තුවාල ලැබූවන් අතර ආරක්ෂක අංශ නිලධාරීන් තිදෙනෙක් සිටින බවත් තුවාලකරුවන්ගෙන් බහුතරය ගල් ප්‍රහාර වැදීමෙන් තුවාල ලත් අය බවත් හම්බන්තොට රෝහල් ...
තුවාල ලැබූවන් අතර ආරක්ෂක අංශ නිලධාරීන් තිදෙනෙක් සිටින බවත් තුවාලකරුවන්ගෙන් බහුතරය ගල් ප්‍රහාර වැදීමෙන් තුවාල ලත් අය බවත් හම්බන්තොට රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය සුමිත් මනතුංග මහතා ප්‍රකාශ කර තිබේ.
හම්බන්තොට ඉදිකෙරෙන චීන - ශ්‍රී ලංකා කර්මාන්ත පුරවරයට සහ හම්බන්තොට වරාය පුද්ගලීකරණයට එරෙහිව උද්ඝෝෂණය කළ පිරිස පොලිසිය දෙසට ගල් මුල් වලින් පහර දීමත් පොලිසිය විසින් කඳුළු ගෑස් සහ අධිපීඩන ජල ප්‍රහාර එල්ල කිරීමත් හේතුවෙන් මෙසේ පුද්ගලයින් තුවාල ලබා තිබිණි. අධිකරණය විසින් නියෝග කොට තිබුණේ හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණ බලසීමාව තුළ අද (7) සිට දින 14ක් යන තෙක් උද්ඝෝෂණ, පෙළපාලි සහ රැස්වීම් තහනම් කරන ලෙසටය.
ඡායාරූප - රාහුල් සමන්ත හෙට්ටිආරච්චි
COMMENTS