දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
‘මැරයෙක්‘ යයි සිතා රෝහල් බයකරන මහනුවර රෝහලේ ඇස් දොස්තර
Homeගොසිප්

‘මැරයෙක්‘ යයි සිතා රෝහල් බයකරන මහනුවර රෝහලේ ඇස් දොස්තර

PropellerAds

‘මැරයෙක්‘ යයි සිතා රෝහල් බයකරන කායවර්ධන ශිල්පියෙකුවූ මහනුවර රෝහලේ ඇස් දොස්තර මහනුවර මහ රෝහලේ සේවය කරන තරුණ වෛද්‍යවරයෙකු ගැන මේ දිනවල...

UPFA අගමැති ඇමති නිමල් සිරිපාල
සෑම කොට්ඨාසයකම පරිසර හිතකාමී අලුත් කර්මාන්ත.
දේශපාලන අස්ථාවරත්වය නිසා අමාත්‍යාංශ වැඩකටයුතු අැණ හිටලා.


‘මැරයෙක්‘ යයි සිතා රෝහල් බයකරන

කායවර්ධන ශිල්පියෙකුවූ
මහනුවර රෝහලේ ඇස් දොස්තර

මහනුවර මහ රෝහලේ සේවය කරන තරුණ වෛද්‍යවරයෙකු ගැන මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ වැඩි වශයෙන් කථාබහට ලක්ව තිබේ.
වෛද්‍ය පණ්ඩුල බස්නායක නමැති ඔහු සාමාන්‍ය වෛද්‍යවරයෙකු ලෙස අපගේ සිතේ මැවෙන රූපයට හාත්පසින්ම වෙනස් ආරෝහ පරිනාහ දේහධාරියෙකි. පසුගිය වසර කිහිපයකම මිස්ටර් ශ‍්‍රී ලංකා හා මිස්ටර් කැන්ඩි තරගවල ජයග‍්‍රහණ අත්කරගත් ඔහු දුටුවන් නැවත හැරී බලන්නට සමත්
දේහයකින් යුතුව රෝහල් වලට ප‍්‍රවේශවන වෛද්‍යවරයෙකි.


මේ නිසාම ඇතැම් වයසක ආච්චි අම්මලා මෙම වෛද්‍යවරයාගෙන් ප‍්‍රතිකාර ගන්නට බියක් දක්වන බවත් ඇතැම් රෝහල්වලට මොහු ඇතුළුවන අවස්ථාවල මොහු ගැන නොදත් ආරක්ෂක අංශ මොහුව නවතා ‘මැරයෙක්‘ පැමිණ ඇතිදැයි වැනි සැකයකින් විමසීම් කරන බවත් ඔහු දන්වා තිබෙනවා.

පාසලේදී ක‍්‍රීඩා කටයුතු කිසිවක් නොකර විශ්ව විද්‍යාල ජීවිතයේදී ටයිකොන්ඩෝ සටන් කලාව පමණක් ප‍්‍රගුණ කර පසුව සීමාවාසික පුහුණුව ලබන කාලයේ ජිම් එකකට යන්නට අවස්ථාව ලැබීමෙන් පසු ඔහු මේ ඇඟ හදාගන්නට යොමුවී තිබේ.

සහෝදරියන් දෙදෙනෙකු යුත් පවුලකට අයත් තවමත් අවිවාහක මෙම වෛද්‍යවරයා වර්තමානයේ සිය වෛද්‍ය වෘත්තිය ජීවිතයට අමතරව දිනකට පැය තුනහමාරක් පමණ කායවර්ධන පුහුණුවීම් වලට වේලාව මිඩංගු කරන්නෙකි.
වර්තමානයේ හෝමෝන සහිත සප්ලිමන්ට්ස් ගෙන ක්ෂණිකව ඇඟ හදාගන්න උත්සාහ දරන තරුණයන්ට එලෙස ඒවා සිදු කරන්න එපා යයි අවවාද කරන වෛද්‍ය පණ්ඩුල
‘මම කවදාවත් මගේ ඇඟ හදාගන්න හෝර්මෝන සප්ලිමන්ට්ස්, උත්තේජක, එන්නත් වගේ අයහපත් දේවල් පාවිච්චි කරලා නැහැ. මට මේ විදියට ඇඟ හදාගන්න පුළුවන් නම් අනෙක් අයටත් බැරි නැහැ. කෙටි කාලීන ක‍්‍රමවේදවලින් ප‍්‍රතිඵල ඉක්මන් වුණාට ඒවායේ අතුරු ආබාධ නම් දිගුකාලීනයි.’ පවසා ඇත.
රූපවාහිනී නාලිකාවලට පැමිණ කායවර්ධනය සඳහා උපදෙස් ලබාදීමටද වෛද්‍ය පණ්ඩුල උනන්දුවේ. ඔහු සම්බන්ධවූ වැඩසටහනක් පහතින්










Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29407,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ‘මැරයෙක්‘ යයි සිතා රෝහල් බයකරන මහනුවර රෝහලේ ඇස් දොස්තර
‘මැරයෙක්‘ යයි සිතා රෝහල් බයකරන මහනුවර රෝහලේ ඇස් දොස්තර
http://ift.tt/2dRxBbr
https://i.ytimg.com/vi/bwgAbuYOaWE/default.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/10/blog-post_939.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/10/blog-post_939.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy