දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

පුරවැසි නිවේදනයයි

ඊළඟට, අපේ පාලන ක්‍රමය තුළ පැවති අධිකාරීවාදී ප්‍රවණතා ආපස්සට හරවමින් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමට නව ආණ්ඩුව සමත් විය. ඒ යටතේ, ජනාධිපත...

පුරවැසි නිවේදනයයි

ඊළඟට, අපේ පාලන ක්‍රමය තුළ පැවති අධිකාරීවාදී ප්‍රවණතා ආපස්සට හරවමින් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමට නව ආණ්ඩුව සමත් විය. ඒ යටතේ, ජනාධිපතිවරයා සතු ඇතැම් අත්තනෝමතික බලතල කප්පාදු කෙරුණු අතර, රාජ්‍ය සේවය එතෙක් දූෂ්‍ය කෙරෙමින් පැවති දේශපාලනීකරණයෙන් එය මුදවා ගැනීමේ මූලික පදනමක් වශයෙන්, ව්‍යවස්ථා සභාවක් ඇතුළු ස්වාධීන කොමිෂන් සභා පද්ධතියක් පිහිටුවා ගැනුණි. ඊට අමතරව, රාජපක්ෂ පාලන කාලය තුළ නැවත නැවතත් ප්‍රතික්ෂේප වූ ‘තොරතුරු දැන ගැනීමේ අයිතිය’ ලබා ගැනීමටත්, කාලයක් තිස්සේ රටට අවශ්‍ය කොට තිබූ ජාතික ඖෂධ ප්‍රතිපත්තියක් ඇති කර ගැනීමටත් අපට හැකිව තිබේ. ඒ සියල්ලටම ඉහළින්, නීතියේ ආධිපත්‍යය සහ අධිකරණයේ ස්වාධීනත්වය යම් තාක් ස්ථාපිත කිරීම සඳහාත් පියවර ගෙන තිබීම අගේ කටයුතු ය.

මේ අතර, රටක් වශයෙන් ලෝකයා සමග අපේ සබඳතා පලුදු වී තිබුණු තත්වයක, අලුත් අවබෝධයකට එමින් වඩාත් හිතවාදී ජාත්‍යන්තර වටපිටාවක් ගොඩනගා ගැනීමට යහපාලන ආණ්ඩුව කටයුතු කොට තිබේ. එහි ප්‍රතිඵලයක් වශයෙන්, එතෙක් තහනමට ලක්ව තිබූ යුරෝපා වෙළඳපොළ අපේ ධීවර නිෂ්පාදන සඳහා යළි විවර කර ගැනීමට හැකිව තිබෙන අතර, අද වන විට ජී.එස්.පී. ප්ලස් සහනයත් ලංකාවට ලැබී තිබේ.  

ඒ සියල්ලට අමතරව, අලුත් මැතිවරණ ක්‍රමයකට යාම සඳහාත්, අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කර ගැනීම සහ ජාතික සංහිඳියාව සඳහාත් ආණ්ඩුව ගෙන ඇති ආරම්භක ක්‍රියාමාර්ග ගණනාවකි. පළාත් පාලන මැතිවරණ කොට්ටාශ ක්‍රමයේ පැවති විෂමතා නිවැරදි කිරීමේ මාර්ග සොයා බැලීම සඳහා පත්කළ සීමා නිර්ණය කමිටුවේ වාර්තාව මේ වන විට ආණ්ඩුවට භාර දී ඇත. එසේම, නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සඳහා වන මහජන යෝජනා සොයා බැලීම සඳහා පත්කළ මහජන විමර්ශන කමිටුවේ වාර්තාවද, ඊටත් අමතරව, සංහිඳියා යාන්ත්‍රණ සඳහා වන මහජන අදහස් සොයා බැලීම සඳහා පත්කළ සංහිඳියා යාන්ත්‍රණ සඳහා වන ප්‍රවිචාරණ කාර්ය සාධක බලකායේ කමිටු වාර්තාවද මේ වන විට ආණ්ඩුවට භාර දී ඇත.

මේ සියල්ල, පරිපූර්ණ නැතත්, නිවැරදි දිසාවක් කෙරෙහි නව ආණ්ඩුව තැබූ සාධනීය පියවර වශයෙන් හඳුනාගත හැකිය. ඒ කිසිවක්, රාජපක්ෂ ආණ්ඩුවක් යටතේ කිසි දවසක මේ රටේ ජනතාවට හීනෙන්වත් අපේක්ෂා කළ හැකිව තිබූ දේවල් නොවේ.  

එහෙත් ගත වූ වසර දෙකක කාලය තුළ යහපාලන ආණ්ඩුවට ඉටු කළ හැකිව තිබූ මුත්, ඉටු නොකළ තවත් මූලික ප්‍රතිඥා ගණනාවක්ද වෙයි. ප්‍රජාතන්ත්‍රවාදී රටක සැබෑ යහපාලනය සඳහා අත්‍යාවශ්‍ය සාධකයක් වන විගණන පනත ඉන් ප්‍රධාන තැනක් ගනී. දෑවුරුද්දක් වැනි දීර්ඝ කාලයක් තිස්සේ මේ විගණන පනත ගෙන ඒම යහපාලන ආණ්ඩුව විසින් විවිධ අවසරයන් යටතේ පමා කරනු ලැබීම මේ රටේ ප්‍රගතිශීලී ජනතාව කිසි සේත් අනුමත නොකරති. ඊළඟට, ‘ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත’ වැනි මර්දනකාරී නීතියක් අවසන් කර ගැනීමට තවම ආණ්ඩුව අපොහොසත්ව සිටී. එසේම, පළාත් පාලන ඡන්දය විවිධ දේශපාලනික උවමනා එපාකම් මත කල් දැමීමත් ප්‍රජාතන්ත්‍රීය කල්ක්‍රියාවක් නොවේ.

2015 ජනවාරි 8 වැනි දා රාජපක්ෂ තන්ත්‍රය පෙරලා දමා යහපාලන ආණ්ඩුවක් පත්කර ගැනීම වෙනුවෙන් වර්තමාන පාලකයන් එදා ජනතාව ඉදිරියේ තැබූ ප්‍රධාන පොරොන්දු දෙකක් තිබේ:

එකක් වන්නේ, එතෙක් මහජන මුදල් සහ සම්පත් වංචා කළ දූෂිතයන් සහ විවිධ අපරාධවලට වගකිවයුත්තන් නොපමාව නීතිය ඉදිරියට පමුණුවා දඬුවම් කරන බවයි. එවැනි කිසිවෙකු සම්බන්ධයෙන් දියත් වන විමර්ශන සහ අධිකරණ ක්‍රියාවලියක්, පිළිගත හැකි මට්ටමක ජවයකින් අවසානයක් කරා ගෙන ඒමට, වසර දෙකක් ගතව ඇති අද වන විටත් යහපාලන ආණ්ඩුව අසමත්ව තිබේ. එය, යහපාලන පාලකයන් තුළ පවතින දෙබිඩි පිළිවෙතක පැහැදිළි ප්‍රතිවිපාකයක් බවට හැඟීමක් ජනතාව අතර තිබේ.

දෙවැන්න වන්නේ, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කොට, ජාතික ප්‍රශ්නයට දේශපාලනික විසඳුමක් වශයෙන් සැබෑ ලෙස බලය බෙදා හැරෙන පාර්ලිමේන්තුවාදී නව ආණ්ඩු ක්‍රමයක් ඇති කර ගන්නා බවට දෙන ලද ප්‍රතිඥාවයි. ඊට අවශ්‍ය කරන මහජන අදහස් උදහස් සහ යෝජනා ඉදිරිපත් කොට ඇතත්, ඒ සඳහා වන පාර්ලිමේන්තු මෙහෙයුම් කමිටුවක් හා විවිධ විෂයයන් අරභයා පාර්ලිමේන්තු අනුකමිටු හයක් පත්කොට ඒ අනුකමිටු හයේ වාර්තා ලබාගෙන ඇතත්, ආණ්ඩුවේ ඇතැම් කොටස් එම ව්‍යායාමය දුර්වල කොට අකර්මණ්‍ය කිරීමට වෙහෙසෙන බවක් පෙනෙන්ට තිබේ. 2015 ජනවරම ලැබුණේ, ජනමත විචාරණයකින් තොරව, පවතින ව්‍යවස්ථාවට තවදුරටත් පැලැස්තර ඇලවීමට නොවන බව මෙහිදී අප ආණ්ඩුවට මතක් කර දිය යුතුය.

එසේ හෙයින්, දණ්ඩමුක්තිය අවසන් කරන බවට දෙන යහපාලනික සහතිකයක් වශයෙන්, පැවති තන්ත්‍රයේ අනුග්‍රහය යටතේ වැජඹුණු දූෂිතයන් සහ අපරාධකරුවන්ව, හොරට නොව, හැබෑවටම නීතිය ඉදිරියට පැමිණවීම තවදුරටත් කල් නොදැමිය යුතු බව අපි තරයේ කියා සිටිමු. එසේම, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ ප්‍රතිඥාව අකුරටම පිළිපැදීමේ දේශපාලනික සහ සදාචාරමය වගකීමක්, විශේෂයෙන් ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාටත්, පොදුවේ යහපාලන ආණ්ඩුවටත් ඇති බව මතක් කර දීමට කැමැත්තෙමු.   

රටේ ආර්ථික සංවර්ධනය පිළිබඳ නව රජයෙන් යෝජිත උත්කෘෂ්ට අපේක්ෂා සාක්ෂාත් කරගත හැක්කේ, යහපාලන ආණ්ඩුව කෙරෙහි එදා ජනතාව තැබූ විශ්වාසය රැකගතහොත් පමණි. දූෂිතයන්ව සහ අපරාධකරුවන්ව, තරාතිරම නොබලා නීතිය ඉදිරියට පැමිණවීමේ ප්‍රතිඥාවට පිටුපාමින් සහ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ ප්‍රතිඥාවට අවංක නොවී, ඒ ජනතා විශ්වාසය රැකගත නොහැකි බව හිතට ගැනීම, යහපාලන ආණ්ඩුවේ අනාගතයට අතිශයින් වැඩදායක වන බව අපේ විශ්වාසයයි.

මේ නිසා 2015 ජන වරමට අනුගත දේශපාලනික ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රය නොපමාව ක්‍රියාවේ යොදවන ලෙසත්, යහපාලන ආණ්ඩුවේ සාමූහික වගකීම උල්ලංඝණය කරන මැති ඇමතිවරුන්ව විනයගත කොට, 2015 වෙනසට දායක වූ සියලු බලවේගවල අපේක්ෂා සාධනය සඳහා නොපමාව පියවර ගන්නා ලෙසත් පහත නම් සඳහන් අපි රජයෙන් ඉල්ලා සිටිමු.

මහාචාර්ය සාවිත්‍රී ගුණසේකර
මහාචාර්ය සරත් විජේසූරිය
කේ. ඩබ්. ජනරංජන
ගාමිණී වියන්ගොඩ
සමන් රත්නප්‍රිය
ධර්මසිරි බණ්ඩාරනායක
ආචාර්ය ධර්මසේන පතිරාජ
ආචාර්ය ජයන්ත ධනපාල
මහාචාර්ය ජයදේව උයන්ගොඩ
මහාචාර්ය එච්. එල්. සෙනෙවිරත්න
මහාචාර්ය ගන්නාථ ඔබේසේකර
මහාචාර්ය සිරි ගුණසිංහ
මහාචාර්ය ජයන්ත සෙනෙවිරත්න
ආචාර්ය ලක්සිරි ප්‍රනාන්දු
සුනිල් පෙරේරා (ජිප්සීස්)
සරත් මායාදුන්න
මහාචාර්ය ලලිත් ගුණතිලක
ආචාර්ය රංජිණී ඔබේසේකර
සුනන්ද දේශප්‍රිය
දඹර අමිල හිමි
චූලානන්ද සමරනායක
බෙනට් රත්නායක
ලතීෆ් ෆාරුක්
සිසිර ජයමහ
ලක්ෂ්මන් හේවාවිතාරණ
විමුක්ති ජයසුන්දර
ලැසිල් ද සිල්වා
ලයනල් බෝපගේ
මහින්ද රත්නායක
අනුර බණ්ඩාර රාජගුරු
රංග බණ්ඩාරනායක
එල්මෝ පෙරේරා
නිශ්ශංක දිද්දෙනිය
ලූෂන් බුලත්සිංහල
බුද්ධදාස ගලප්පත්ති
මොහාන් රාජ් මඩවල
කෞෂල්‍යා ප්‍රනාන්දු
අනුරසිරි හෙට්ටිගේ
කෙලී සේනානායක
පරාක්‍රම නිරිඇල්ල
ඩබ්ලිව්. ජයසිරි
නවරත්න ගමගේ
හේමසිරි ලියනගේ
අනෝමා රාජකරුණා
ආචාර්ය උදාන් ප්‍රනාන්දු
ආචාර්ය සෞම්‍ය ලියනගේ
උපුල් ශාන්ත සන්නස්ගල
රාජා උස්වැටකෙයියාව
ආචාර්ය සුමති සිවමෝහන්
රංජිත් දිසානායක
ෂාන් විජේතුංග
ලසන්ත රුහුණගේ
ටැසී සෙනෙවිරත්න
මාලක දේවප්‍රිය
චන්ද්‍රගුප්ත තේනුවර
ආචාර්ය නිමල්කා ප්‍රනාන්දු
එම්. ඩී. මහින්දපාල
දිලීප් රෝහණ
ලාල් විජේනායක
මහින්ද ප්‍රසාද් මස්ඉඹුල
මහාචාර්ය කුමාර් ඬේවිඞ්
හර්ෂ බුලත්සිංහල
අතුලසිරි සමරකෝන්
වසන්ත කුලතුංග
පර්සි තේනුවර
ෂර්ලි තිසේරා
වසන්ති සේනාරත්න
විජේරත්න ජයසේකර
එස්. සිවගුරුනාදන්
ආනන්ද අබේවික්‍රම
ජයතිලක බණ්ඩාර
ලක්ෂාන් ඩයස්
සිරි විකුම් ආරියරත්න
කේ. සංජීව
චන්දන අලුත්ගේ
උපුල් කුමරප්පෙරුම
උදය කළුපතිරණ
ජාවිඞ් යූසුෆ්
කවුඩුල්ලේ ජයතිස්ස
තිඹිරියාගම බණ්ඩාර
සුදර්ශන ගුණවර්ධන
කමල් පෙරේරා
නජා මොහොමඞ්
බි්‍රටෝ ප්‍රනාන්දු
ෆ්‍රෙඩී ගමගේ
චමීර පෙරේරා
තිලක් කාරියවසම්
ගැමුණු විජේරත්න
ඩී. ඩබ්. සුබසිංහ
අනුරාධා කෝදාගොඩ
මහාචාර්ය ආනන්ද ඔබේසේකර
ජයතිලක ද සිල්වා
ජයතිලක කම්මැල්ලවීර
රුකී ප්‍රනාන්දු
මහාචාර්ය එස්. බී. එස්. අබේකෝන්
වෛද්‍ය රාජා විජේතුංග  
සරත් ඉද්දමල්ගොඩ පියනම
ලක්ෂමන් මෙන්ඩිස්
බැසිල් ප්‍රනාන්දු
මොහාන් රාජ් මඩවල
නාලක ගුණවර්ධන
ආචාර්ය හේමමාලි ගුණසිංහ
ගුණසිරි සිල්වා
සුමතිපාල කාරියවසම්
මහාචාර්ය වැලන්ටයින් ඩැනියෙල්
වෛද්‍ය සිවකුමාරන්
සමරවීර වීරවන්නි
රීඞ් ෂෙල්ටන් ප්‍රනාන්දු පියනම
සුදර්ශන ගුණවර්ධන
අසාද් සාලි
නාමල් රාජපක්ෂ
කීර්ති කාරියවසම්
වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු
ඉන්දික උඩුගම්පොල
සීතා රංජනී
සිරිමසිරි හපුආරච්චි
හරීන්ද්‍ර දුනුවිල
ආර්. එස්. ජයරත්න
ෂලිලා මුණසිංහ
රිචඞ් තනිප්පුලිආරච්චි
ඇන්ඩෘ සමරතුංග
අරුණ ද සොයිසා
ධම්මික ජයවර්ධන
ඩී. එම්. ඩී. අබේරත්න
රාජා කන්නන්ගර
චින්තක බණ්ඩාර

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29568,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පුරවැසි නිවේදනයයි
පුරවැසි නිවේදනයයි
http://ift.tt/2iBOThr
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/01/blog-post_402.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/01/blog-post_402.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy