අවිදු අඳුරේ ගැලී දුකින් තැවෙනා දනා බියෙන් වෙලෙනා තැනා අපකෙරෙන් අත හැරුන දෙවිඳුන් ගෙ පිළිබිඹුව මුණට මුණ යළි දකින අපරිමිතවූ ප්‍රේමයේ ...
අවිදු අඳුරේ ගැලී
දුකින් තැවෙනා දනා
බියෙන් වෙලෙනා තැනා
අපකෙරෙන් අත හැරුන
දෙවිඳුන් ගෙ පිළිබිඹුව
මුණට මුණ යළි දකින
අපරිමිතවූ ප්‍රේමයේ කැඩපත ඔබයි
අවදි කරවන පිණිස දෙවිදුන්
වැඩ හිඳින අප තුළම නිරතුරු
විවර කළ මැන අඳ නුවන් යුග
සත්‍යයේ පහනින්
පෙරම්ඹරයේ උදාවී දිලෙනා
තාරකාවයි ලොව පහන් කරනා
ගොපළු ලෙන් දොර සුවඳවත් කර
සාමයේ සුබ අස්න ගෙන ආ
ජේසුනේ, මා ස්වාමිනී;
වඩින් අප හද බෙත්ලෙහෙම් පුර
නිවා සනහා අඳුර දුරුකර
COMMENTS