දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
හෝකන්දර ළහිරු ජනිත්ගේ මරණයට මුල ‘ව්‍යාඝ්‍රා‘
Homeගොසිප්

හෝකන්දර ළහිරු ජනිත්ගේ මරණයට මුල ‘ව්‍යාඝ්‍රා‘

PropellerAds

හෝකන්දර ළහිරු ජනිත්ගේ  මරණයට මුල ‘ව්‍යාඝ්‍රා‘ පසුගිය ඔක්තෝබර් 26 වන දින පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ මහතාගේ හෝකන්දර නිවසේදි මි...

ඔපෙරා වින්ෆ්‍රෙ 2020 ඇමරිකානු ජනපති තරගයට
ඩොනල්ඩ් ට්‍රම්ප් වෙනුවෙන්ම හැදූ කැඩිලැක් ලිමොසින් රථය - ‘මෘගයා‘ ගැන තොරතුරු පිටවේ
සයිටම් ප්‍රධාන විධායකගේ වෙඩි වැදුණ රථයේ ඉන්ෂුවරන්ස් ගෙවීම ප්‍රතික්ෂේප වෙයි


හෝකන්දර ළහිරු ජනිත්ගේ 
මරණයට මුල ‘ව්‍යාඝ්‍රා‘


පසුගිය ඔක්තෝබර් 26 වන දින පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ මහතාගේ හෝකන්දර නිවසේදි මිය ගිය බවට වාර්තාවූ ළහිරු ජනිත් නමැති තරුණයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය මරණයට පසුදින සිදු කර විවෘත තීන්දුවක් ලබාදී තිබුනේ මරණයට හේතුව මේ පිළිබඳ සිදු කරන වැඩිදුර රසායනික පරියේෂණ වලින් අනතුරුව ලබාදෙන බවකි. කළුබෝවිල මහ රෝහලේදී මරණ පරික්ෂක පි.ඩි. ගලගෙදර විසින් මියගිය තරුණයා පරීක්ෂා කර ඔහුගේ නාසයෙන්
රුධිරය පිටවි තිබූ බවත් මුඛයෙන් සෙම සහිත ශ්‍රාවයක් ගලා ගොස් තිබූ බවත් සටහන් කර තිබූ අතර බෙල්ල ප්‍රදේශයේ තැලිම් ස්වභාවයක් සහ දකුණු අතේ සිරිම් සහිත අස්වාභාවික තත්වයක් නිරීක්ෂණය වී ඇතැයි මුලින් සටහන් කර තිබුණි.
සැක සහිත මරණයක් නිසා තරුණයාගේ සිරුර ආදාහනය නොකර වළදැමීමටද අධිකරණය තීන්දු කර තිබුණි.
දේශපාලන වශයෙන් විවිධ මඩ කටකතා මෙම මරණය මුල් කර විමල් මන්ත්‍රීවරයා සහ පවුලේ උදවියට එරෙහිව පැතිර ගිය අතර සියල්ල සිදුවෙද්දී ඔවුන් අවමංගල නිවසට ගිය ඡායාරූපද ප්‍රසිද්ධ කර තිබුනේ එම මඩ වලට පිළිතුරු වශයෙන් මෙනි.

මෙම පරීක්ෂණයේ ප්‍රගතිය පමාවීම ගැනද විවිධ ආරංචි පැතිර තිබූ අතරවාරයේ මරණය සිදුවූ නිවසේ සිටි ශෂී වීරවංශ හා ඇගේ දියණිය පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයේ පැමිණිල්ලක් කළේ විමල්ගේ දියණියට සමාජ මාධ්‍ය මගින් අපහරණයක් සිදුවන බවට පැමිණිලි කරන්නටය.

මේ අතරවාරයේ පොලිසිය මගින් තරුණයා භාවිත කළ ජංගම දුරකථන අංක 7 ක් ඔස්සේ වැඩිදුර පරීක්ෂණ සිදු කරන ලදි. ළහිරු ජනිත් හෝටලයක රැකියාව කළ තරුණයෙකි. ඔහුගේ මව විමල්ගේ බිරිය සමග එක්ව විමල් නිවසේ ඇඳුම් මසන ව්‍යාපාරයකට සම්බන්ධව සිට අතර ළහිරු හා විමල්ගේ දරුවන්ද හිතවතුන්ය.
සිද්ධියවූ දිනය ඔහුගේ පඩි දවස වූ බවත් රැකියාව නිමවා නිවසට පැමිණ මවට මුළු පඩිපතම ප්‍රදානය කර රුපියල් 500 ක් පමණක් රීලෝඩ් එකකට කියා ඉල්ලාගෙන නිවසින් ගිය ඔහු එදින රාත්‍රිය විමල්ගේ නිවසේ ගත කිරීමෙන් පසුවදා මරණයට පත්වූයේ කිසිවෙකුට අදහාගන්නට අපහසු ලෙසය.

මේ සම්බන්ධ මරණ පරීක්ෂණයේ රසායනික ප්‍රතිඵල අනුව  ළහිරු ජනිත් දිසානායක තරුණයා මිය යන අවස්ථාවේදී 'ව්‍යාඝ්‍රා' නමැති ඖෂධය අධි මාත්‍රාවක් ගෙන

තිබූ බවට තොරතුරු හෙළි වී ඇතැයි කළුබෝවිල රෝහල් ආරංචි මාර්ග මේ වනවිට අනාවරණය කර තිබේ.‍
එම ප්‍රතිඵල සමග තරුණයා සම්බන්ධයෙන්  දෙවැනි පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදු කරන්නට නියමිත අතර ඒ අනුව නව දිශාවකින් මේ ගැන පරීක්ෂණ ඇරඹෙනු ඇතැයි වාර්තාවේ.
වයස අවුරුදු 24 ක් වූ අවිවාහක ළහිරු ජනිත්ට වැඩිහිටියන්ගේ අඹුසැමි හැසිරීම් සඳහා උත්තේජකයක් ලෙස භාවිත කරන ව්‍යාඝ්‍රා ඖෂධය අවශ්‍ය වූයේ ඇයි? පිටස්තර නිවසක රාත්‍රී කාලයේ එවැනි ඖෂධයක් ලබාගෙන ඔහු කුමක් කළේද? යන්න වැඩිදුර විමර්ශනයේදී විසඳාගන්නට සිදුවන ගැටලු බවට පත්වනු ඇත.
ව්‍යාඝ්‍රා ඖෂධය අධිමාත්‍රාවන්ගෙන් ලබාගැනීම හෘදයාබාධ ඇතුළු රුධිර පීඩනය ආශ්‍රිත රෝග ඇති කරන්නට හේතුවිය හැකි බවට වෛද්‍ය නිර්දේශ තිබේ. ශරීරයේ ලේ ගමනාගමන වේගය අඩාල කිරීම හෝ වෙනස් කිරීම මෙම ඖෂධය මගින් සිදුවන අතර ඒ හේතුමත ඇතිවන අතුරු ආබාධ නිසා සිදුවූ මරණ රාශියක් ගැන ලෝකයේ බොහෝ තැන්වල වාර්තා වී තිබේ.

නව පරීක්ෂණයේ ප්‍රතිඵල අනුව සිද්ධියට අදාළ සියලු අයගෙන් ප්‍රකාශ ලබාගැනීමක් සිදුවනු ඇත.
මේ සිද්ධිය සම්බන්ධයෙන් විමල්ගේ බිරිය පවසා තිබුනේ ‘එයා මැරුනේ තාත්තා මැරුණ විදිහටමයි කියලා එයාගෙ අම්මා කිව්වා.මං මළ සිරුර බලන්න ගියේ අම්මා ආවට පස්සේ‘ ලෙසිනි. විමල් කියා තිබුනේ ‘මේක හෘදයාබාධයක් නිසා සිදුවෙච්ච මරණයක්.අපට මඩ ගහනවා‘ ලෙසිනි.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29432,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: හෝකන්දර ළහිරු ජනිත්ගේ මරණයට මුල ‘ව්‍යාඝ්‍රා‘
හෝකන්දර ළහිරු ජනිත්ගේ මරණයට මුල ‘ව්‍යාඝ්‍රා‘
http://ift.tt/2dMgVpm
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/11/blog-post_381.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/11/blog-post_381.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy