දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

රට හදන්න එකතුවෙන්න - ඇමති හරින්.

මහින්දත් අය වැයට කැමති වෙලා පාර්ලිමේන්තුව තුල හාවා කල්ලියක් ඉන්නවලු වෛරය ක්‍රෝධය අමතක කරල රට හදන්න එකතුවෙන්න - ඇමති හරින් මුදල් අමා...


  • මහින්දත් අය වැයට කැමති වෙලා
  • පාර්ලිමේන්තුව තුල හාවා කල්ලියක් ඉන්නවලු
  • වෛරය ක්‍රෝධය අමතක කරල රට හදන්න එකතුවෙන්න - ඇමති හරින්

මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා විසින් පසුගිය එනම් නොවැම්බර් මස 10 වෙනි දින ඉදිරිපත් කරන ලද 2017 වර්ෂය සඳහා වූ අය වැය ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය වේගවත් කිරීම , දුගී භාවය තුරන් කිරීම සහ නිදහස් අධ්‍යාපනයට හිමි ඉඩ කඩ පුළුල් කිරීම  2020වන විට අයවැය පරතරය 3% පමණ ගෙන ඒම   සහ වැඩි දියුණු කිරීම යන පුළුල් අරමුණු පෙරදැරි කරගත් අය වැයක් බව මුදල් අමාත්‍යංශය පවසයි.

එම අයවැය දෙවන වර කියවා සම්මත කිරීමේදී පක්ෂව ඡන්ද 162ක් ද , විපක්ෂව ඡන්ද 55 ක්ද, ඇතුළුව වැඩි ඡන්දයෙන් සම්මත වූ අතර ඊට නොපැමිණි පාර්ලිමේන්තු සමාජිකයින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ව තවත් සත් දෙනෙක් විය.එහිදී අමාත්‍ය හරීන් ප්‍රනාන්දු  පාර්ලිමේන්තු සභා ගර්භයේදි හරි අපූරු කතාවක් සමග තම අදහස් පල කරන ලදී.එතුමා එහිදී කියා සිටියේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දෙවන වර අයවැය ඡන්ද විමසීම සඳහා නොපැමිණියද එතුමා මෙම අයවැයට පක්ෂ බවය.හරීන් ප්‍රනාන්දු  විපක්ශය නෑගූ තර්කවලට අදහස් පල කල අතර පාර්ලිමේන්තුව තුල සිටින හාවා කල්ලියක් පිළිබදවද අදහස් දැක්විනි ඒ මෙසේය.

"ඉස්සර අපි අයවැය ගැන කල්පනා කරලා  බලනකොට අතීතයේදි නම් ක්‍රිකට් මැච් එකක් බලනවා වගේ තමයි මිනිස්සු අයවැය දිහා බලන ඉන්නෙ.මිනිස්සු රේඩියෝ එක දාලා එහෙම නැත්නම් රූපවාහිනියෙ පෙට්ටිය උඩට ගිහිල්ලා අයවැය අහනවා හැබැයි අයවැයක් නිසා මිනිස්සුන්ට තියෙන ආසාව නැතිවුනේ පහුගිය අවුරුදු කිහිපයේ. ඒකට හේතුව තමයි මුළු අයවැයක්ම එක පවුලක් විසින් 90%ක් බෙදා ගත්තු එක නිසා.මේ අයවැය ඊට වඩා සමස්තයක් විදිහට වෙනස්.මෙතන ඉන්නවා එක කල්ලියක්.

මට ඉස්සෙල්ලා කතා කරපු මහත්තයා සනත් නිශාන්ත මහත්තයා කිව්වා ඒ මහත්තයා මේ අයවැය දැක්කෙ රෙස්ටන් ජීප් එකක් වගේ කියලා.අනේ දෙයියනේ සනත් නිශාන්ත මහත්තයො රෙස්ටන් ජීප් ගෙනාවෙ ගිය පාර ආණ්ඩුව. රෙස්ටන් ජීප් එකකට තමා එතුමා අයවැය සමාන කලේ.ඒක එහෙන් මෙහෙන් ගෙනාපු බද්ධ කිරීමක්ලු.අපි නෙවෙයි ඕවා ගෙනාවෙ ලංකාවට දහ ජරාව.ඒකෙ වාසිය ගත්තෙ ඔය පවුලෙ කට්ටියමයි.මයික්‍රො කම්පැනිය ගෙනල්ල ඔය වාහන ගෙන්නුවෙ කවුද?අනේ සනත් නිශාන්ත මහත්තයො ලැජ්ජයි ඔබතුමාගේ දැනුමේ තරම ගැන. එතුමා කතා කරගෙන යනකොට තවත් එකක් කිව්වා කිසිම දෙයක් අපි කරලා නැහැ කිව්වා.මම කියන්නම් මහින්ද රාජපක්ෂ මහත්තය විතරක් අයවැය කතාවෙ කරපු ගුණ ගායනා ගැන මේ අයවැය ගැන.එතුමා එකක් කිව්වා,පාසල් ලමුන්ට ....ලබාදීම හොදයි කිව්වා.

පිරිවෙන් අධ්‍යාපනය ලබන භික්ෂූන් වහන්සේලට 2017 සිට නැවත දීමනා ලබා දීම හොඳයි  කියලා,දේශීය කිරි උක්දඩු  සඳහා සහතික මිලක් නියම කිරීම අගය කරනවා කියලා කිව්වා.කිරි  20,000 ක්  2017 ගෙන්වාලීම ඉතා වැදගත් කියලා අගය කරනවා කිව්වා.නිශාන්ත මහත්මයා කෝ ඇවිත් පොඩ්ඩක් අහගන්න.එයා කිව්වා මේ කිරි ගවයො ගැන නෑ කියලා.කුකුල් මස් නිෂ්පාදනය දිරිගැන්වීමට වගේම මිරිදිය මත්ස්‍ය   කර්මාන්තය දියුණු කිරීමට ගෙන ඇති යෝජනාව අගය කරනවා කිව්වා.කවුද මමද කියන්නෙ මේවා? මහින්ද රාජපක්ෂ මහත්තයා කිව්වෙ.රුවන් පුරේ අධිවේගී මාර්ගය බදුල්ලට දීර්ඝ කරන බව ප්ර කාශ කරා.මේක හොඳ යෝජනාවක් කියලා මහින්ද රාජපක්ෂ මහත්තයා අගය කරා.
මේ අයවැයේ සහනාධාර නෑ කිව්වා"

පසුව සනත්  නිශාන්ත මහතා හරීන් ප්රකනාන්දු අමාත්ය  වරයාගේ කතා වාරය අතර මැද පිළිතුරැ දීමට උත්සාහ කරන ලදී.

"නියෝඡ්‍ය කථා නායක තුමනි මම වයඹ පලාතෙ හිටපු සත්ව නිෂ්පාදන ඇමතිවරයා ලංකාවෙ කිරි නිශ්පාදනයට දායකත්වය දෙද්දි දෙවනි ස්ථානය ගත්තෙ වයඹ පළාත.ඒ නිසා මම මේකෙ කිව්වෙ රටේ කිරි නිෂ්පාදනය වැඩි කරන්න සත්තු ගෙන්වනවා කිව්වා."

පසුව නැවත කතා වාරය කතා නායක තුමන් විසින් හරීන් ප්‍රනාන්දු මහතාට ලබා දීමෙන් පසු ඔහු කියා සිටියේ,
"මේ අයවැයේ සත්ව නිශ්පාදනය ගැන කිසි දෙයක් නෑ කිව්වා.තමන්ගෙ නායකයා මහින්ද රාජපක්ෂ මහත්තයා අගය කරා.

