දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

යහපාලනය පිළිබඳ රාජපක්ෂලාට 100% ක විස්වාසයක් ! 'මැරියට්' හිමිකරුට අක්කරයට රු.100 ගාණේ අක්කර 100ක් !!

පසුගිය කාලය පුරාවට ම නන්දන ලොකුවිතාන යන නමත් සමඟ ම කියැවුණු අනෙත් නම 'මහින්ද රාජපක්ෂ' වූ අතර මැදවච්චියේ ශුෂ්ක භූමියක උපත ලත් මේ ...

යහපාලනය පිළිබඳ රාජපක්ෂලාට 100% ක විස්වාසයක් ! 'මැරියට්' හිමිකරුට අක්කරයට රු.100 ගාණේ අක්කර 100ක් !!
පසුගිය කාලය පුරාවට ම නන්දන ලොකුවිතාන යන නමත් සමඟ ම කියැවුණු අනෙත් නම 'මහින්ද රාජපක්ෂ' වූ අතර මැදවච්චියේ ශුෂ්ක භූමියක උපත ලත් මේ 'දිරිය පුත්‍රයා'ව ලොව ජයගන්නට ඔසවා තැබූ අදෘෂ්‍යමාන හස්තය 'ආඩම්බරකාර තාත්තාගේ'ම වග ලංකාවට නම් රහසක් වූයේ නැත. කෙසේ වෙතත් දේශපාලන විශ්ලේෂකයින් සඳහන් කරන්නේ නන්දන ලොකුවිතානට සුවිශාල බදු සහන ලබා දීම මඟින් වත්මන් රජය 'යහපාලනය' කෙරෙහි 100% ක විස්වාස සහතිකයක් රාජපක්ෂලා වෙත නම් පිරිනමා ඇති බවය. 
 
1971 වසරේ මැදවච්චියේ උපන් නන්දන ලොකුවිතාන 1989 වසරේ නිශ්පාදන සහකාරවරයකු ලෙස ඇමරිකානු ඩොලර් 225ක වැටුපකට ඩුබායි රාජ්‍යයේ සේවයට පැමිණියෙකි. මේ වන විට ඔහු ඇමරිකානු ඩොලර් මිලියන 260 ක් වටිනා ඩුබායි හි මැරියට් අල් ජදාෆ් තරුපහේ හෝටලය, ඇමරිකානු ඩොලර් මිලියන 77 ක් වූ ලංකා ඔරුවල වානේ සංස්ථාව, සාජාහි ඔනෙක්ස් ඉන්ඩස්ට්‍රීස්, ඔනෙක්ස් බිල්ඩිං සිස්ටම්ස්, ඔනෙක්ස් ඉලෙක්ට්‍රොනිකල් සර්විසස්, නිලෝනා හෝල්ඩිංස් ඇඟළුම් ව්‍යාපාරය ඇතුළු ව්‍යාපාර රැසක හිමිකරුවෙකි. කොරියානු සමාගමකට හිමිව තිබුණු ඔරුවල වානේ සංස්ථාව මිල දී ගැනීමේ දී නන්දනට රාජපක්ෂලාගේ පිටුවහල හිමි වූ අතර එදා මෙදාතුර රාජපක්ෂලා සහ ඔහු අතර වන 'සමීප සම්බන්ධය' ඔහු විසින් කොතැනකදීවත් ප්‍රතික්ෂේප කර ද නැත. කලක් රාජපක්ෂ පවුලේ සමීපතමයකු සහ රාජපක්ෂගේ විදේශ අමාත්‍යාංශ අධීක්ෂණ මන්ත්‍රීවරයා ද වූ සජින් වාස් ගුණවර්ධන ද මහින්ද රාජපක්ෂ මහතා අගමැති වන සමය තෙක් ම සේවය කර තිබුණේ ඩුබායි රාජ්‍යයේ ය. නන්දන සහ රාජපක්ෂලා අතර ගනුදෙනුව ඇතිවන්නේ ද සජින් වාස් හරහාය. ඉන් කලකට පසුව නන්දනගේ ව්‍යාපාර 'පුදුමාකාර' අන්දමින් දියුණු වන්නට වූ අතර ඩුබායි හි මෙන් ම ලොව බොහෝ තැන්හි නන්දනගේ වත්කම් ව්‍යාප්ත වන්නට පටන් ගත්තේය. මෙය අවසානයේ ලෝක පරිමාණ ගවේෂණාත්මක මාධ්‍යවේදීන් පිරිසක් විසින් හෙළිදරව් කරන්නට යෙදුණු 'පැනමා පත්‍රිකා' වල ද නම සඳහන්; එනම් පැනමා රාජ්‍යයෙහි සිය අයථා වත්කම් සඟවා ඇති බවට සඳහන්; වන තැනට ම නන්දන ලොකුවිතානව ගෙන ගියේය. 
 
මෙසේ "ඩේසි ආච්චිගේ මැණික් මල්ල පහළවූවාක් මෙන්" නන්දන වියදම් කිරීමට සහ සැඟවීමට පටන් ගත්තේ රාජපක්ෂලා විසින් රටින් පිටකෙරුණු කලු සල්ලි බවට දරුණු ලෙස ම චෝදනා පසුගිය සමයේ එල්ල වී තිබිණි. රාජපක්ෂ පවුලට හිතවත් ලාංකිකයකු හිටි අඩියේ ම මෙසේ ඩුබායි, සී ෂෙල්ස් සහ පැනමා රාජ්‍යයන්හි ඩොලර් කෝටිපතියකු වීම සහ රාජපක්ෂලා විසින් රටින් පිටකළ බවට සැක කෙරෙණ ධනය ආගිය අතක් සොයාගන්නට බැරි වීම එකිනෙක සමපාත වෙන පසුබිමක් තුළ මෙකී චෝදනාවන්ට ශක්තිමත් පදනමක් ද තිබිණි. පැනමා පත්‍රිකා හරහා හෙළිදරව් කෙරුණේ ම කාගේ වුවත් බදු නොගෙවා සිටීම සඳහා සඟවා තබන්නට යෙදුණු 'කලු සල්ලි' පිළිබඳව ය. කෙසේ වෙතත් මේ කිසිවක් පිළිබඳ වගේ වගක් නොමැති 'බබෙකු' වන වත්මන් යහපාලන රජය විසින් නන්දන ලොකුවිතානට තමන් සැඟවූ මුදල් යළිත් ලංකාවෙහි ම ආයෝජනය කරන්නට බදු සහන පිට බදු සහන ලබා දී තිබේ. 
 
ඇමරිකානු ඩොලර් මිලියන 75ක් ආයෝජනය කිරීමට නියමිත නන්දන ලොකුවිතාන ගේ ' සී/ස රිජිඩ් ටයර් (පුද්) සමාගම වෙත ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට අයත් හොරණ, වගාවත්ත ආයෝජන කලාපයෙන් අක්කර 100ක ඉඩමක් පිරිනැමෙන්නේ රුපියල් මිලියන 71ක එක්වර කල්බදු තැන්පතුවක් සහ වාර්ෂිකව රුපියල් 10,000ක නාමික කල්බදු වාරිකයක් වන සේ ගිවිසුමකට අනුවය. එනම් අක්කරයක් සඳහා නාමික කල්බදු වාරිකය වන්නේ රු. 100කි. ( දුම් වැටි දෙකක මිලය.) ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය විසින් ඉඩම් ලබා දෙන්නේ වසර 50 කල්බදු සඳහා පමණක් වුවද ආර්ථික කළමනාකරණය සඳහා කැබිනට් කමිටුව විසින් නන්දන සඳහා 99 අවුරුදු කල්බදු පහසුකමක් ලබා දී තිබේ. එසේම එම කමිටුව විසින් නන්දන වෙත වසර 12ක ආදායම් බදු සහනයක් ද ලබා දී ඇත. එමෙන්ම හොරණ වගවත්ත ආයෝජන කලාපයෙහි අක්කරයක වාර්ෂික බදු වටිනාකම රු. 578,000 ක් පමණ වන ඉඩම අක්කරය වාර්ෂිකව රු. 100 බැගින් හෙවත් 99.98 % ක බදු සහනයක් යටතේ 99 අවුරුදු බද්දට අක්කර 100 ක් ම මෙම අරුම පුදුම ව්‍යාපාරිකයාට අරුම පුදුම ගිවිසුමකින් පවරා දීමට වතමන් 'යහපාලන' අරුම පුදුම ආණ්ඩුවේ මලික් සමරවික්‍රම ඇතුළු ඇමතිවරුන් සූදානම් ය. පුදුම හෝ සිනහ නොවන්න, මේ සසිරිබර මෙසිරිලකය. ලෝකෙන් උතුම් රටය. ගිවිසුම්වල කටයුතු අවසන් ව නොතිබිය දීම පසුගිය ජනවාරි 05 වන දා මෙම ටයර් සමාගමට මුල්ගල ද තබා තිබිණි. අපේ හැටි එහෙම ය. 
 
'කොහෙන් පහළ වූයේදැයි' නොතේරෙණ තරම් ක්ෂණිකව එළියට ඇදුණු සුවිශාල ධනස්කන්ධයක් සහ ඊටම ඈඳුණු 'රාජපක්ෂ පවුලේ නිල නොලත් පෙරකලාසිකරුවකු' ලෙසින් වන නමත් සහිත නන්දන ලොකුවිතානට මෙසේ බදු සහන පිරිනමන්නේ කවුරුන් විසින් හෝ රටින් පිටකළ ධනය යළි මෙරට කරා ම ගෙන්වීමේ ක්‍රමවේදයක් ලෙස යැයි ද අවැසි නම් කෙනෙකුට කියන්නට පුළුවන. නමුත් පසුගිය මැතිවරණයට පෙරාතුව නම් එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ රාජපක්ෂ විරෝධීන් විසින් කියා සිටියේ රාජපක්ෂලා විසින් සොරකම් කරන ලද ජාතික ධනය 'රාජසන්තක' කර යළි මෙරටට ගෙන්වන බවය. වසර දෙකකට පසුව කෙරුවාවට අනුව දැන් එක්කෝ රාජපක්ෂලා යනු කිසිදු සොරකමක් සිදු නොකළ බෝපැළ බවක් 'යහපාලනය' විසින් පිළිගත යුතුව ඇත. නොඑසේ නම් රාජපක්ෂ යුගයේ කෙරුණු සොරකම් කොතෙක් වුවද ඒ කිසිවකට 'යහපාලනයෙන්' නම් දඬුවම් නොලැබෙන බව හෝ පිළිගත යුතුව ඇත. නන්දන ලොකුවිතානට ලැබෙන අරුම පුදුම බදු සහන අනුව තහවුරු වන්නේ පෙරකී දෙවැන්නය. සරලව කිවහොත් මින් කියවෙන්නේ 'රාජපක්ෂලාට තමන්ගේ කලු සල්ලි ලොව වටා සඟවා නොතියා ලංකාවට ගෙනැවිත් හොඳ සල්ලි බවට අපුල්ලා ගත හැකි බවත් යහපාලන රජයෙන් ඊට උපරිම සහයෝගය ලැබෙනු මිස කිසිදු බාධාවක් නොකෙරෙණ' බවත් ය. මේ අනුව 'යහපාලනය' ගැන දැන් 100%ක විස්වාසයක් තැබීමට රාජපක්ෂලාට හැකිය. 
 
එසේම, මින් වැඩිදුරටත් පෙනී යන්නේ 'පැනමා පත්‍රිකා' තබා මොනවා වත් මේ වන විට 'යහපාලන' ආණ්ඩුවට අදාල නැති බවය. එනවා කියූ වොක්ස්වැගන් සමාගමුත් නොඑන කල මොකා නමුත් ලෝක හොරෙක් හෝ මලුත් පුදා ගෙට කැන්දා ගන්නට 'යහපාලන' ආණ්ඩුව සූදානම් බවය. රුපියල් කෝටි තුනක පමණ වියදමින් නන්දන ලොකුවිතාන විසින් නවීකරණය කරවන්නට යෙදුණු නවගමුව පුරාණ ශ්‍රී මහා පත්තිනි දේවාලයෙහි පත්තිනි මෑණියන්ගේ  ජීව පරිමාණ රුවක් පසුගිය දා නිරාවරණය කෙරුණේ වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින්මය. බලය නැති එදා හතී අතේ විවේචනය කළ, සැකකටයුතු ව්‍යාපාරිකයකුට බලය ඇති මෙදා මෛත්‍රීසගහගතව, යහපාලිතව, කෝටි ගණනින් බදු සහන ලබාදෙන ගමන් ම අනෙත් අතට සාමාන්‍ය ජනතාව මත ලොවෙත් නැති තරම් බදුබර පටවන විට එහෙව් පින්බිමක උපන්නවුන් ලෙස ජනතාවටද කළ හැක්කේ 'පත්තිනි මෑණියන්' මතක් කරගැනීම පමණය. ජනාධිපතිතුමනි, අර 'මඩුවලිගය' රැගෙන ඔබට ඡන්දය දුන් ලක්ෂ 62ක ජනතාවට තැළුවාට කම් නැත. ඔබ ද ඔවුන් ද ඊට ඉහළින් ම සුදුසු ය ! 

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29588,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: යහපාලනය පිළිබඳ රාජපක්ෂලාට 100% ක විස්වාසයක් ! 'මැරියට්' හිමිකරුට අක්කරයට රු.100 ගාණේ අක්කර 100ක් !!
යහපාලනය පිළිබඳ රාජපක්ෂලාට 100% ක විස්වාසයක් ! 'මැරියට්' හිමිකරුට අක්කරයට රු.100 ගාණේ අක්කර 100ක් !!
http://ift.tt/2iziHI1
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/01/100-100-100.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/01/100-100-100.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy