දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

අනුරාධපුට මූලික රෝහල් පහක්.

2017 වර්ෂයේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය රෝහල් පහක් මූලික රෝහල් ලෙස පත් කරන්න කටයුතු කරනවා යැයි කෘෂිකර්ම අමාත්‍යය, අනුරාධපුර දිස්ත්‍...


2017 වර්ෂයේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය රෝහල් පහක් මූලික රෝහල් ලෙස පත් කරන්න කටයුතු කරනවා යැයි කෘෂිකර්ම අමාත්‍යය, අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පැවසීය.

ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ,කදුපාගම උදාහිරු තරුණ සංවිධානයේ සංවිධාන ශක්තියෙන් ඉදි කරන ලද ලබුනෝරුව ග්‍රාමීය රෝහල් මාතෘ සායනික විවේකාගාරය දිවංගත උතුරු මැද පළාත් හිටපු ප්‍රධාන අමාත්‍යය බර්ටි ප්‍රේමලාල් දිසානායක මැතිතුමාගේ තෙවර්ෂ පූර්ණ ගුණ සැමරුම නිමිත්තෙන් ජනතා අයිතියට පත් කරමින්ය.එහිදී ගැබිණි මවුවරුන් සදහා ත්‍යාග පිරිනැමීමමද අමාත්‍යය දුමින්ද දිසානායක මහතා අතින් සිදු කෙරිණි.

පදවිය, කැබිතිගොල්ලෑව, තඹුත්තේගම, කැකිරාව, හොරොව්පතාන රෝහල් පහ මූලික රෝහල් ලෙස නම් කර අවශ්‍යය පහසුකම් සැපයීමට කටයුතු කරනවා. ලේ බැංකු, වකුගඩු ඒකක සහිතව එම රෝහල් දියුණු කරන්න බලාපොරොත්තු වෙනවා යැයි කෘෂිකර්ම අමාත්‍යය දුමින්ද දිසානායක මහතා පැවසීය.

වර්ථමානයේ හැමෝම නෑ , බෑ කියන්න තමයි පුරුදු වෙලා තියෙන්නේ, එහෙමත් නැත්නම් කවුරු හරි කරනකම් තමයි බලාගෙන ඉන්නේ, හැබැයි උදාහිරු තරුණයෝ මේ රටට පණිවිඩයක් දීලා තියෙනවා, ගමේ අය එකතු වුණොත් ගමට සේවයක් කරන්න පුළුවන් කියලා.මගේ පියත් මමත් දේශපාලනය කරන්න පටන් ගත්තේ, දේශපාලනය කරන්නේ ආසනයක් පදනම් කරගෙන නෙමෙයි, මේ දිස්ත්‍රික්කයම අපේ කියලා තමයි අපි වැඩකටයුතු සිදු කරන්නේ.ඒ නිසා අපි දිස්ත්‍රික්කයටම පසුගිය කාලය පුරා සංවර්ධනය ගෙනාවා, ඒ වගේම ඉදිරියටත් මම අනුරාධපුර දිස්ත්‍රික්කයම සංවර්ධනයට කටයුතු කරනවා.

රෝහල් දියුණු කිරීමේදී අපිට ගැටලු රැසකට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා, අද වෛද්‍යවරුන්ගේ හිගයක් තිබෙනවා, විශාල හෙද හිගයක් තියෙනවා, රෝහල් වල ගොඩනැගිලි හැදුවාට වැඩක් නෑ , අපිට වෛද්‍යවරයෙක් ගෙන්වා ගන්න නැත්නම් , මොකද රෝහල් ගොඩනැගිල්ලකින් වැඩක් වෙන්නේ නෑ වෛද්‍යවරුන් නැතිව, ඒ නිසා මේ රටට අවශ්‍යය වෛද්‍යවරුන් , හෙදියන් සපිරීමෙන් පසු රෝහල් දියුණු කළ හැකියි.සෞඛ්‍යයි අධ්‍යාපනයයි දෙපැත්ත අපි වරද්දා ගෙන තියෙන්නේ, අපිට ඕන ගමට රෝහලක් , පාසල් කියලයි ඉල්ලන්නේ, නමුත් හොද අධ්‍යාපනයක්, හොද රෝහලක් අපි නිර්මාණය කර ගත යුතු වෙනවා.ඒ සදහා ලබුනෝරුව රෝහලත් දියුණු කරන්න බලාපොරොත්තු වෙනවා යැයි වැඩිදුරටත් පැවසීය.

මෙම අවස්ථාවට කෘෂිකර්ම අමාත්‍යය දුමින්ද දිසානායක මහතාගේ පෞද්ගලික ලේකම් කවින්ද දිසානායක, රවින්ද්‍ර දිසානායක යන මහත්වරුන් , සම්බන්ධීකරණ ලේකම්වරුන් ඇතුළු ප්‍රදේශවාසීන් විශාල පිරිසක් එක්ව සිටියහ.

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29581,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: අනුරාධපුට මූලික රෝහල් පහක්.
අනුරාධපුට මූලික රෝහල් පහක්.
http://ift.tt/2enns6p
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/10/blog-post_702.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/10/blog-post_702.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy