දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

ඇවන්ගාඩ් කුමන්ත්‍රණයෙන් මෛත්‍රි - රනිල් ආණ්ඩුව වැටෙයිද?

"මේ ආණ්ඩුව තරම් රටේ මහජන මුදල් හා දේපොළ කොල්ලකන ලද ආණ්ඩුවක් ඉතිහාසයේම නැහැ. ඒ නිසා ජනාධිපතිවරණය දිනා එළැඹෙන දින 100 තුළ පසුගිය අවුරුදු...


"මේ ආණ්ඩුව තරම් රටේ මහජන මුදල් හා දේපොළ කොල්ලකන ලද ආණ්ඩුවක් ඉතිහාසයේම නැහැ. ඒ නිසා ජනාධිපතිවරණය දිනා එළැඹෙන දින 100 තුළ පසුගිය අවුරුදු 9 තිස්සේ මේ ආණ්ඩුවේ හොරකම් කරපු මහ හොරු ටික කොමිෂන් සභාවක් පත් කරල කොටු කරල දඬුවම් දෙනවා කියන එක මා ඓතිහාසික මහනුවර පුරවරයේදී පැහැදිලිවම කියනවා."

මේ මෛත්‍රිපාල 2015 ජනාධිපතිවරණයේදී 2014 දෙසැම්බර් 11 මහනුවරදී කළ කතාවය. ඔහු මහ හොරු යැයි කීවේ මහින්ද, බැසිල්, ගෝඨාභය සහ නාමල්ටය.

ඔහු රඹුක්කන, බතඹුරේ ක්‍රීඩා භූමියේ කළ මේ කතාවෙන් එය පැහැදිලි වේ.

"රටේ ජාතික ධනය භාණ්ඩාගාරය රාජ්‍ය වත්කම් සියයට හැටක් තියෙන්නේ මහින්ද, බැසිල්, ගෝඨාභය අතේ. ගෝඨාභය ලේකම්වරයෙක් වුණත් ඇමැතිවරයෙක් වගේ ඒ අමාත්‍යාංශය හසුරුවනවා. බැසිල් අනෙක් ඔක්කොම තියාගෙන ඉන්නවා. ඉස්සර මගෙන් ඇමැතිවරු අහනවා අපි කීදෙනකුට සර් කියන්නද, ජනාධිපතිවරු කී දෙනෙක් ආණ්ඩුවේ ඉන්නවාද කියලයි. මහින්ද, ගෝඨාභය, බැසිල්, නාමල් ඔය ඔක්කොම ජනාධිපතිවරු. ඔය පවුලෙන් ඉතුරු වෙලා ඉන්න හොඳ ගතිගුණ තියෙන්නේ චමල් රාජපක්ෂට විතරයි. අනෙක් ඔක්කොම හොරු. මම ඔය හොර නඩේට නිසි දඬුවම් දෙනවා."

23-12-2014
රඹුක්කන

චමල් ඇරෙන්න ගෝඨාභයද ඇතුළු රාජපක්ෂ පවුලම හොරු කීව මෛත්‍රි අද කියන්නේ ඇවන්ගාර්ඩ් දූෂිත ගනුදෙනුවට චෝදනා ලැබ සිටින ගෝඨාභය රාජපක්ෂ ඇතුළු නාවික හමුදාපතිවරු උසාවියට ගෙන ආපු එක වැරැදියි කියාය.

"මම මහින්දට, බැසිල්ට, නාමල්ට දඬුවම් දෙනවා. හැබැයි ගෝඨාභය හොරකම් කළාට දඬුවම් දෙන්නේ නැහැ මොකද එතුමා යුද්ධය ජය ගත්ත නිසා......."

එදා මෛත්‍රි මෙහෙම කිව්වා නම් කමක් නැත. හොඳ ළමයෙක් කියල චමල්ට දුන්න සහතිකයම ගෝඨාභයටත් දුන්නා නම් ඒත් කමක් නැත. ඔහු කීවේ මහින්ද, ගෝඨාභය, බැසිල්, නාමල් යන මේ ඔක්කොම හොරු කියලාය. මේ හොරුන්ට දවස් 100ක් තුළ දඬුවම් දෙනවා කියාය. සෝභිත හාමුදුරුවන්ගේ පොතක් ‍ෙදාරට වඩින උත්සවයකට ගිහින් කීවේ මහ හොරුන්ට දඬුවම් නොදෙන එක තමාටත් ප්‍රශ්නයක් කියාය. තැටිය රත්වෙලා තියෙද්දී රොටිය පුච්චන්නේ නැත්තේ ඇයි කියන එක තමාටත් ප්‍රශ්නයක් කියාය. මහින්දගේ, බැසිල්ගේ, ගෝඨාභයගේ, නාමල්ගේ හොරකම් අල්ලන්නේ නැහැ කියලා ඔහු චෝදනා කළේ රනිල්ට සහ රනිල්ගේ ආණ්ඩුවටය.

