දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

මේ ආන්ඩුවට, පොලීසියත් විරුද්ධය - Anti Government Police

ඊයේ මාතලන් අපූරූ සිද්දියකට මුහුණ පෑවේය . මාතලන් මේ පිළිබඳව කීප වරක්ම ලියලාත් තිබෙනවාය. එනම් කොළඹ හදවතේම තිබෙනා උද්ඝෝෂණ පිළිබඳවය. එයින් සාම...


ඊයේ මාතලන් අපූරූ සිද්දියකට මුහුණ පෑවේය . මාතලන් මේ පිළිබඳව කීප වරක්ම ලියලාත් තිබෙනවාය. එනම් කොළඹ හදවතේම තිබෙනා උද්ඝෝෂණ පිළිබඳවය. එයින් සාමාන්‍ය ජනතාව මෙන්ම විශේෂයෙන් ලංකාවට පැමිනෙන සාමාන්නිය සුද්දෝද, රාජ තාන්ත්‍රික සුද්දෝද, ඉන්වෙස්ට් කරන්නට එන සුද්දෝද කන පරිප්පුව හා චාටර් එක පිළිබඳවය.

ප්‍රංශයේ සංචාරක ආයතනවල ඇනිමල් මීටින් එක සඳහා මෙවර තෝරාගෙන තිබෙන්නේ අම්මට සිරි ලංකාවය. මේක ලංකාවට අරගෙන තියෙන්න හෙන පයිට් එකක් දීලාය. අම්මට සිරි ලංකාවේ තැබීමෙන් බලාපොරොත්තුව වන්නේ මෙරටට එන ප්‍රංශ කාරයන් වැඩි කර ගැනීමය. ඊයෙ උන්ගෙ සැමිනර් එකේ ඕපනින් ඩේ එකය. මාතලන්ටද මේයින් කීප දෙනෙක් හා ඊයේ උදේ ගමන් ගමන් කරන්නට සිඳු උනේය. ඊයේ උදේ හෝටලයෙන් එලියටවත් වාහනේ ගන්නට බැරිය. සංචාරක ප්‍රවර්ධනයට ආපු සුද්දෝ එක සංචාරකයෙක් වත් මෙරටට එවන්නේ නැති බව ආයෙත් කිව යුතු නැතිය.

මාතලන් සිර වූයේ ෆ්ලෝටින් මාකට් එක හා පෞද්ගලික බස් ඉස්ටෑන්ඩ් පිහිටි බැස්ටියන් මාවතේය. පැය භාගයක් පමණ ගත් වීමෙන් පසු බස් රථ වල උන් සියල්ලෝම පයින්ම කොටුව දෙසට ගමන් ගත්තේ, ආන්ඩුවේ උන්ගේ අම්මාවරුන්ට පින් දෙමින්ය. පැයක් පමණ ගතවීමෙන් පසු මාතලන් තීරණයකට බැස්සේය. සුද්දාට වාහනය බාරදුන් මාතලන් ඉදිරියට ගියේය. රණවිරුවෝ ගේම ඉල්ලන්නේ ආන්ඩුව එක්කය. පරිප්පුව කන්නේ ජනතාව හා රටය. උන් කරන්නේද ප්‍රභාකරන් කළ දෙයමය. එහි වෙනසක් නැත.

සුදු හෙල්මට් දමාගත් දඩකොල කාරයෝ දෙන්නෙක් බැස්ටියන් මාවත් කෙලවරේ ආතල් එකේ ඉන්නවාය. උන්ගෙන් විමසූ කළ උන් කිව්වේ රණවිරුවෝ නිසා මක්කත් කොරන්න බෑ කියලාය. මම කීවේ කතාව ඇත්ත නමුත්, අතුරු මාර්ග ඔස්සේ හෝ වාහන යොමු කොට ට්‍රැෆික් එක ක්ලියර කරනා ලෙසය. මගේ සංචාරකයින් දෙදෙනාගේ තත්වය ගැනත් මුන්ට කීවෙමි. කින්ඩියට හිනා උන උන් දෙදෙනා කලේ, එතනින් මාරුවීමය. උනුත් ඉවත් වීමෙන් පසු රණවිරුවෝ කලේ ටෙලිකොම් දෙසින් පිටකොටුවට පැමිනෙන වහාන පෝලිමද නවතා දැමීමය.

