කොළඹ - නෙළුම් පොකුණ රඟහලේදී ඊයේ (11) නිමාව දුටු හිරු ගෝල්ඩන් ෆිල්ම් අවෝඞ්ස් 2016 සිනමා සම්මාන උළෙලේ වසරේ හොඳම නළුවා ලෙස තණ්හා - රතී - රඟා ...
කොළඹ - නෙළුම් පොකුණ රඟහලේදී ඊයේ (11) නිමාව දුටු හිරු ගෝල්ඩන් ෆිල්ම් අවෝඞ්ස් 2016 සිනමා සම්මාන උළෙලේ වසරේ හොඳම නළුවා ලෙස තණ්හා - රතී - රඟා චිත්‍රපටයේ සරත් කොතලාවල ද, හොඳම නිළිය ලෙස බොරදිය පොකුණ චිත්‍රපටියේ කෞෂල්‍යා ප්‍රනාන්දු ද සම්මානයට පාත්‍රවිය.
ඒ අනුව හොඳම චිත්‍රපට අධ්‍යක්‍ෂණය වෙනුවෙන් ඔබ නැතුව ඔබ එක්ක චිත්‍රපටයේ ප්‍රසන්න විතානගේ සම්මාන දිනාගත් අතර, හොඳම චිත්‍රපටය ලෙස හෝගානා පොකුණ චිත්‍රපටයට සම්මාන හිමිවිය.
පසන්න හොඳම තිර රචනයට හිමි සම්මානය ද ඔබ නැතුව ඔබ එක්ක චිත්‍රපටය වෙනුවෙන් හිමිකරගත්තේය.
ජූරියේ විශිෂ්ඨ සම්මානය මහරජ ගැමුණු චිත්‍රපටයේ රඟපෑ ජැක්සන් ඇන්තනීට හිමිවිය.
මෙරට සිනමා තාරකාවන් මෙන්ම බොලිවුඩයේ සුපිරි සිනමා තරු රැසකගේ සහභාගීත්වයෙන් පැවති මේ සම්මාන රාත්‍රිය විවිධ නර්තනාංගවලින් මෙන්ම ගැයුම් වැයුම්වලින්ද වර්ණවත් වී තිබුණි.
ශ්‍රී ලංකාවේ සම්මාන උළෙලක් සඳහා භාවිතා කළ නවීනතම තාක්ෂණයෙන් යුතු ආලෝකකරණ පද්ධතියක් ඊට යොදා තිබූ අතර දියුණුම ශබ්ද පරිපාලන පද්ධතියක් සහ කැමරා පද්ධතියක් ද ඊට යොදා ගැනීම විශේෂ සිද්ධියකි.
හොඳම සහය නළුවා ලෙස ඇඩ්‍රස් නෑ චිත්‍රපටයේ මහේන්ද්‍ර පෙරේරාත්, හොඳම සහය නිළිය ලෙස මහරජ ගැමුණු චිත්‍රපටයේ රඟපෑ කුසුම් රේණුත් සම්මානයට පාත්‍ර විය.
මේ වසරේදී හොඳම විකට රංගනය සහ හොඳම ප්‍රතිවීර රංගනය සඳහා නව සම්මාන දෙකක් හඳුන්වා දුන් අතර හොඳම විකට රංගනයට හිමි සම්මානය හෝගාණා පොකුණ චිත්‍රපටයේ රඟපෑ ජයලත් මනෝරත්න හිමිකරගත්තේය.
හොඳම ප්‍රතිවීර රංගනයට හිමි සම්මානයට හිමිකම් කියනු ලැබුවේ එම චිත්‍රපටයේ රඟපෑ දයාදේව එදිරිසිංහය.
හොඳම කැමරා අධ්‍යක්‍ෂවරයා ලෙස සම්මාන හිමිකරගත්තේ ඇඩ්‍රස් නෑ චිත්‍රපටයේ චන්න දේශප්‍රිය ය.
හොඳම සංස්කරණයට හිමි සම්මානය හෝ ගානා පොකුණ චිත්‍රපටයේ තිස්ස සුරේන්ද්‍ර ට හිමිවිය.
හොඳම වේෂ නිරූපණය ඇඩ්‍රස් නෑ චිත්‍රපටයේ හර්ෂ මංජුලට හිමිවූ අතර, හොඳම රංග වස්ත්‍ර නිර්මාණයට හිමි සම්මානය අනගාරික ධර්මපාල චිත්‍රපටයේ හීනටිගල ප්‍රේමදාසට ලැබිණි.
හොඳම සටන් අධ්‍යක්‍ෂණයට හිමි සම්මානය හිමිකරගත්තේ ඇඩ්‍රස් නෑ චිත්‍රපටයේ වසන්ත කුමාරවෙලටය.
ජනප්‍රියම ගීතයට හිමි සම්මානය හිමිවූයේ හෝ ගානා පොකුණ චිත්‍රපටයටය සඳහාය.
ජීවිතයේ එක්වරක් පමණක් පිදෙන හිරු ජීවන ප්‍රණාම සම්මානයෙන් මෙවර පිදුම් ලැබුවේ ප්‍රවීන රංගන ශිල්පී රවීන්ද්‍ර රන්දෙණියය.
ඊට අමතරව ඩී.බී. නිහාල්සිංහයන්රන් උත්තමාචාර සම්මානයෙන් පිදුම් ලැබීය.
ශ්‍රී ලංකාවේ සංවිධාන වූ ජාත්‍යන්තර ප්‍රමිතියේ එකම සම්මාන උළෙල වන හිරු ගෝල්ඩන් ෆිල්ම් අවෝඞ්ස් සිනමා සම්මාන උළෙල 2014 වසරේදී ආරම්භ වූයේ ආසියානු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ සංකල්පයක් අනුවයි.
2014 සහ 2015 වසරවල තිරගතවූ චිත්‍රපට 40 කට මෙන්ම එම වර්ෂවල නිෂ්පාදනය කෙරුණු කෙටි චිත්‍රපට 100 ක් අතරින් තෝරාගත් නිර්මාණ වෙනුවෙන් මෙහිදී සම්මාන පිදීම සිදු විය.
COMMENTS