දැන් රනිල්ගේ ආණ්ඩුව ගෝඨාභයට එරෙහිව ඇවන්ගාර්ඩ් දූෂිත ගනුදෙනුව සම්බන්ධයෙන් නඩු පවරලා ඔහුව උසාවි ගෙන එද්දී මෛත්‍රි කියන්නේ එහෙම උසාවි ගෙන ආපු එක වැරැදියි කියාය. දැන් මෛත්‍රි කියන්නේ ගෝඨාභයව උසාවි ගෙනාපු අල්ලස් කොමිසම වැරැදියි කියාය.

"එදා හොරු අල්ලන්නේ නැහැ කියල කෑගැහුවා. දැන් හොරු උසාවි ගේනකොට ගේන්න එපා කියනවා. මොකක්ද මේ මනුස්සයා කියන්නේ.....?"

මේ මෛත්‍රිගේ කතාව අහල මිනිස්සු අහන ප්‍රශ්නයය.

ඇත්තටම ඇවන්ගාර්ඩ් ගනුදෙනුව දූෂිතයි කියල ඇවන්ගාර්ඩ් වෙනුවෙන් පාර්ලිමේන්තුවේ කතා කළ හිටපු නීතිය සහ සාමය ඇමැති තිලක් මාරපනට ඇමැති ධුරයෙන් ඉවත් වෙන්න කීවේ මෛත්‍රිය. ඔහු මාරපනට ඉවත් වෙන්න කීවේ ඇවන්ගාර්ඩ් ගනුදෙනුවේ කිසිම දූෂණයක් වී නැහැ ඇවන්ගාර්ඩ් ආයතනයට එරෙහිව නඩු දමන්න බැහැ කියල තිලක් මාරපන කළ කතාවටය. ඔහු එලෙස උත්තර දුන්නේ ඇවන්ගාර්ඩ් දූෂණය යට ගහන්න ආණ්ඩුව ක්‍රියා කරනවා යැයි ජ.වි.පෙ. නායක අනුර කුමාර චෝදනා කරද්දීය. අනුර එදා එම චෝදනාව එල්ල කරමින් කළ කතාවේ ඇවන්ගාර්ඩ් අධිපති මෛත්‍රිව හමු වුණාය කියන කතාව ඇත්තක්දැයි ඇසීය. තමාට එය මතක නැහැ කී මෛත්‍රි ඇවන්ගාර්ඩ් ගනුදෙනුව පාර්ලිමේන්තුවේ ආරක්ෂා කළ තිලක් මාරපනට ඉවත් වෙන්න යැයි කීවේය. රනිල්ද එය අනුමත කොට රනිල්ගේ අමාරුම කාලයේ එ.ජා.ප.යේ නඩුවලට පෙනී සිටි රනිල්ගේ නීති උපදේශකවරයකු වූ තිලක් මාරපනට ඉවත් වෙන්න කීවේය. මාරපන මෛත්‍රි සහ රනිල්ගේ නියෝග මත ඇමැති ධුරයෙන් ඉවත් විය. දැන් මෛත්‍රි කියන්නේ ඇවන්ගාර්ඩ් දූෂිත ගනුදෙනුවට එරෙහිව නඩු දමල ගෝඨාභයව උසාවි ගෙන ආපු අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් දිල්රුක්ෂි වැරැදියි කියාය.

"එදා ඇවන්ගාර්ඩ් ආරක්ෂා කළ මාරපනට අයින් වෙන්න කී මෛත්‍රිම දැන් ඇවන්ගාර්ඩ්ට එරෙහිව නඩු දමපු දිල්රුක්ෂිට අයින් වෙන්න කියනවාද.......?"

ලොකුම විහිළුව ඒකය. ගෝඨාභය ඇතුළු හමුදාපතිවරු උසාවි ගෙන ආපු ආකාරය වැරැදියි කියන මෛත්‍රි නොකියා කියන්නේ ඇවන්ගාර්ඩ් චෝදනාව යටතේ ඔවුන්ට නඩු පවරපු එක වැරැදියි කියාය. මන්ද චෝදනාවට ඔවුන් වගකිවයුතු නම් අනිවාර්යයෙන්ම ඔවුන්ව උසාවි ගෙන ආ යුතුය. උසාවි ගෙන ඒම වැරැදි නම් නඩු පවරන්නේ නැතිව සිටිය යුතුය.

