දෙසැම්බර් මස පළමුවනදා සිට ක්‍රියාත්මක කරන බව පැවසෙන බස් වර්ජනයට තම සංගමය සම්බන්ධ නොවන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසයි. එම සංගම...
දෙසැම්බර් මස පළමුවනදා සිට ක්‍රියාත්මක කරන බව පැවසෙන බස් වර්ජනයට තම සංගමය සම්බන්ධ නොවන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසයි.
එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ප්‍රකාශ කළේ එම දඩ පත්‍රකාවේ දඩ 33ක් ඉවත් කර ගැනීමට තමන්ට හැකි වූ බවත් එහිදී ජනතාව මරණයට පත්කළ හැකි වැරදි 06ක් තිබෙන බවත් එ්වා පදිකයින්ට අනතුරුදායක බවත්ය.
වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා කියාසිටියේ වගකිව යුතු සංවිධානයක් ලෙස ජනතාව මරන්න අවසර ඉල්ලා බස් වර්ජනයකට යාමට තම සංගමයට නොහැකි බවයි.
රජය විසින් ප්‍රධාන රථ වාහන වැරදි 7ක් සඳහා රු.25,000ක් දක්වා දඩ මුදල් ඉහළ නැංවීම හා අවම දඩ මුදල රු.2500ක් කිරීමට එරෙහිව දෙසැම්බර් පළමුවැනිදා දින මධ්‍යම රාත්‍රියේ සිට අඛණ්ඩ වර්ජනයක් දියත් කරන බව අන්තර් පළාත් පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සහ බස් සංගම් කිහිපයක් පසුගියදා ප්‍රකාශ කළේය.
COMMENTS