මේකට කියන්නෙ ඒකාබද්ධ හාවා කල්ලිය කියලා.මේකෙ අලුත්ම නම තමයි ඒකාබද්ධ හාවා කල්ලිය ඉතිං ඒ නිසා ගරු කතා නායක තුමනි සහනාධාර නෑ කිව්වා ආබාධිත රණවිරුවන්ට බිලියන 10ක් වැඩි  කරලා තියෙනවා,සමෘර්ධි සහනාධාරය බිලියන 44 යි .2014 තිබ්බෙ බිලියන 15 යි.පොහොර සහනාධාරය බිලියන 34යි.නිදහස් සෞඛ‍යට බිලියන 40 යි.නොදකින් විතරක් මෙහෙම කතා කරලා.ළමයිගෙ අධ්යාාපනය ගැන කතා කරන්න හදනවා සී.ඩබ්ලිව්.ඩබ්ලිව්.කන්නන්ගර කාගෙද? මේ රටේ පොත් පත් ටික දීලා නිල ඇදුම දුන්නෙ කවුද? එක්සත් ජාතික පක්ෂය .

මේක විතරක් නෙවෙයි එදා ජේ. ආර්.ජයවර්ධන මහත්තයගෙ කාලෙ ඉදන් ගත්තම ජේ ආර් ජවර්ධන මහත්තයා පෙල පොත් ටික දුන්නා.බන්දුල මහත්තයා මහපොළ ටික දුන්නා.විශ්ව විද්‍යාල හැදුවා, විවෘත විශ්ව විද්‍යාලය හැදුවා, ප්‍රේමදාස මහත්තයා සබරගමුව විශ්ව විද්යාඅලය හැදුවා.රජරට විශ්ව විද්‍යාලය හැදුවා නැගෙනහිර විශ්ව විද්‍යාලය හැදුවා අද මොකක්ද නූතන ලෝකයෙ? ටැබ් එක දෙනවා කිව්වම අමාරුයි. ඒකෙ ඇත්ත මහින්ද රාජපක්ෂ මහත්තයට තේරුනා.එතුමා කතා කරන්නෙ නෑ හැබැයි අපේ ඇමතිවරුන්ටත් මේ ගැන තේරෙන්නෙ නෑ.වචනයක් පෙල පොතෙ නෙවෙයි.නිකන් ටැබ් එකක් නෙවෙයි කී පෑඩ් එකත් එක්ක දෙනවා.

මම අහගෙන ප්‍රසන්න රණවීර කියනවා චිප් නැහැල්ලු වයි ෆයි නහැල්ලු .දන්නෙ නැති තරම තමයි.ඒවට සම්පූරන විස්තරය ලබා දෙන්නම් කියල මම කියනවා.වයි ෆයි ගන කිව්වා ඒ ගනත් සම්පූර්ණ වාර්ථාවක් දෙන්නම් .ලංකාවෙ 405 ක් ස්ථානවල තියෙනවා.සම්පූර්ණව සක්‍රියව වැඩ කරනවා.නියෝජ්‍ය කතා නායක තුමනි 2500 න් හතර දෙනෙක්ට කන්න පුලුවන් කියන ආර්ථික චක්‍රවර්තීලනෙ ඉන්නෙ.අලුත්ම නම වයි මැක්ස්සිමලි.එතුමා කියනවා. මේ බලන්න මේ ආණ්ඩුවේ තියෙන වෙනස අපේ ඇමතිවරුන්ට පහුගිය කාලෙ අපේ ඇමතිවරයෙක්ට වාහනයක ඇමතිවරයෙක් හැප්පිච්ච වෙලාවෙ මේ හාවා කල්ලිය විසින් මොන තරම් මඩ ගැහුවද? අපි දේශපලානයෙ මඩ ගැහුවද?අපි දේශපාලනයෙ මඩ ගහුවෙ නෑ.ඒ වගේ පහත් තත්වයට ගියාද?

තමුන්වහන්සේලා වගේ පහත් කැත දේශපාලනය කරන්නෙ නෑ.ජනාධිපතිතුමා තමන්ගෙ වෙබ් සයිට් එක හක් කරපු ළමයව ඊයෙ ගෙනාවා.ඔහුව පිළිගත්තා.ඒකයි මේ රටේ වෙනස.මේ මනුස්සයන්ට බලාගෙන ඉන්න බෑ.අර මිනිස්සුන්ගෙ කදුල කටගැස්මට ගන්න හදනවා. මේ අපිට අමතකද මේ වයි මැක්ස් ලා ආවේ බයිසිකලෙන්.දැන් කොහොමද යන්නෙ?දැන් මොකක්ද තියෙන්නෙ?ඒවද අපි පිළිගන්න ඕනි.ඒකද මේ රටේ තියෙන ප්ර.ශ්න?රටේමේ මිනිස්සුන්ට ප්රිශ්න නැත්තෙ නැහැ.

ඇත්ත වශයෙන්ම හෙට වෙනුවෙන් ගත්ත හරි තීරණයක් මේක.මේක දුර බලලා ගත්තෙ.මහින්ද රාජපක්ෂ මහත්තයා ගැන මම එකක් සතුටු වෙනවා.එතුමට තේරුනා.එතුමා ආයෝජනය කරා හම්බන්තොට .එතුමා ආයෝජනය කරේ මිනිස්සු කොමිස් ගහලා එතුමව රැවැට්ටුව නිසා.සර් හදන්න කිව්වා වරාය සර් හදන්න කිව්වා එයාපෝට් එක.නමුත් අපි ඒක නෙවෙයි කලේ.උතුරට ඒ වගේම ඌවට නැගෙන හිරට ඉස්සෙල්ලම දෙන්න ඕනි ටික ලෑස්ති කලා.හැබැයි මේක අගය කරා හිටපු ජනාධිපති තුමා.මේ හාවා කල්ලියට ඕවා  පේන්නෙ නෑ දන්නෙ අපිව විවේචනය කරන්න තමයි.මහ ලොකු චක්ර වර්ති කෙනෙක් ඉන්නවා බැදුම් කර සම්බන්ධයෙන්.මහා බැදුම්කර ආචාර්ය මහාචාර්ය උපාධියක් අරන් ඉන්නෙ.මේ බැඳුම්කරයෙ හොරකමක් තියෙනවා නම් අපි සියලුම මන්ත්‍රීවරැ එක තැනක ඉන්නවා හොරකමට අපි විරුද්ධයි.

එහෙන් හොරාද මෙහෙන් හොරාද නා හොරකමට අපි විරුද්ධයි.හැබැයි එකක් මතක තියා ගන්න 2013 මැයි 30 වෙනිදා 2013 ජූනි 13 වෙනිදා 2013 ජූනි 30 වෙනිදා මේ අධික වශයෙන් පොළිය 1.5ට එදත් දුන්නා.ඒ ගන එකක්වත් කතා කරේ නා මේ මහ බැදුම්කර චක්‍රවර්තී විසින්.ඒ නිසා මම ඉල්ලීමක් කරනවා චක්‍රවර්තීලට මේක ඉතාමත්ව දුර දැකලා ඉතාමත් ඥානාන්විත ලෙස  කරත් මේ ඉර්ෂ්‍යාව ක්‍රෝධයට මේ ඩිලාන් පෙරේරා ඇමතිතුමාලා අපි අතර දැවැන්ත ප්‍රශ්න තිබුනාසමහර වෙලාවට ඩිලාන් පෙරේරා මහත්තයට අත්පුඩියක් ගහන්න ලැජ්ජයි.ඒත් එකට එකතු වෙලා ඉන්නෙ අපි රට හදන්න.ඒ නිසා මම ඉල්ලීමක් කරනවා මේ ක්‍රෝධය වෛරය අමතක කරලා රට හදන තැනට එකතු වෙන්න.පෙරේත වෙන්න එපා කියමින් මේ අයවැයට සහය දෙන්න කියලා ඉල්ලීම් කරමින් මම නිහඩ වෙනවා.බොහෝම ස්තූතියි." යනුවෙනි.

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29585,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: රට හදන්න එකතුවෙන්න - ඇමති හරින්.
රට හදන්න එකතුවෙන්න - ඇමති හරින්.
http://ift.tt/2eWiRfL
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/11/blog-post_553.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/11/blog-post_553.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy