දම්මින්න කොට්ඨාසයේ කොට්ඨාස කළමනාකාර අතුල කරුණාසේන මහතාගේ අනුදැන්ම මත ඔහුගේ හිතවතුන්ට එම ගස් කපාගැනීමට ඉඩ ලබා දී ඇති තිබේ. කෙසේ වෙතත් අලුත...
දම්මින්න කොට්ඨාසයේ කොට්ඨාස කළමනාකාර අතුල කරුණාසේන මහතාගේ අනුදැන්ම මත ඔහුගේ හිතවතුන්ට එම ගස් කපාගැනීමට ඉඩ ලබා දී ඇති තිබේ. කෙසේ වෙතත් අලුත් ඔය ඒකකයේ ඒකක කළමනාකාරවරිය හා අලුත් ඔය ග්‍රාම නිලධාරිවරයා විසින් කැප දැමු ගස් තොගය සිය භාරයට ගෙන ඇති අතර ඊට පොලිස් ආරක්ෂාව ලබා ගැනීම සඳහා දිඹුලාගල ප්‍රාදේශීය ලේකම්වරියගේ පිහිට පැතීමටද සිදුව තිබේ.
නීතිවිරෝධී ලෙස ගස් කපා දැමීමට සම්බන්ධ බව පැවසෙන දම්මින්න කොට්ඨාසයේ කොට්ඨාස කළමනාකාරවරයා අලුත් ඔය ඒකක කලමනාකාරවරියට තර්ජනය කර ඇති බවද වාර්තා විය. තමන්ගේ වැඩවලට බාධා කරන්නේ නම් ඒකක කළමනාකාරවරිය පන්නා දමන බවට කොට්ඨාස කළමනාකාරවරයා තර්ජනය කර ඇති බවයි වාර්තා වන්නේ.
මේ වන විට දැව තොගය අරලගංවිල පොලිසිය භාරයේ පවතින බව සඳහන්.
ආශිකා බ්‍රාහ්මණ
COMMENTS