රාජපක්ෂවරුන් බේරා ගැනීම සඳහා පොලිසිය අයත් නීතිය හා සාමය අමාත්‍යාංශය තමා යටතට පත් කර ගැනීමට ජනාධිපතිවරයා කටයුතු කළහොත් ඔහුට එරෙහිව දෝෂාභියෝ...
රාජපක්ෂවරුන් බේරා ගැනීම සඳහා පොලිසිය අයත් නීතිය හා සාමය අමාත්‍යාංශය තමා යටතට පත් කර ගැනීමට ජනාධිපතිවරයා කටයුතු කළහොත් ඔහුට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට එජාප මන්ත්‍රීවරුන් පිරිසක් සැලසුම් කරමින් සිටින බව වාර්තාවේ.
ඒ සම්බන්ධයෙන් වහාම මැදිහත්වන්නැයි අගමැතිවරයා ගෙන් ඉල්ලා සිටීමට ද ඔවුන් බලාපොරොත්තු වේ.
ශ්‍රීලනිපය දෙකඩ කිරීමටත්, ජනාධිපතිවරයා සහ හමුදාව අතර විරසකයක් ගොඩනැගීමටත් නීතිය හා සාමය අමාත්‍යාංශය හරහා සියුම් කුමන්ත්‍රණයක් දියත්ව ඇති බවට බුද්ධි අංශ ජනාධිපතිවරයාට දැනුම්දී ඇති බවත් ඒ අනුව එම අමාත්‍යංශය වහාම ජනාධිපතිවරයා වෙත පවරා ගැනීමේ සුදානමක් පවතින බවත් වාර්තා විය.
මේ අතර, අද රාත්‍රීයේ බස්නාහිර පළාතේ සියලූ පොලිස් ස්ථානවලට සීරුවෙන් සිටින ලෙස උපදෙස් ලබාදී ඇත.
ඒ, බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහගේ උපදෙස් මතය.
යම්කිසි හදිසි අවස්ථාවක් ඇති වුවහොත් ඊට මුහුණදීම මෙහි ප්‍රධාන අරමුණ බව පොලීසියේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු පැවසිය.
දහවල් රාජකාරියේ නිරත වූ සියලූ නිලධාරීන් රාත්‍රී සේවා මුරය සඳහා අනිවාර්යයෙන් වාර්තා කළ යුතු බවද ඔහු කියා සිටියේය.
COMMENTS