පී ආර් 19/2017 අංකය දරණ නඩුව යටතේ ඉදිරිපත් කළ කරුණු සැලකිල්ලට ගෙන සුවිශේෂ වූ කරුණු යටතේ එක් අයෙකුට රුපියල් ලක්ෂ පහ බැගින් ශරීර ඇප තුනක...
පී ආර් 19/2017 අංකය දරණ නඩුව යටතේ ඉදිරිපත් කළ කරුණු සැලකිල්ලට ගෙන සුවිශේෂ වූ කරුණු යටතේ එක් අයෙකුට රුපියල් ලක්ෂ පහ බැගින් ශරීර ඇප තුනක් මත සැකකරුවන් දහදෙනෙකුට මහේස්ත්‍රාත් වරයා ඇප නියම කල බව විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ චමින්ද සුරිය පටබැදි ප්‍රකාශකර සිටියේය .
විශේෂයෙන්ම ඒ ඇප නියමකරනු ලැබූවන් අතර වයස අවුරුදු 16,17 වන අධ්‍යාපනය ලබන ශිෂ්‍යයින් සිටියා. ඔවුන්ගේ අධ්‍යාපන කටයුතුවලට බාධාවක් වන නිසා මහේස්ත්‍රාත්තුමා ඔවුන්ට ඇප නියම කල බවයි නීතිඥ චමින්ද සුරිය පටබැදි ප්‍රකාශකර සිටියේය .
මේ අතර අම්බලන්තොට පොලිසිය මගින් (15) රාත්‍රී අත් අඩංගුවට ගත් තවත් සැකකරුවන් පස් දෙනෙක් මෙම චෝදනාව යටතේම හම්බන්තොට මහේස්ත්‍රාත් වරයා හමුවට (16) ඉදිරිපත් කිරිමෙන් පසු එම සැකකරුවන් පස් දෙනාද ජනවාරී මස (30) දක්වා රිමාන්ඩ් භාරයේ තැබිමට හම්බන්තොට මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා නියෝග කලේය.එසේ රක්ෂිත බන්ධනාගාර ගත්කල පුද්ගලයින් අතර හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් දෙදෙනෙකු ද වේ .
''අනෙකුත් 24 දෙනාවෙනුවෙන් කරන ලද ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වූ බවත්, ඒ අනුව ඔවුන් වෙනුවෙන් හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණය වෙත ප්‍රතිශෝධන ඉල්ලුම් පත්‍රයක් යොමු කර ඇප ලබාගැනීමට බලාපොරොත්තුවන බවද නීතිඥ චමින්ද සුරිය පටබැදි ප්‍රකාශකර සිටියේය.
රාහුල් සමන්ත හෙට්ටිආරච්චි -හම්බන්තොට
COMMENTS