ඇමෙරිකාවේ ඩෙමොක්‍රටික් පක්ෂයේ ජනපති අපේක්ෂිකා හිලරි ක්ලින්ටන් නිව්මෝනියාවෙන් පෙළෙන බව වාර්තා වේ. හිලරි නිව්මෝනියාවෙන් පෙළෙන බවට පසුගිය සි...
ඇමෙරිකාවේ ඩෙමොක්‍රටික් පක්ෂයේ ජනපති අපේක්ෂිකා හිලරි ක්ලින්ටන් නිව්මෝනියාවෙන් පෙළෙන බව වාර්තා වේ.
හිලරි නිව්මෝනියාවෙන් පෙළෙන බවට පසුගිය සිකුරාදා දින හඳුනාගෙන ඇති අතර, ඇයට වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබා දී තිබේ.
මේ වන විට ඇය සුවය ලබමින් සිටින බව ඇගේ වෛද්‍යවරිය විසින් සිදුකර ඇති නිවේදනයක දැක්වේ.
කෙසේවෙතත්, අද දිනයේදී ආරම්භ වීමට තිබුණු හිලරි ගේ දෙදිනක කැලිෆෝනියා සංචාරය අවලංගු කර ඇතැයි විදෙස් වාර්තා සඳහන් කරයි.
COMMENTS