දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
යාපනයේ සිට ඩෙල්ෆ් දක්වා අධිවේගී බෝට්ටු සේවාවක්
Homeප්‍රවෘත්ති

යාපනයේ සිට ඩෙල්ෆ් දක්වා අධිවේගී බෝට්ටු සේවාවක්

PropellerAds

යාපනයේ සිට ඩෙල්ෆ් දූපත දක්වා "නෙඩුන්තාරකෙයි" නමින් ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුත් වේගවත් නව මගී ප්‍රවාහන බෝට්ටු සේවාවක් මේවන විට ආ...

විරෝධතාවයක් නිසා රාජගිරියේ උණුසුම් තත්වයක්
පළාත් සභා මැතිවරණය පිලිබඳ විශේෂ ප්‍රවෘත්ති සාකච්ජාව (LIVE)
"මාව තව විවේචනය කළොත් මම ෆීල්ඩ් මාර්ෂල්කමත් අයින් කරනවා" - ෆොන්සේකා ජනපති ගැටුම උග්‍ර අතට (VIDEO)
යාපනයේ සිට ඩෙල්ෆ් දක්වා අධිවේගී බෝට්ටු සේවාවක්

යාපනයේ සිට ඩෙල්ෆ් දූපත දක්වා "නෙඩුන්තාරකෙයි" නමින් ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුත් වේගවත් නව මගී ප්‍රවාහන බෝට්ටු සේවාවක් මේවන විට ආරම්භකර තිබේ.

රුපියල් මිලියන 150 ක මුදලකින් ආරම්භ වූ මගී ප්‍රවාහන බෝට්ටු සේවාවට රුපියල් මිලියන 30 ක් ලෝක බැංකුවෙන්ද ඉතිරි මිලියන 120 ඕස්ට්‍රේලියානු රජයෙන්ද ලබාදී ඇත.

මේ දක්වාම යාපනයේ වැසියන්ට ඩෙල්ෆ් දූපත දක්වා ගමන් කිරීමට සෘජු බෝට්ටු සේවාවක් ක්‍රියාත්මක නොවූ අතර පෞද්ගලික සාමාන්‍ය බෝට්ටුවකට නාගදීපය හරහා ඩෙල්ෆ් දූපත වෙත ගමන් කිරීමට පැය හතරක කාලයක් ගත විණි.

එවැනි බොට්ටු සේවාවක් මගින් දිනපතාම යාපනයේ සිට ඩෙල්ෆ් දූපත දක්වා රජයේ සේවකයින් විශාල පිරිසක් ගමන් කළ අතර ඔවුන් සිය සේවා ස්ථානය වෙත ළගාවන විට පෙරවරු දහය පසුවන බවද වාර්තා වෙයි.

මුහුදු සැතපුම් අටක් වූ මේ ගමන සදහා අළුතින් යොදවා ඇති සුඛෝපභෝගී හා අධිවේගී මගී ප්‍රවාහන බෝට්ටුවට ගත වන්නේ පැය දෙකක පමණ කාලයකි.

නව මගී ප්‍රවාහන සේවාව සදහා යොදවන ලද බෝට්ටුව ජාත්‍යන්තර ප්‍රමිතියෙන් සියළු පහසුකම් සහිතව නිෂ්පාදනය කොට ඇති බැවින් ශ්‍රී ලාංකික ජනතාවට ඉතා ආරක්ෂාකාරී බෝට්ටු ගමනක නිරත විය හැකි බව මේ අවස්ථාවට සහභාගි වූ ශ්‍රී ලංකාවේ සිටින ඕස්ට්‍රෙලියානු මහකොමසාරිස් බ්‍රයිස් හචෙස්සන් සදහන් කළේය.

වරකට 80 ත් 100ත් අතර මගීන් පිරිසකට ඉතා සාධාරණ මුදලකට ඩෙල්ෆ් දුපත දක්වා ගමන් කිරීමට ආරක්ෂිත නව බෝට්ටු සේවාවක් ලබාදීමට හැකිවීම උතුරු පළාත් සභාව ලද ජයග්‍රගණයක් වශයෙන් එම අවස්ථාවට සහභාගී වූ උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේස්වරන් විසින් කියා සිටියේය.

ඩෙල්ෆ් පමණක් නොව යාපනයේ නාගදීපය,අනලතිව්,එළුවතීව් යන දූපත් වල වෙසෙන ජනතාවට ඉතා හදිසි අවස්ථාවලදී මෙම බොට්ටු සේවාවෙන් ප්‍රයෝජන ලබාගැනීමට හැකියාව ලැබීම ඉතා වැදගත් බව වනිතා කටයුතු පිළිබද රාජ්‍ය ඇමතිනී විජය කළා මහේස්වරන් මෙහිදී කියා සිටියාය.

 
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29308,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: යාපනයේ සිට ඩෙල්ෆ් දක්වා අධිවේගී බෝට්ටු සේවාවක්
යාපනයේ සිට ඩෙල්ෆ් දක්වා අධිවේගී බෝට්ටු සේවාවක්
http://ift.tt/2k8g1mC
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/01/blog-post_299.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/01/blog-post_299.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy