දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

ගෝඨාගෙන් ජනපතිට පණිවිඩයක්.

තමන්ට මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා යටතේ නිලධාරියකු ලෙස වැඩ කළාට වඩා පහසුවෙන් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා එක්ක වැඩ කළ හැකි බවට හිටපු ආරක්...


තමන්ට මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා යටතේ නිලධාරියකු ලෙස වැඩ කළාට වඩා පහසුවෙන් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා එක්ක වැඩ කළ හැකි බවට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත පණිවිඩයක් එවා ඇති බව ශ්‍රීලනිපයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

මෙම පණිවිඩය එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රධානියකු විසින් ජනාධිපතිවරයා වෙත ලබා දී ඇත.

ඔහු පසුගිය මාස කිහිපය තුළ රාජපක්ෂවරු සහ ජනාධිපතිවරයා අතර එකඟතාවක් ඇති කිරීම වෙනුවෙන් සාකච්ඡා කිහිපයක නිරතව සිටි බවත් දැනගැනීමට තිබේ.

ශ්‍රීලනිපය දෙකඩ වීම වළක්වා ගැනීම සඳහා රාජපක්ෂවරු හා සහයෝගයෙන් කටයුතු කිරීම විය යුතු බවට මතයක් මේ වන විට ශ්‍රීලනිපය තුළ ගොඩනැගී තිබේ.

රාජපක්ෂ විරෝධී කොටස් මීට බරපතළ ලෙස විරුද්ධ මතයක සිටියත් අනෙක් පාර්ශ්වය අභියෝග කර ඇත්තේ ජනාධිපතිවරයාවත් ශ්‍රීලනිපයත් ශක්තිමත් කිරීම සඳහා හැකිනම් ගෝඨාභය රාජපක්ෂ සහ පී. බී. ජයසුන්දර වැනි නිලධාරීන් දෙදෙනකු ජනාධිපතිවරයාට හඳුන්වා දෙන ලෙසය.

කෙසේ නමුත් මෙහි දී මහින්ද රාජපක්ෂ හෝ බැසිල් රාජපක්ෂ හෝ ජනාධිපතිවරයාට සමීප කරනවාට වඩා චමල් රාජපක්ෂ මහතා සමඟ කටයුතු කිරීමට ශ්‍රීලනිපයේ රාජපක්ෂ විරෝධී කණ්ඩායමේ කැමැත්ත හිමිව තිබේ.

 ගෝඨාභය රාජපක්ෂ මහතාව ජනාධිපතිවරයා සමඟ සම්බන්ධ කරන්නේ නම් ඒ චමල් රාජපක්ෂ මහතා සමඟ විය යුතු බවත් එම පිරිසේ අදහස වී ඇත.

එහි දී මූලිකවම ගෝඨාභය රාජපක්ෂ මහතාට රජයේ නිලධාරියකු ලෙස ඉහළ පත්වීමක් ලබා දීම ගැන ද සාකච්ඡා කෙරී ඇත.

ගෝඨාභය රාජපක්ෂ මහතා ඉහත කී පණිවිඩය ජනාධිපතිවරයාට ලබා දී ඇත්තේ ඒ අනුවය.

 කෙසේ නමුත් ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් මෙතෙක් නිශ්චිත මතයක් ප්‍රකාශ කර නැති  අතර ගෝඨාභය රාජපක්ෂ සමඟ වන සාකච්ඡා වලට යහපත් ප්‍රතිචාරයක් දක්වා ඇත.

මෙම සාකච්ඡා සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතා  නියෝජනය කරමින් 'වියත්මඟ' සංවිධානයේ ආචාර්ය නාලක ගොඩහේවා, ආචාර්ය මීගහකිවුල, ජනාධිපති නීතිඥ අලි සබ්‍රි, විශ්‍රාමික මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු සහ ප්‍රකට මාධ්‍ය ආයතනයක හිමිකරුවකු සම්බන්ධ වී සිටී.

ගෝඨාභය රාජපක්ෂ මහතා හා ජනාධිපතිවරයා අතර සම්බන්ධයක් ගොඩනැගීම සඳහා හිටපු අමාත්‍ය මිලින්ද මොරගොඩ මහතා ද සක්‍රියව මැදිහත්ව සිටින බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29567,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ගෝඨාගෙන් ජනපතිට පණිවිඩයක්.
ගෝඨාගෙන් ජනපතිට පණිවිඩයක්.
http://ift.tt/2h1lKsd
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/12/blog-post_80.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/12/blog-post_80.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy