දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

පෙට්‍රෝලියම් යහපාලනය සංස්ථා ලොක්කාගේ රෙද්ද පල්ලෙන් බේරෙයි.

ඛනිජතෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශය යටතේ පවතින ආයතනයක් වන ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව, යහපාලන හා සදාචාර මූලධර්ම උල්ලංඝනය කරමින් කටයුතු කරම...


ඛනිජතෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශය යටතේ පවතින ආයතනයක් වන ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව, යහපාලන හා සදාචාර මූලධර්ම උල්ලංඝනය කරමින් කටයුතු කරමින් සිටියි. අවස්ථා ගණනාවක දී මේ හා සම්බන්ධ සිද්ධි වාර්තා වුව ද, දැන් එහි කූඨප්‍රාප්තියට පැමිණ තිබේ.

සංස්ථාව සදහා සේවකයින් බදවා ගැනීමේ දී මින් පෙර ප්‍රතිපත්තිය වූ ‘ලිස්ට් සිස්ටම් එක‘ වෙනුවට විවෘත තරග විභාග හා සම්මුඛ පරීක්ෂණ පැවැත්විය යුතු බවට අමාත්‍යවරයා හා නියෝජ්‍ය අමාත්‍යවරිය ප්‍රමුඛ නිසි බලධාරීන් එකගතාවකට යොමු වූයේ යහපාලන ආණ්ඩුව පිහිටවූ විගසය. ඒ අනුව, සේවක පුරප්පාඩු ප්‍රසිද්ධ දැන්වීම් හරහා ප්‍රසිද්ධියට පත් කරමින් එලෙස ලැබෙන ඉල්ලුම්පත් අනුව ඉදිරි ක්‍රියාමාර්ග අනුගමනය කරමින් සේවකයින් බදවා ගැනීම මෙහි අරමුණයි. මින් පෙර ආණ්ඩුවල දී සේ ඇමතිගේ හෝ නියෝජ්‍ය ඇමතිගේ ආසන වලින් බුරුතු පිටින් සංස්ථාවට රිංගීම් නතර වූයේ මේ නිසාය.

කෙසේ නමුත්, යහපාලනය අර්ථවත් කිරීමේ මෙම අරමුණු සුනු විසුණු කිරීමේ වැඩපිළිවලක් ඛනිජතෙල් සංස්ථාවේ ඉහළ පාලනාධිකාරිය විසින් කරගෙන යමින් සිටියි.
---
මේ වන විට, සංස්ථාව සදහා විගණන ලිපිකරුවන් (ඔඩිට් ක්ලාක්) සදහා පුරප්පාඩු ඇත. මීට අදාල දැන්වීමක් ඊයේ (14) ඛනිජ තෙල් සංස්ථා වෙබ් අඩවියේ ප්‍රදර්ශනය කර ඇති අතර එම දැන්වීම් පැයක පමණ කාලයක් පමණක් එහි තැබීමෙන් අනතුරුව ගලවා ඉවත් කර ඇත. සාමාන්‍යයෙන් මෙවැනි දැන්වීමක් දින පහක්වත් එසේ ප්‍රදර්ශනය කිරීම ක්‍රමවේදයයි. එසේම, මෙම දැන්වීම් ප්‍රසිද්ධ පුවත්පත් දැන්වීම් ලෙස ප්‍රසිද්ධ නොකිරීමට ද සංස්ථාවේ පාලනාධිකාරිය වගබලාගෙන ඇත.
පුරප්පාඩු නොමැති බව වෙබ් අඩවියේ දැක්වේ


මේ අනුව, මෙම පුරප්පාඩු දැන්වීම හිටි හැටියේ වෙබ් අඩවියේ පෙන්වා, ඊටත් වඩා වේගයෙන් හැරෙන තැපෑලෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් ලේකම්වරයෙක් විසින් ඛනිජතෙල් සංස්ථාවේ මානව සම්පත් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයාගෙන් විමසා ඇත. එයට පිළිතුරු දෙමින් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ගමගේ මහතා පවසා සිටියේ, “අපිට කන්ට්‍රෝල් කරන්න බැරි තැන් තියනවනේ. සංස්ථාවේ ඉහළ තැනකින් ආපු නියෝගයකටයි ඒක අයින් කළේ. අපි ඒ ගැන කතා නොකර ඉමු“ යනුවෙනි.

ප්‍රසිද්ධියට පත් කරන හා ඇත්ත වශයෙන්ම බදවා ගැනීමේ අවශ්‍යතාවක් මෙන්ම ඊට සූදානමක් ඇති පුරප්පාඩු පිළිබද දැන්වීම් ‘පෙන්නලා ආපසු ගැනීම‘ සහ වසන් කිරීම යහපාලන මූළදර්ම පමණක් නොව සදාචාර සීමාවන් පවා උල්ලංඝනය කිරීමකි. මෙවැනි වසන් කිරීම් හරහා ඛනිජ තෙල් සංස්ථා ඉහළ පාලනාධිකාරිය උත්සාහ කරනුයේ ඇමතිවරයාට ද නියෝජ්‍ය අමාත්‍යවරියට ද මෙන්ම යහපාලනය වෙනුවෙන් ඡන්දය දුන් හා ඒ පිළිබද විශ්වාසය තැබූ ලක්ෂ ගණනක් ජනතාවට ‘වංගු දමා‘ අයතා බදවාගැනීම් සිදු කිරීමට බව සාධාරණ සැකයක් මතු වෙයි.

මෙම සැකය තවත් තීව්‍ර කරනුයේ ඛනිජ තෙල් සංස්ථා බදවාගැනීම් සම්බන්ධයෙන් පසුගිය වසරක් පුරා පවත්නා දුර්වලතා හා සැකසහිත බව නිසාය.
---
ඊයේ දිනයේ දීම සංස්ථාවේ ආරක්ෂක නිළධාරීන් බදවා ගැනීමේ පත්වීම් ප්‍රදානයක් එම අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත්විණි. මෙහිදී පත්වීම් ලබා ගැනීමට පැමිණෙන ලෙස සුදුසුකම් ලැබූවන් සදහා දුරකතන මගින් දන්වා ඇත්තේ ඛනිජ තෙල් සංස්ථා මානව සම්පත් අංශයයි. එම දැන්වීම් අනුව ඊයේ සවස 3.00ට පමණ කොළඹ 7 මල්පාරේ අමාත්‍යාංශය වෙත පැමිණි සිව් දෙනෙකුට ඊට ඇතුල්වීමට අවස්ථාවක් ලබා දිය නොහැකි බව ආරක්ෂක අංශය විසින් දන්වා ඇත. ඒ පිළිබද ඔවුන් විමසූ විට ආරක්ෂකයින් පවසා ඇත්තේ ‘ලිස්ට් එකේ නම් නෑ‘ යනුවෙනි.

කැදවීම් ලැබී පත්වීම් නොලැබුණු අයගේ තොරතුරු


මානව සම්පත් අංශයේ 0115455273 අංකයෙන් ලද කැදවීම අනුව පැමිණි ගම්පොළ පදිංචි ඩී. ඒ. ලේකම්ගේ, පැල්මඩුල්ලේ පදිංචි එස්. චතුරංග හා අමාත්‍යවරයා වන චන්දිම වීරක්කොඩි මහතා නියෝජනය කරන ගාල්ල දිස්ත්‍රික්කයේ පදිංචි මෙන්ම අමාත්‍යවරයාගේ ලගම ආධාරකරුවන්ට සම්බන්ධ අයවලුන් වන බද්දේගම පදිංචි රාජිත ධීරරත්න හා රත්ගම පදිංචි එම්. ජනරංජන යන අයවලුන් මෙලෙස ‘ලිස්ට් එකේ නැති නිසා ඇතුළට ගන්න බෑ‘ ලෙස ප්‍රතිචාර ලැබූ අයයි.

රැකියා පත්වීමක් ලබා ගැනිම සදහා කළ දැන්වීම පරිදි එහි පැමිණි ඔවුන් වෙත පත්වීම් ලබා නොදීම හේතුවෙන් දැඩි පීඩාවකට හා පීඩනයකට ලක් වූ ඔවුන් ‘දැන් ගමේ යන්න බෑ‘ කියමින් රාත්‍රිය වන තෙක්ම අමාත්‍යාංශය ඉදිරිපිට රැදී සිටිනු දක්නට ලැබිණි.
අගතියට පත් අය

---
වයස අවුරුදු 70 ද ඉක්මවා ඇති ප්‍රධානියකු විසින් පාලනය වන ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ හා ‘ලොකු ලොක්කන්‘ හා සම්බන්ධ එකම ඛේදනීය සිද්ධීන් මේ පමණක් නොවේ. නිසි කළමණාකරණයක් නොමැති වීම හේතුවෙන් මිලියන ගණන් පාඩු ලබන දුක්ඛිත තත්ත්වයකට පත්ව ඇති සංස්ථාව බේරා ගැනීම රජයේ හෝ ආණ්ඩුවේ වගකීමක් පමණක් නොවේ. එය මුළුමහත් රටේම වගකීමකි.

යහපාලන ආණ්ඩුව වෙනුවෙන් ඡන්දය දුන් හෝ නොදුන් සියලු දෙනාගේ අභිලාෂය වන්නේ යහපාලන මූලධර්ම අනුගමනය කරන සාදාචාර සම්පන්න රටකි. මෙවැනි විසම්මුතිවාදී මෝඝ පුරුෂයින් ආයතන පාලකයින් බවට පත් කරමින් ඔබ පතන යහපාලනය, ප්‍රජාතන්ත්‍රවාදය, යහපත් රට හෝ ප්‍රබුද්ධ සමාජය නිර්මාණය කළ හැකිද.

ජනාධිපතිතුමනි, අගමැතිතුමනි මේ ඔබේ අවධානය පිණිසයි. යහපාලනය දියාරු කරමින් ‘ලීක් වෙන‘ කූඹී ගුල් වැසීමට පෙර දැවැන්ත වක්කඩවල් වසා දැමීමට පියවර නොගන්නේ ඇයි.

- විශේෂ ලියුම්කරුවෙකු විසින්

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29588,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පෙට්‍රෝලියම් යහපාලනය සංස්ථා ලොක්කාගේ රෙද්ද පල්ලෙන් බේරෙයි.
පෙට්‍රෝලියම් යහපාලනය සංස්ථා ලොක්කාගේ රෙද්ද පල්ලෙන් බේරෙයි.
http://ift.tt/2e6bgb0
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/10/blog-post_933.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/10/blog-post_933.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy