ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ 'උසාවිය නිහඬයි' චිත්‍රපටය තිරගතවීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය පසුගියදා වාරණයක් නිකුත් කල අතර එම ව...
ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ 'උසාවිය නිහඬයි' චිත්‍රපටය තිරගතවීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය පසුගියදා වාරණයක් නිකුත් කල අතර එම වාරණයට එරෙහිව ඔක්තෝබර් 19 වැනිදා කොළඹ දිසා අධිකරණය ඉදිරිපට දී නිශ්ශබ්ද විරෝධතාවයක් පැවැත්වීමේ සුදානමක් ඇතැයි වාර්තා වේ.
ඒ, සිවිල් සමාජ ක්‍රියාකාරීන් හා සමාජ ජාල ක්‍රියාකාරීන්ගේ මෙහෙයවීමෙනි.
මෙම චිත්‍රපටය තිරගතවීම වළක්වා ඇත්තේ හිටපු මහේස්ත්‍රාත්වරයකු වන ලෙනින් රත්නායක තමා සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු මෙම චිත්‍රපටයේ සඳහන්වන බව කියමින් ගොනු කර තිබූ පෙත්සමක් හේතුවෙනි.
COMMENTS