පසුව සම්පූර්ණ සුදු කිට් එකකින් සිටි රණවිරුවෙක් හා කතාවට පැටලුනෙමි..

සහෝදරයා මේ කරන වැඩේ කැතයි නේද..? ඔයාලා මිනිස්සුන්ගේ ආදරයට ලක් උන පිරිසක් නේද? ඇයි මෙහෙම කරන්නේ..? බලන්න කී දෙනෙක් නම් පරිප්පු කනවද කියලා..?

ඔයා කව්ද..?

මම සහෝදරයා ඔයා වගෙම මනුස්සයෙක්. හින්ගලයෙක්. උපතින් බෞද්ධයෙක්..?

මෙහෙමයි ලොක්කා.. අපේ ඉල්ලීම් ලබා ගන්න තමයි අපි මේ දේ කරන්නේ

ඒක හරි.. ඒක අපෙන් ඉල්ලලා වැඩක් නෑ නේද? ආන්ඩුවෙන් නේද ඉල්ලන්න ඕන..

ආන්ඩුවෙන් තමයි ඉල්ලන්නේ ලොක්කා

ඒත් ඉතින් එයාලා ඉන්නේ මෙහේ නෙමෙයි නේ.. (ඔය අතරේ එතනින් වයසක තාත්තා කෙනෙක් අතින් අල්ලා ගත් පුතෙක්, පයින් කොටුව දෙසට යන ගමන් ඇස් වාට්ටුවට යන්න්නේ කොහොමද කියා අප දෙදෙනාගෙන් විමසා සිටියේය. ඔවුන් සිටියේ දාඩිය පෙරාගෙනය., වයසක තාත්තා බොහෝ සෙයින් විඩාවට පත්ව හුන්නේය..)

බලන්න සහෝදරයා පේනවා නේද..? කොහොමද කන කට්ට..? ඔයාලා පාර වහ ගත්තට කමක් නෑ. අඩු ගානේ මේ හිරවෙලා තියෙන වාහන ටිකට ඕල්කෝට් පාරට දාලා ආයෙත් මරදාන පැත්තටවත් යන්න හදලා දෙන්න.. ඒක කරන්න පුළුවන් ඔයාලටම විතරයි..

ඉවතට ගිය ඔහු නැවත ආවේ, අබාධිත රණවිරු සෙට් එකක්ම සමඟය. 

වට පිට සිට කතාවට හොට දාගෙන සිටි උන්ද, පොන්න බ්ලොග් කාරයෝ වගේ බලාගෙන උන්නේ, මාතලන් කන කෑම කොයි ආකාරයේ එකක්දැයි කියලාය.

මමත් හිතුවේ බඩු බනිස් කියලාය. එහෙත් සිඳු වූයේ එය නොවේ. එතෙක් බැස්ටියන් මාවතේ සිරවී තිබූ වාහන වලට ගමන් කිරීමට හැකි වන පරිදි, සියළුම වාහන ඕල්කොට් මාවත් දෙසින් ටෙක්නිකල් හන්දිය දේසට පිටත් කිරීමයි.

එපමණක් නොවේ සිඳුවූ අපහසුතාවයට කනගාටුව ප්‍රකාෂ කිරීමට පවා ඔවුන් නිහතමානි විය.

එහෙත් මරදාන දෙසට ගමන් කරන විට පෙනී ගියේ ට්‍රැෆික් පොලීසියේ කාළකන්නි දඩකොල කරුවන්, කොටුව දෙසට ගමන් ගන්නා වාහන ආපසු හරවා යැවීමට ක්‍රියා කරනවා වෙනුවට, ඒ දෙසටම ගමන් කිරීමට උපදෙස් දෙනවා පමණමය.

ඇත්තටම ට්‍රැෆික් පොලිසීයේ අය ඉන්නේ දඩ කොල දෙන්න පමණමද? 

අප කළ දේ මේ කාළකන්නින්ට කරන්න බැරි වූයේ ඇයි. උන් කොහොමත් ජනතාව පීඩාවට පත් කරනා උන් බව කවුරුද් දන්නා දෙයකි. මෙතනදි සිඳු කලේද ඒ දෙයමය. මෙවන් තත්වයක් යටතේ, යාපනේ සිසුන් දෙදෙනා මරා දැමුවේ ඇයිදැයි කියා බොහෝම පැහැදිලිය.

එහෙත් ගොබ්බ ආන්ඩුවට නොතේරෙන දෙය නම් මුන් ආන්ඩුව අපහසුතාවයට පත් කිරීමටද කටයුතු කරනා බවය. මෙතක් උද්ඝෝෂණ පැවතියාට පාර වැසීමට දුන්නේ නැත. එසේ කිරීමට දෙන්නේ නම් රථවාහන පොලීසියක් අවශ්‍යද නැත. ඇත්තටම මේය අද වසංගතයක්ව පවති. ඕනෑ දෙයකට කරන්නේ පාරවල් වහනා එකය. මේවා කරන්නේ වෙන කිසිවකු නොවේ. ආන්ඩු විරෝධි මහින්ද පාර්ෂවමය. 

එය ඊයේද ඉතා හොඳින් ප්‍රදර්ෂණය වූයේ කිසිම ට්‍රැෆික් එකකට අසු නොවී උදය ගම්මන්පිලයා උද්ඝෝෂකයින් සිටි තැනට පැමිණීමයි. අනෙක් උද්ඝෝෂණ දෙස බලන විටද පෙනි යන්නේ එකාබද්ධ මලබද්ඩයට සමබන්ද උන් එහි නාය්කත්වය දරණ බවයි. 

මේ ආන්ඩුව ජනතාවට එපා වී බොහෝ කල්ය. දැන් ඇත්තේ කැපුවත් කොල පාට උන් ටික පමණක්මය. මට පේන්නේ සිකරට් වලට කෙලීම් හා මෙවැනි දේවලින් ඒ පිරිසද නැති කර ගනිමින් සිටිනා බවයි. ෆ්‍රී වයි ෆයි දෙන්න ආපු උන් තොපේ අම්මට හැමෙනෙයි කියා ඩේටා වලට මෙන්ම ෆෝන්කෝල් වලටත් පයි ඇබරෙන්නම කෙලලා දමලාය. ජනතාව මෙන්ම ආන්ඩුවේ සේවකයන්ද, රණවිරුවන්ද, දුප්පතාද, පොහොසතාද, ජේ ආර් ගේ මධ්‍යම පන්තියද, ව්‍යාපාරික ප්‍රජාවද සියල්ලෝම තරහා කරගෙන අවසානය. වැඩි කල් නොගොස් හමුදා කුමන්ත්‍රණයක් සිඳු වුවද පුදුම විය යුතු නැත. 

එවන් දිනෙක, මාතලන් මේන් මේ වගේ පල් හෑල්ලක් ලියා තිබුනා නේද කියා මේ යහපාලන් ගොබ්බයන්ට මතක් උනොත් ඒ ඇතිය. 

කොළඹ කොටුව ප්‍රදේශයේ උද්ඝෝෂණ හා පිකටින් නවතා දැමීමට පියවර ගණු... මෙය මහා කරුමයක් වී අවසානය.. කරණ මළදානයක් ඊයේ හවස කලාක් මෙන් ජනාධිපති ලේඛම් කාර්යාලය ඉදිරිපිට පවත්වා ගණූ.. ප්‍රජාතන්ත්‍රවාදය දුන්නේ පරිප්පු කන ජනතාව නොව එතන ඉන්නා උන්නැහේය.. එයත් එක්ක බේරගන්න ඕනෑ දේ එයත් එක්ක බේරා ගණු.. එක එකාගේ පරිප්පු කෑවා ඇතිය. තවත් නම් ඒ පරිප්පු ඕනෑම නැතිය.

මාතලන් | Maathalan


COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29588,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මේ ආන්ඩුවට, පොලීසියත් විරුද්ධය - Anti Government Police
මේ ආන්ඩුවට, පොලීසියත් විරුද්ධය - Anti Government Police
http://ift.tt/2ffVBF4
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/11/anti-government-police.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/11/anti-government-police.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy