ඊයේ නොදැවී ලකුණු 68 ක් ලබාගෙන සිටි ක්වින්ටන් ඩි කොක් අද සිය ශතකය සම්පූර්ණ කරගත් අතර ඔහු දැවීයන විට ලකුණු 101 ක් ලබාගෙන තිබිණි. ඔහුට අනගි ...
ඊයේ නොදැවී ලකුණු 68 ක් ලබාගෙන සිටි ක්වින්ටන් ඩි කොක් අද සිය ශතකය සම්පූර්ණ කරගත් අතර ඔහු දැවීයන විට ලකුණු 101 ක් ලබාගෙන තිබිණි. ඔහුට අනගි සහයක් ලබාදුන් ඇබොට් ලකුණු 16 ක් සහ පිලැන්ඩර් ලකුණු 20 ක් ලබාගත් අතර කෙෂව් මහරාජ් වේගවත් ලකුණු 32 ක් වාර්තා කළේය.
ඊයේ දිනයේදී ඩීන් එල්ගා ලකුණු 129 ක් ලබා ගත්තේය.
පන්දුවෙන් දස්කම් දැක්වූ යොවුන් ක්‍රීඩක ළහිරු කුමාර කඩුලු 06 ක් බිඳ දැමූ අතර ඔහු ඒ සඳහා ඕවර් 25 කදී ලකුණු 122 ක් ලබාදී තිබිණි. ලක්මාල් සහ හේරත් කඩුලු 2 බැගින් ලබා ගත්තේය.
COMMENTS