දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
'රහසේ කුමන්ත්‍රණ නෑ - දෙන ගේම් එළියේ'
Homeදේශපාලන

'රහසේ කුමන්ත්‍රණ නෑ - දෙන ගේම් එළියේ'

PropellerAds

තමන් ඩාලි පාරේ පිහිටි බෝඩ් ලෑල්ලකට හෝ කාර්යාලයකට යට වන ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් නොවන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි. 'ශ්‍ර...

ශ්‍රී ලංකා ක්‍රිකට් හදන වැඩේට ජනපති මැදිහත් වෙයි
15 හැවිරිදි දැරිය දූෂණය කළ බව කියන නම් ලැයිස්තුව බොරුවක් - පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක
9 වසර දැරියක් නිවස තුළදීම දූෂණය කරලා! නොසිතූ ලෙස පවුලේම අයෙක් මාට්ටු!

තමන් ඩාලි පාරේ පිහිටි බෝඩ් ලෑල්ලකට හෝ කාර්යාලයකට යට වන ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් නොවන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි.

'ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්ති සමග හිට ගත්තු මිනිස්සු අපි. අද ඒ සියලු ප්‍රතිපත්ති පැත්තකට දාලා.' හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ ඒකාබද්ධ විපක්ෂය විසින් රත්නපුර නගරයේ සංවිධානය කරන ලද රැළිය අමතමින්.

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති හා එකඟ වීමට නොහැකි වූ බැවින් එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක ඇතුළු පිරිසක් ශ්‍රීලනිපය ආරම්භ කළ බවත් අද එය එක්සත් ජාතික පක්ෂය පාමුල තබා ඇති බවත් කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ සඳහන් කළේය.

'මේ පක්ෂය හැදුවේ එක්සත් ජාතික පක්ෂයට, ඒ පක්ෂයේ ප්‍රතිපත්තිවලට විරුද්ධව,' ඔහු කියා සිටියේය.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ රට බෙදීමේ උත්සාහයක නිරත වී සිටින බැවින් ඊට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය පෙළ ගැසී ඇති බවයි හිටපු ජනාධිපතිවරයා පවසන්නේ.
සියලු පක්ෂ සහ පෙරමුණු ඒකාබද්ධ කර ගනිමින් ආණ්ඩුවේ වත්මන් ක්‍රියාකලාපයට එරෙහිව පෙළ ගැසෙන බවත් 'ඒකාබද්ධ විපක්ෂය නුදුරේ දීම ඒකාබද්ධ ආණ්ඩුවක්' බවට පත් වන බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පැවසීය.



'රහසේ කුමන්ත්‍රණය නොකොට ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරමින් ආණ්ඩු බලය ලබා ගන්නා' බවයි ඔහු කියා සිටියේ.

'ඇමතිවරු පස්සෙත් සීඅයිඩිය දානවා, මන්ත්‍රීවරුන්ගේ ටෙලිෆෝන් ටැප් කරලා. අපේ ගේ ඉස්සරහත් ඒකකයක් දාලා ගෙදරට යන එන අය ගැන ලැයිස්තු ලියනවා,' ඔහු සඳහන් කළේය.

ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් ආණ්ඩුවට එක් වන බවට ඇතැමුන් ප්‍රකාශ කළත් එවැන්නක් සිදු නොවන බවයි හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේ.

'ගිලෙන නැවට පනින්නේ නැහැ. ගිලෙන නැවෙන් තමයි පනින්නේ' ඔහු පැවසීය.

"අරගලයට පණ පොවන නව ජනතා බලවේගය" මැයෙන් පැවති ජන රැළියට බැසිල් රාජපක්ෂ, වාසුදේව නානායක්කාර, තිස්ස විතාරණ, උදය ගම්මන්පිල, පවිත්‍රා වන්නිආරච්චි, කුමාර වෙල්ගම, විමල් වීරවංශ, දිනේෂ් ගුණවර්ධන ඇතුළු පිරිසක් එක් වී සිටියහ


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29434,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: 'රහසේ කුමන්ත්‍රණ නෑ - දෙන ගේම් එළියේ'
'රහසේ කුමන්ත්‍රණ නෑ - දෙන ගේම් එළියේ'
http://ift.tt/2dnRDdc
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/10/blog-post_381.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/10/blog-post_381.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy