන්ධන පොම්පය.
 
නමුත් මේ තත්ත්වය වෙනස් වීමට ගෙන තිබෙන්නේ 2005 වසරේ ඛනිජ තෙල් සංස්ථාව විසින් චීනයේ නිෂ්පාදිත Censtar නම් පොම්ප 3000ක් ආනයනය කිරීමත් සමඟය.
 
එම පොම්ප භාවිතයට එක්කර වසරක් දෙකක් ගෙවීයන විට එහි දෝෂ මතුව ඇති අතර එහි වූ මූලික දෝෂය ලෙස හඳුනා ගැනෙන්නේ දර්ශකයේ  සඳහන් තෙල් ප‍්‍රමාණය පොම්පය හරහා නිකුත් නොවීමය. එසේම නිතර නඩත්තු කටයුතු කිරීමට සිදු වීමත් Censtar පොම්පය සම්බන්ධව ලැබුණු පැමිණිලි අතර විය.
 
ඒ හේතුවෙන් 2007 - 2010 කාලය තුළ වෙනත් ඉන්ධන පොම්පයක් ආනයනය කිරීමට තෙල් සංස්ථාව කටයුතු කරන අතර එය ද චීනයේම නිෂ්පාදිත Sanki නම් පොම්පයකි. 4000 - 5000 අතර ප‍්‍රමාණයකින් යුතු වූ එම පොම්ප තොගය සඳහා ද  OIML ප‍්‍රමිති සහතිකය තිබී නැති අතර Censtar පොම්පය සම්බන්ධව ලැබුණු පැමිණිලි මෙම පොම්පය වෙත ද ලැබෙන්නට ගෙන ඇත. එසේම 2007 - 2008 කාලවකවානුව තුළ තෙල් සංස්ථාව තම කොළොන්නාව වැඩබිම තුළ වත්තල සහ මරදාන යන ප‍්‍රදේශවලින් සපයාගත් පැරණි පොම්ප කොටස් එකලස් කර තවත් පොම්ප 100ක් පමණ දිවයින පුරා බෙදාහැර ඇති බව ද දැනගන්නට ඇති අතර ඒවා ද නිසි ප‍්‍රමිතියෙන් තිබී නැත.
 
මේ ගැන පැහැදිලිව හෙළිදරව් වීමක් සිදු වන්නේ හැරී ජයවර්ධන තෙල් සංස්ථාවේ සභාපතිවරයා වශයෙන් පත්වීම් ලැබීමෙන් අනතුරුවය. එහි දී සිදු කරන විමර්ශන කටයුතු හරහා තවදුරටත් එම පොම්ප ආනයනය කිරීම වළක්වන්නට කටයුතු යෙදෙයි. එසේම 2012 වසරේ ඉන්ධන පොම්ප සම්බන්ධ ගැටලූව සඳහා ස්ථීර විසඳුමක් වෙනුවෙන් අමාත්‍ය මණ්ඩල නියෝගයක් ද නිකුත් කර ඇත.
 
ඒ අනුව තෙල් සංස්ථාවේ ප‍්‍රධාන පිරිපහදු ඉංජිනේරුවරයාගේ මූලිකත්වයෙන් තාක්ෂණික කමිටුවක් හරහා අදාළ පොම්ප සම්බන්ධව විධිමත් ඇගයීමක් සිදු කර ඇති අතර ඊට අනුව ගැටලූව විසඳීම වෙනුවෙන් නිර්දේශ ද ඉදිරිපත් කර ඇත. ඒ වෙනුවෙන් කොළොන්නාව වැඩබිමේ පොම්ප සවිකර පැය 100ක් ක‍්‍රියා කිරීමට සලස්සවා එහි ක‍්‍රියාකාරීත්වය අගයා ඇති අතර එයින් සාර්ථක වූ පොම්ප, ඉන්ධනහල්වල සවිකර ඉන්ධන ලීටර් 100,000ක් නිකුත් කරමින් ද පරීක්ෂාවන් සිදු කර ඇත. එහි දී වැඩිදුරටත් ලීටර් 20,000 න් 20,000 ට ප‍්‍රමාණ ශෝධන ඇගයීමක් ද සිදු කර ඇති අතර එහි දී ධන හෝ ඍණ 0.25 පරාසයක් තුළ ක‍්‍රියාකාරීත්වය තහවුරු කරන පොම්ප වර්ග 56ක් භාවිතය සඳහා සුදුසු බවට නම් කර ඇත.
 
සාමාන්‍යයෙන් 1995 අංක 35 දරන මිනුම් ඒකක ප‍්‍රමිති සහ සේවා පනතේ විධි විධානවලට අනුව කිසියම් මිනුම් උපකරණයක් සවි කිරීමේ දී ඒ සඳහා මාදිලි අනුමැතියක් තිබිය යුතුය. නමුත් තෙල් සංස්ථාව මෙම කටයුත්තේ දී එය සිදු කිරීම පැහැර හැර ඇත. ගැටලූව වන්නේ මෙවැනි නිර්දේශ පවතින අතර 2016 වසරේ ද එම කමිටු නිර්දේශ නොසලකා බලධාරීන් වෙත අවශ්‍ය දැනුම්දීම් පවා සිදු නොකර තවත් ප‍්‍රමිතියෙන් තොර පොම්ප 500ක් ඇණවුම් කිරීමය. එසේම අඛණ්ඩව මෙම කටයුත්ත ඉදිරියට ගෙන යාමට තවමත් නිලධාරීන් උත්සාහ ගැනීමය. මේ වන විටත් දිවයින පුරා 80%කට ආසන්න ඉන්ධන සැපයුම්හල්වල මෙම පොම්ප ඇති බවට ද දැනගන්නට ඇත. මෙසේ ප‍්‍රමිතියෙන් තොර පොම්ප හේතුවෙන්  වැඩි වාසියක් අත්වන්නේ ඉන්ධනහල් හිමියන්ට සහ මේ ජාවාරමේ නියුතු සීමිත පිරිසට පමණක් වන බව අමුතුවෙන් කිවයුතු නැති අතර එවැන්නකට තවදුරටත් ඉඩදීම 2003 අංක 9 දරන පාරිභෝගික කටයුතු අධිකාරි පනත උල්ලංඝනය කිරීමක් ද වෙයි.
 
සංජය ලියනගේ

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29567,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: සීයට අසූවක් ෂෙඩ්වල තෙලූත් එක්ක හුළං වදී !
සීයට අසූවක් ෂෙඩ්වල තෙලූත් එක්ක හුළං වදී !
http://ift.tt/2hJOVoC
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/01/blog-post_55.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/01/blog-post_55.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy