ඩිජිටල් පෙරලිය හරහා ලංකාවේ ආර්ථිකයට සහ රැකියා උත්පාදනයට අලුත් මාර්ග රැසක් විවෘත කිරීමේ හැකියාව ඇත. ඉදිරියේදි රටේ බහුතර රැකියා නිර්මානය කි...
ඩිජිටල් පෙරලිය හරහා ලංකාවේ ආර්ථිකයට සහ රැකියා උත්පාදනයට අලුත් මාර්ග රැසක් විවෘත කිරීමේ හැකියාව ඇත.
ඉදිරියේදි රටේ බහුතර රැකියා නිර්මානය කිරීමේ වැඩසටහනට මේ වන විටත් පදනම දැමීමේ වැඩසහන් සහ රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡා සහ සහය ලබා ගැනීමේ සාකච්චා වට රැසක් පසුගිය වකවානුව තුල ඩිජිටල් අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා ගේ මූලිකත්වයෙන් පැවැත්වුනි.
ජපානය, ඉන්දියාව, චීනය, අමරිකාව වැනි ප්‍රබල රටවල් සහ ලෝකයේ ප්‍රබල තොරතුරු තාක්ෂණික ආයතනවල ආරාධනය පරිදි විවිධ සැලසුම් ක්‍රියාවට නැංවීමට පදනම යොදා ගන්නට අවස්ථාව මේවන විට ලැබී ඇත.
ලොව මිලියන ගණනාවකගේ රැකියා ගැටලුවට පිලිතුර ඇත්තේ ඩිජිටල් කරනය මතයි. එනම් තාක්ෂණික පෙරලිය හරහා පරිගනක තොරතුරු තාක්ෂනය දියුණු කිරීම මතයි.
එකී තාක්ශනික දියුනුව ඇති කිරීම උදෙසා පලමුව අධ්‍යාපනික වෙනස් කම් රැසක් ඩිජිටල් කරන ක්‍රියාවලිය තුල සිදු විය යුතුයි.
ඊට වැඩි අවස්තාවක් ලබාදීමට වත්මන් ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යංශය හරහා සිදු කිරීමට වැඩසටහන් ක්‍රියාත්මක කරමින් සිටී.
මේ පිළිබඳව දිනමිණ ඔන්ලයින් සමඟ අදහස් දැක්වූ ඩිජිටල් අමාත්‍යවරයාගේ උපදේශක නිශාන් ප්‍රනාන්දුපුල්ලේ මහතා,
"කිසිම සැකයක් නෑ අපිට තරුණ පිරිසක් ඉන්නව ඉතාමත් බුද්ධිමත්. එයාලට පුළුවන් ඩිජිටල් ආර්ථිකය බාරගන්න. ඔවුන්ට අවශ්‍ය වන්නේ නිසි ආකාරයේ මග පෙන්වීමක් සහ මුල්‍යමය සහයක් පමනයි. ඒ පිලිබදව සහය ලබා දීත් ඔවුන්ගේ යටිතල පහසුකම් නිර්මනය කිරීමට සියල්ල සපයන්න ගරු අමාත්‍යවරයා පියවර ගනිමින් සිටිනවා."
COMMENTS