දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

කිම් ජොන් උන් ගේ බිරිඳ කෝ?

උතුරු කොරියාවේ කුප්‍රකට නායක කිම් ජොන් උන් ගේ බිරිඳ, සුරූපී රී සෝ-ජු දැන් මාස හතකින් පෙනෙන්නට නැත. ඇය කොහිද? ජීවතුන් අතරද, මළවුන් අතරද...? ...


උතුරු කොරියාවේ කුප්‍රකට නායක කිම් ජොන් උන් ගේ බිරිඳ, සුරූපී රී සෝ-ජු දැන් මාස හතකින් පෙනෙන්නට නැත. ඇය කොහිද? ජීවතුන් අතරද, මළවුන් අතරද...?

කිම් ජොන් උන් උතුරු කොරියාව නමැති ‘වැසුණු රටේ’ ඒකාධිපතියා ය. ආඥාදායකයා ය. උතුරු කොරියාවට වැසුණු රටක් යැයි කියන්නේ එහි සිදුවන බොහෝ දේවල් බාහිර ලෝකයට හැංගිහොරා සිදුවන නිසා ය. එපමණක් නොව ඒ රටේ සිදුවන දේවල් ඒ රටේ මිනිසුන්වත් නොදන්නා නිසා ය. මෙවන් රටකදී සිදුවිය නොහැක්කේ මොනවාද? විශේෂයෙන්ම ආඥාදායකයෙකුගේ තරුණ බිරිඳකට සිදුවිය නොහැක්කේ මොනවාද?

දැන් මාස හතක් තිස්සේ ඈ පෙනෙන්ට නැත. ඈ ගැබ් ගෙනද? එය එසේ වූවානම් කිම් ජොන් උන් මහා උත්සවශ්‍රීයකින් ඒ බව ජාතිය හමුවේ කියා සිටිනු ඇත. ඔටුන්න හිමි කුමාරයා පහළ වෙන්නට යන බව පවසනු ඇත. ඉන්පසු අඩුම ගණනේ අවුරුද්දකවත් ප්‍රීති කාලයක් ප්‍රකාශයට පත් කරනු ඇත. එවිට මහා ජන ගංගා ඔහුගේ මාළිගය අවට රැස්ව හිස්ටීරියාව වැළඳුණු කලෙක මෙන් සන්තෝසය වැඩි කමට කඳුළු පෙරමින්, බිම පෙරළෙමින් සතුටු කඳුළු හෙළන්නට පටන් ගන්නවා ඇත. ඔවුන්ගේ නායක, රටේ සෑම ප්‍රාකාරයකම, සෑම බිත්තියකම සිනාසෙමින් සිටි, 2011 වසරේ දෙසැම්බර් මස මිය ගිය කිම් ජොන් උන් ගේ පියා වූ කිම් ජොන් ඉල් වෙනුවෙන් බිම පෙරළෙමින් හැඬූ දුක, සතුටු කඳුළින්ම සෝදාගන්නවා ඇත.

එය එසේ නොවේ නම් අනෙක් උපකල්පනය කුමක්ද? වියහැකි එකම දෙය ඇය දැන් කිම් ජොන් උන් සමග වාසය නොකරන බව ය. මෙය දෙයාකාරයකින් විය හැකිය. එක්කෝ කිම් ජොන් උන් ඇයව අත්හැරලා විය යුතුය. නැතිනම්...? නැතිනම් ඇය මේ ලෝකයේ නැතිවා විය යුතුය. එනම් මියගොස් හෝ මිය යාමට සලස්වා තිබෙනවා විය හැකිය. අවසන් වරට ඇයව දුටුවේ මාර්තු 28 වැනිදා පයොන්ග්ගියැන්ග් හි සෞඛ්‍ය සංකීර්ණයක් සහ වාණිජ ගොඩනැගිල්ලක් විවෘත කිරීමේදී කිම් ජොන්ග් උන් සමග ය. ලෝකය දන්නේ එපමණකි.

උතුරු කොරියාවෙන් ලැබෙන ඇතැම් සීමිත වාර්තාවකට අනුව සුරූපී රී සෝ-ජූ සහ ඔහුගේ බාල සහෝදරිය වන කිම් යෝ-ජොන්ග් අතර එතරම් හොඳ හිතක් තිබී නැත. ඔවුන් දෙදෙනා අතර යම්කිසි ආකාරයක බල අරගලයක් තිබී ඇත. කිම් ජොන්ග් උන්ගේ නැගණිය කිම් ජොන් උන්ගේ කිරුළට ඇස ගසාගෙන සිටින බවටත් මතයක් තිබේ. එසේම ඇය පාලන තන්ත්‍රය තුළ ද ප්‍රබල චරිතයකි. උතුරු කොරියාවේ ‘ප්‍රචාරක සහ කැළඹීම් අමාත්‍යාංශය’ නමින් ඒකකයක් තිබේ. ඇය එම ඒකකයේ ප්‍රධානියා ලෙස කටයුතු කරන්නීය. කෙසේ නමුත් 2012 දී කිම් ජොන්ග් උන්ගේ බිරිඳ ලෙසින් ලෝකය හමුවට පැමිණීමෙන් අනතුරුව ඇයව නිතර නිතර කිම් ජොන් උන් සමග දක්නට ලැබුණේය. උදාහරණයක් වශයෙන් 2013 වසර තුළ ඇයව රාජ්‍ය මාධ්‍ය විසින් අවස්ථා 22කදී ඡායාරූපයට නගා තිබේ. 2014 දී 15 වතාවක් ඡායාරූපයට නගා තිබේ. නමුත් 2016 දී එසේ ඡායාරූපයට නැගී ඇත්තේ තුන් වතාවක් පමණි. තවද ඉන්පසු මේ දක්වාම කිසිවෙක් ඇයව දැක නැත.



කිම් ජොන් උන් විසින් සිය මාමාව පක්ෂය අවුල් කිරීම ඇතුළු රාජ්‍යද්‍රෝහී චෝදනා යටතේ, දින ගණනක් කුසගින්නේ සිටි සුනඛයන්ට කන්නට දී මරා දැමූ බවට 2013 වසරේ වාර්තා පළවූ අන්දම ඔබට මතකද..? අද දක්වාම තහවුරු වී නැති, වෙන්නටත් පුළුවන්-නොවෙන්නටත් පුළුවන් මේ ප්‍රවෘත්තිය සැබෑවක් නම්, රී සෝ-ජූ ඒ මාමාගේ හිතවත් දියණියක් ව සිටි බවට දැන් පළවන පුවත ද සැබෑවක් වන්නට ඉඩ තිබේ. එය එසේ නම් ඇගේ ඉරණම තවදුරටත් අවිනිශ්චිත වේ.

ස්විට්සර්ලන්තය වැනි ප්‍රජාතන්ත්‍රවාදී රටක අධ්‍යාපනය ලැබූ, ජනතාව කුසගින්නේ මියැදෙන විට ස්විස් චීස් රස බලන, ලෝකයේ අඩුම වයසින් රාජ්‍ය නායකයා බවට පත්වූයේ යැයි කියන, නිසි හමුදා පුහුනුවක් කිසිදා ලබා නැතත් තරු හතරක් පැළඳ සිටින මේ පුද්ගලයා තමන්ගේ තාත්තාගේ අඩිපාරේම යන බවට සාක්ෂි බොහෝ ය. ඔහු තාත්තා මෙන්ම ‘ප්ලෙෂර් ස්කොඞ්’ එකක් හෙවත් ‘ප්‍රීති කණ්ඩායමක්’ ද නඩත්තු කරන බවටත් සාධක බොහෝ ය. මෙයට කියන්නේ ‘ජිම්පෙවුම්ජෝ’ කියා ය. ඇතැම් වාර්තාවකට අනුව මෙය ඇත්තෙන්ම සුරූපී තරුණියන්ගෙන් සමන්විත ඔහුගේ අනංගපුරයයි. නොහොත් අන්තංපුරයයි. වයස අවුරුදු 13 තරම් ළාබාල කන්‍යාවියන් පාසල්වල සිටියදී ඔහුගේ සොල්දාදුවන් පැමිණ පැහැරගෙන යන බවටත්, ඉන්පසු ඔවුන්ව බෝනික්කියන් මෙන් සරසා නායකයා සමග යහන්ගත වීම ට යවන බවටත් වාර්තා බොහෝ ය. මේ ඉරණමට ලක්ව වසර දෙකකට පසු එයින් පැන එන්නට සමත් වූ තරුණියක් මේ කථාන්දරය ලොවට හෙළි කිරීමෙන් අනතුරුව ඇතිවූ ආන්දෝලනය තවමත් පහව ගොස් නැත. කිම් ජොන් උන්ගේ ලස්සන බිරිඳ උන් හිටිගමන් අතුරුදන් වන්නේ මෙවන් පසුබිමක් තුළ ය. ඇය දැන් සිටින්නේ ආපසු එන්නට පුළුවන් තැනක නම්, මතු යම් දිනෙක ඇය එසේ ආපසු එන තෙක් ම, ඇය ඒවිද කියා කියන්නට ඔහුට හැර මේ ලෝකයේ කිසිවෙකුට නොහැකිය.මිනිස් සතාට අසීමිත බලයක් ලැබුණු විට ඔහු කරන-කියන දේ සිතන්නට පවා අසීරු තරම් උමතු යැයි කියන්නේ මේ නිසා ය.

උතුරු කොරියානු නායකයාගේ පියා, කිම් ජොන් ඉල් මියගිය විට ජනතාව හිස්ටීරියාව වැළඳුණු අය මෙන් අස්වාභාවිකව වැළපුණේ ඉහළ නියෝග නිසාද? වීඩියෝව මෙතැනින් බලන්න. 

පියාගේ අඩිපාරේ යන කිම් ජොන් උන් ට සුබපැතීම සඳහා මිනිසුන් ගඟට පනින අන්දම මෙතැනින් බලන්න.

- ක්‍රිෂාන්ති රාජපක්ෂ-

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29588,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: කිම් ජොන් උන් ගේ බිරිඳ කෝ?
කිම් ජොන් උන් ගේ බිරිඳ කෝ?
http://ift.tt/2eybHKv
https://i.ytimg.com/vi/ccsNr9UJeVY/default.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/11/blog-post_88.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/11/blog-post_88.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy