පසුගිය 29 දින සුබ මුහුර්තයෙන් පූජනීය වල්පොල ගෝතම ස්වාමීන් වහන්සේගේ සංකල්පයක් මත දුන්හිඳ බවුන් පැලැස්ස සඳහා වූ පුණ්‍ය භූමිය සඟ සතු කොට පූජා ක...
පසුගිය 29 දින සුබ මුහුර්තයෙන් පූජනීය වල්පොල ගෝතම ස්වාමීන් වහන්සේගේ සංකල්පයක් මත දුන්හිඳ බවුන් පැලැස්ස සඳහා වූ පුණ්‍ය භූමිය සඟ සතු කොට පූජා කිරීම සිදු විය.
දුන්හිඳ බවුන් පැලැස්ස යනු මහා සඟ රුවන ප්‍රමුඛ සිවු වනක් පිරිසටම ධර්මශ්‍රවණයෙන් පියවරක් හෝ ඉදිරියට ගොස් නේවාසික පුහුණුවක් සඳහාම වෙන්වූ පින්බිමකි.
අපට අහිමි වුන ස්වාභාවික ආරාම සංකල්පය නැවත මතු කරමින් ඉලුක් හෙවිලි කර මැටියෙන් භාවනා කුටි හා සියලු ගොඩනැගිලි නිමකිරීමත් ලන්තෑරුම් භාවිතයෙන් පමණක් රාත්‍රී කාලයේ ආලෝකමත් කිරීමත් මෙම දුන්හිඳ බවුන් පැලැස්සේ විශේෂත්වයකි.
බදුල්ලත් මහියංගණයත් අතර දුන්හිඳ ඇල්ල ආසන්නයේ සොරනාතොට පාරේ මෙම අපූරු වන සෙනසුන ඉදිකෙරේ.
අතිශයින්ම කාර්යබහුල ඔබේ දිවියට දහමින් පෝෂණය ලබනා අපූරු නිසසල විවේකයක් ගෙන දෙන්නට මෙම දුන්හිඳ බවුන් පැලැස්ස හේතු වනු ඇත

COMMENTS