"ඒ කියන්නේ මෛත්‍රි කියන්නේ ඇවන්ගාර්ඩ් දූෂිත ගනුදෙනුවට එරෙහිව නඩු පවරපු එක වැරැදියි කියලාද?

මාරපනට අයින් වෙන්න කියනකොට දූෂිත ගනුදෙනුවක් සේ පෙනුණු ඇවන්ගාර්ඩ් දැන් මෛත්‍රිට පිරිසුදු ගනුදෙනුවක් වෙලාද.....?"

ප්‍රශ්නය තියෙන්නේ එතැනය. මෛත්‍රි කියන්නේ ගෝඨාභයලා උසාවි ගෙන ගිය ඇවන්ගාර්ඩ් නඩුව දේශපාලන න්‍යාය පත්‍රයක් මත හදපු එකක් කියාය. දේශපාලන න්‍යායපත්‍ර උඩ නඩු දමන එක වැරැදි යැයි මෛත්‍රි කියයි. නීතිය කාටත් එක සමාන විය යුතු යැයි කියන මෛත්‍රි ගෝඨාභය උසාවි ගෙන ඒම වැරැදියි කියයි.

"ඒ කියන්නේ මෛත්‍රි එදා හොර නඩයේ එක්කෙනෙක් කීව ගෝඨාභය අද නීතියට ඉහළින් සිටිය යුතු යැයි කියනවාද?"

මෛත්‍රි කියන්නේ මොකක්ද කියා මෛත්‍රිම ජනතාවට තේරුම් කරදිය යුතුය. ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ට නොව ඔහුව ජනාධිපති කරන්න ඡන්දය දුන් ලක්ෂ 62කට තේරුම් කර දිය යුතුය. මෛත්‍රි ඔවුන්ගේ ඡන්දය ගත්තේ මහ හොරු අල්ලනවා කියාය. දැන් මහ හොරු අල්ලන අල්ලස් කොමිසමට සහ එෆ්.සී.අයි.ඩී.යට බැනවැදීම මෛත්‍රි ඔහුට ඡන්දය දුන් ලක්ෂ 62ක ඡන්දදායකයන්ට කොකා පෙන්වීමකි. ඒ ලක්ෂ 62 හොරුන්ට පාවා දීමකි.

"මෛත්‍රිත් ඇවන්ගාර්ඩ් උගුලේ පැටලිලාද........?"

මෛත්‍රිගේ ගෝඨා ප්‍රේමය මෛත්‍රිගේ මල්ලිගේ ගෝඨා ප්‍රේමය නිසාද......?"

"එතකොට ගෝඨාට නඩු දැමීම දේශපාලන න්‍යාය පත්‍රයක් නම් ගෝඨා බේරා ගැනීම සහෝදර න්‍යාය පත්‍රයක්ද...?"

හොරු අල්ලන්න කියල මෛත්‍රිට ඡන්දය දුන් ලක්ෂ 62 වෙනුවෙන් මෛත්‍රි මේ ප්‍රශ්නවලට උත්තර බඳින්න ඕනෑය. හේතුව මෛත්‍රි අල්ලස් කොමිසමට සහ

එෆ්.සී.අයි.ඩී.යට කර ඇත්තේ තර්ජනයකි. මේ තර්ජනයට පසු අල්ලස් කොමිසම හෝ එෆ්.සී.අයි.ඩී.ය හොරු අල්ලන්න දැල එළනු ඇතැයි සිතිය නොහැකිය.

මෛත්‍රිට ඡන්දය දුන් ලක්ෂ 62ට මෙලෙස තර්ජනය කොට ඔවුන් ප්‍රාණ ඇපයට තියාගෙන ශ්‍රීල.නි.ප.යේ රජ්ජුරුවෝ වෙන්න හීන මවනවා නම් ඒක නපුරු හීනයකි.

-උපුල් ජෝෂප් ප්‍රනාන්දු


COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29588,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ඇවන්ගාඩ් කුමන්ත්‍රණයෙන් මෛත්‍රි - රනිල් ආණ්ඩුව වැටෙයිද?
ඇවන්ගාඩ් කුමන්ත්‍රණයෙන් මෛත්‍රි - රනිල් ආණ්ඩුව වැටෙයිද?
http://ift.tt/2e2GjFL
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/10/blog-post_836.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/10/blog-post_836.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy