11.50am දුමින්ද හසුවේද නැද්ද ? තීන්දුව තව ටිකකින් දේශපාලනඥ භාරත ලක්ෂමන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව් දෙනකු කොළොන්නාවේදී වෙඩි තබා ඝාත...
11.50am
දුමින්ද හසුවේද නැද්ද ?
තීන්දුව තව ටිකකින්
දේශපාලනඥ භාරත ලක්ෂමන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව් දෙනකු කොළොන්නාවේදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය පසුගිය වසර එකහමාරක කාලය පුරා ආන්දෝලනාත්මක නඩුවක් බවට පත්ව විභාගවූ අතර එහි නඩු තීන්දුව අද ප්‍රකාශයට පත් කරන්නට නියමිතය.
මේ වෙනුවෙන් දුමින්ද සිල්වා ඇතුළු පිරිසත් හිරුණික ප්‍රේමචන්ද්‍ර ඇතුළු පිරිසත් මේ වනවිට
අධිකරණයට පැමිණ තිබේ.
මෙම නඩුවේ වගඋත්තරකරුවන් වන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ඇතුළු 11 දෙනෙක් මෙම ඝාතන චෝදනාවන්ට ලක්ව සිටී.
ශිරාන් ගුණරත්න (සභාපති), පද්මිණී රණවක සහ එස් සී බී එන් මොරායස් යන මහත්ම මහත්මීන්ගෙන්
සැදුම්ලත් විනිසුරු මඩුල්ලක් ඉදිරියේ නඩුව විභාගයට ගනිමින් පවතී.
2011 වසරේ ඔක්තෝබර් මස 8 වන දා භාරත ලක්ෂමන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව් දෙනාගේ ඝාතන සිදුවිය. පළාත් පාලන මැතිවරණයක් පැවති එම දිනයේ මුල්ලේරියාව වල්පොළ මංසන්ධියේ සිදු වූ වෙඩි හුවමාරුවකින් ඔවුන් මියගොස් තිබූ පසුව තුවාල ලැබූ එවක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ලංකාවේ සහ විදෙස් රෝහල් ගතව දිගුකලක් ප්‍රතිකාර ලබා තිබුණි.
අද තීන්දුව ප්‍රකාශයට පත් කරන නිසා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අවට විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදා ඇත.

COMMENTS