දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

රවිරාජ් නඩුවේ තීන්දුවෙන් ජාත්‍යන්තරය කැලඹෙයි

පුරා දින 22 ක් තිස්සේ විශේෂ ජූරි සභාවක් හමුවේ මෙම නඩුව කැඳවනු ලැබීය. අධිකරණය හමුවේ පෙනී සිටි නාවික හමුදා විත්තිකරුවන් තිදෙනාත් සැඟවී සිටි...

රවිරාජ් නඩුවේ තීන්දුවෙන් ජාත්‍යන්තරය කැලඹෙයි
පුරා දින 22 ක් තිස්සේ විශේෂ ජූරි සභාවක් හමුවේ මෙම නඩුව කැඳවනු ලැබීය. අධිකරණය හමුවේ පෙනී සිටි නාවික හමුදා විත්තිකරුවන් තිදෙනාත් සැඟවී සිටි විත්තිකරුවන් දෙදෙනාත් යන විත්තිකරුවන් පස්දෙනාම නිදොස්කොට නිදහස් කිරීමට ජූරි සභාව ඒකමතිකව තීරණය කර තිබිණි.
 
රවිරාජ් ඝාතනයට සම්බන්ධ බවට චෝදනා ලැබූ පලනිසාමි සුරේෂ් සුදු වෑන් රථයකින් පිරිසක් පැහැරගෙන ගොස් තිබූ බවට ද මෙම නඩුවේ දී කරුණු අනාවරණය වී තිබිණි. තතු එසේ තිබිය දී හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී නඩරාජා රවිරාජ් ඝාතනය සම්බන්ධයෙන් මෙරට ආරක්ෂක අංශ සහ අධිකරණය ක‍්‍රියා කර ඇති අන්දම ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානවල දැඩි අවධානයට යොමු විය.
 
රවිරාජ්  ඝාතනය සම්බන්ධයෙන් පොලීසිය සිදු කළ මූලික විමර්ශනවල දී එය ඝාතනයක් බව හෙළිදරව් වී ඇසින් දුටු සාක්ෂි පවා තිබුණත් විත්තියේ නීතිඥයන් විසින් ජූරි සභාවක් ඉල්ලා සිටීම හේතුවෙන් අවසානයේ ලබා ගත් සාක්ෂි මත පදනම්ව අත්අඩංගුවේ සිටියවුන් ඇතුළු සියලූ සැකකරුවන් නිදොස්කොට නිදහස් කිරීමට අධිකරණය ක‍්‍රියා කළේය. මෙම තීරණය ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානවල දැඩි අප‍්‍රසාදයට හේතු වී ඇතැයි සිවිල් සංවිධාන නියෝජිතයෝ පෙන්වා දෙති. රවිරාජ් නඩු තීන්දුවෙන් පසුව දේශීය විමර්ශන කෙරෙහි විශ්වාසයක් තැබිය නොහැකි බවට ද මත පළ වී ඇත. අදාළ නඩු තීන්දුවත් සමඟම හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජෝෂප් පරරාජ සිංහම්, මාධ්‍යවේදී ප‍්‍රගිත් එක්නැළිගොඩ, ටැමිල් නෙට් සංස්කාරක ධර්මරත්නම් සිවරාම් හා රගර් ක‍්‍රීඩක වසිම් තාජුඞීන් සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන කටයුතු සහ අධිකරණ ක‍්‍රියාමාර්ග කෙරෙහි විශ්වාසයක් තැබිය නොහැකි බව ද ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන පෙන්වා දෙයි.
 
රවිරාජ් ඝාතනය සම්බන්ධයෙන් ප‍්‍රකාශයට පත් කළ නඩු තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කරන බව අදාළ නඩුව වෙනුවෙන් පෙනී සිටි පාර්ලිමේන්තු මන්ත‍්‍රී නීතිඥ එම්. සුමන්දිරන් මහතා B B C යට ප‍්‍රකාශ කර තිබූ අතර මෙරට අධිකරණ පද්ධතිය පිළිබඳ විශ්වාසයක් තැබිය නොහැකි බව රවිරාජ් ඝාතන නඩු තීන්දුවෙන් පෙනී යන බව ද ඒ මහතා අවධාරණය කර සිටියේය. 2006 වසරේ නොවැම්බර් මස නව වැනිදා නාරාහෙන්පිට ප‍්‍රදේශයේ දී පාර්ලිමේන්තු මන්ත‍්‍රී නඩරාජා රවිරාජ් මහතා සහ ඔහු සමඟ ගමන් ගත් පොලිස් කොස්තාපල් ලොකුවැල්ල මෝරගේ ලක්ෂ්මන් ඝාතනය කර තිබිණි.
 
දයා නෙත්තසිංහ

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29567,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: රවිරාජ් නඩුවේ තීන්දුවෙන් ජාත්‍යන්තරය කැලඹෙයි
රවිරාජ් නඩුවේ තීන්දුවෙන් ජාත්‍යන්තරය කැලඹෙයි
http://ift.tt/2hJD1th
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/01/blog-post_22.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/01/blog-post_22.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy