මෙයට වසර එක හමාරකට පෙර යාපනයේ පුංකුඩුතිව්හීදී සිවලෝගනාදන් විද්‍යා නමැති පාසල් සිසුවිය ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකක...
මෙයට වසර එක හමාරකට පෙර යාපනයේ පුංකුඩුතිව්හීදී සිවලෝගනාදන් විද්‍යා නමැති පාසල් සිසුවිය ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවෙකු මුදා හරින ලෙස උපදෙස් දුන් බව කියන ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු අත්අඩංගුවට ගැනීම සඳහා නීතිපති උපදෙස් පතා ඇතැයි නීතිපති දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.
විද්‍යා දැරිය අපයෝජනය කර මරා දැමීයැයි කියන මෙම සැකකරු මුදා හරින ලෙස මෙම ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියා යාපනය පොලිසියට උපදෙස් ලබා දී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් සිදු කළ විමර්ශනයකදී හෙළි වී ඇති බව ද වාර්තා වේ.
මෙම දැරිය ඝාතනය කරනු ලැබුවේ පසුගිය 2015 වසරේ මැයි 13 වැනිදාය.
එම ඝාතනයේ එක් සැකකරුවෙකු ගම්වාසීන් විසින් අල්ලා ගස්බැඳ තිබූ අතර උප පොලිස් පරීක්ෂකවරයෙකු සහ පොලිස් කොස්තාපල්වරයෙකු ගොස් සැකකරු පොලිසියට රැගෙන විත් තිබේ.
පසුව ඔහුට ගම්වාසීන් පහරදුන් බවට සටහන් කර සැකකරු මුදාහරින ලෙස උසස් පොලිස් නිලධාරියා උපදෙස් දී ඇති බව පොලිස් ආරංචි මාර්ග පෙන්වා දෙයි.
එහිදී ගම්වාසීන් අල්ලාදුන් සැකකරු මුදා හැරීම ගැන ප්‍රදේශවාසීන් දැඩි විරෝධයක් පළ කර තිබේ.
කෙසේවෙතත් පසුව, මෙම මුදාහල සැකකරු වැල්ලවත්තේ සිටියදී පොලිසිය විසින් යළි අත්අඩංගුවට ගනු ලැබීය.
මේ සම්බන්ධයෙන් විමර්ශනය කළ රහස් පොලිසිය විමර්ශන ගොනුවේ උදෘත නීතිපති උපදෙස් සඳහා යොමු කර ඇතැයිද සඳහන්ය.
COMMENTS