දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

'මම චීනේ මුදල් ඇමති නෙවෙයි' - චීන තානාපතිට ඇමති රවීගෙන් පිළිතුරක්.

තමන් ශ්‍රී ලංකාවේ මුදල් ඇමති මිස චීනයේ මුදල් ඇමති නොවන බවත්, චීනයෙන් ශ්‍රී ලංකාව 2%කට වඩා පොලියකට ණය නොගත් බව කියන්නේ නම්, එරටින් මේ වනවිට...


තමන් ශ්‍රී ලංකාවේ මුදල් ඇමති මිස චීනයේ මුදල් ඇමති නොවන බවත්, චීනයෙන් ශ්‍රී ලංකාව 2%කට වඩා පොලියකට ණය නොගත් බව කියන්නේ නම්, එරටින් මේ වනවිට ලබාගෙන ඇති ණයවලට 2% බැගින් පොලී ගෙවීමට සුදානම් බවත්,  මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව කියාසිටියේ චීන තානාපති යී ෂියැංලියන්ග් මහතා පසුගියදා එල්ල කළ විවේචනයකට ප්‍රතිචාර දක්වමිනි.

චීනයේ ණය පිරිවැය ඉහළ බවට මුදල් අමාත්‍යවරයා කරන ලද ප්‍රකාශයක් විවේචනය කරමින් පසුගිය අඟහරුවාදා (01) චීන තානාපතිවරයා මාධ්‍ය හමුවක් අමතමින් ප්‍රකාශ කළේ චීනයේ ණය පිරිවැය වැඩිනම් තවදුරටත් ණය ඉල්ලන්නේ මන්දැයි යනුවෙනි.

ඒ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් මුදල් අමාතවරයාගෙන් කරුණු විමසුවේ ඔහු ඊයේ (03) මහනුවරට පැමිණි අවස්ථාවේදීය.

චීන තානාපතිවරයාගේ චෝදනා ප්‍රතික්ෂේප කරන බව එහිදී මුදල් අමාත්‍යවරයා අවධාරණයෙන් කියාසිටියේය.

රවී කරුණානායක මහතා ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින්, "පසුගියදා ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් මාධ්‍ය ඔස්සේ විවිධ අදහස් පළවෙනවා. මා ඉතාම පැහැදිලිව කියන්න කැමැතියි, චීනය අපේ ළඟම මිතුරකු වුණත් තානාපතිවරයාගේ ප්‍රකාශය සාවද්‍යයි. මා එය ප්‍රතික්ෂේප කරනවා. එතුමන්ලා කියනවා නම් සියයට 2ට වඩා ඉහළ පොලියකට ශ්‍රී ලංකාව ණය ගත්තෙ නෑ කියල, අපි දැන් අරගෙන තියෙන ණයවලට සියයට 2ක ගාණේ පොලී ගෙවන්න අපි ලෑස්තියි. අපේ රට ඉතා කුඩා එකක් වෙන්න පුළුවන්. නමුත් අපි ස්වෛරී රාජ්‍යයක්. මා චීනෙ මුදල් ඇමැති නෙවෙයි, මම ශ්‍රී ලංකාවේ මුදල් ඇමැති කියල ඉතා පැහැදිලිව කියන්න අවශ්‍යයි. චීනයට ඒ රටේ ආර්ථිකය ගොඩනැගීමට තියෙන අයිතිය වගේම අපේ රටේ ආර්ථිකය ගොඩනැගීමේ අයිතිය අපට තියෙනවා." යනුවෙන් පැවසීය.

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29588,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: 'මම චීනේ මුදල් ඇමති නෙවෙයි' - චීන තානාපතිට ඇමති රවීගෙන් පිළිතුරක්.
'මම චීනේ මුදල් ඇමති නෙවෙයි' - චීන තානාපතිට ඇමති රවීගෙන් පිළිතුරක්.
http://ift.tt/2f7jtM0
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/11/blog-post_60.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/11/blog-post_60.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy