ලොව තෙල් නිපදවන රටවල නායකයින්ගෙන් සමන්විත ඔපෙක් සංවිධානය විසින් සියයට 5කින් තෙල් මිල ඉහළ දැමීමට තීරණය කර තිබේ. මේ අනුව දිනක බොරතෙල් නිෂ්ප...
ලොව තෙල් නිපදවන රටවල නායකයින්ගෙන් සමන්විත ඔපෙක් සංවිධානය විසින් සියයට 5කින් තෙල් මිල ඉහළ දැමීමට තීරණය කර තිබේ.
මේ අනුව දිනක බොරතෙල් නිෂ්පාදනයෙන් ලක්ෂ හතක බැරල් ප්‍රමාණයක් අඩුකිරීමට ඔපෙක් සංවිධානය පියවර ගෙන ඇත.
අට වසරකට පසුව ප්‍රථම වතාවට මෙම තීරණය ගෙන ඇති බව විදෙස් මාධ්‍ය අනාවරණය කරයි.
මේ පිළිබඳ අදහස් දක්වමින් ඉරානයේ ඛනිජ තෙල් අමාත්‍ය බිජාන් ක්ෂන්ගනේජ් පවසා ඇත්තේ ඔපෙක් සංවිධානය විසින් ඉතා හොඳ තීරණයක් අද ගෙන ඇති බවයි.
මේ අතර මෙරට ඛනිජතෙල් කර්මාන්ත අමාත්‍යාංශය සඳහන් කළේ ලෝක වෙලඳපොලේ බොර තෙල් බැරලයක මිල සියයට 6 කින් ඉහළ දැමීමට තෙල් නිෂ්පාදකයින් ගත් තීරණය පිළිබඳව අධ්‍යයනයක් සිදුකරන බවයි.
මෙය මෙරට ආර්ථිකයට අහිතකර අන්දමින් බලපානු ඇති බවත් මේ අනුව දැනට වඩා වැඩි මුදලකට බොරතෙල් බැරලයක් මිලදී ගැනීමට සිදුවනු ඇති බවත් ඛනිජතෙල් කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් සුදර්මා කරුණාරත්න මහත්මිය සඳහන් කළේය.
කෙසේ වෙතත් මෙරට ඉන්ධන මිල ඉහළ දැමීමේ තීරණයක් මෙතෙක් ගෙන නොමැති බව ලේකම්වරිය අවධාරණය කළාය.
COMMENTS