දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
තරඟයේ වීරයා කව්ද බෝයිද?
Homeදේශපාලන

තරඟයේ වීරයා කව්ද බෝයිද?

PropellerAds

මින් පෙර කවදාවත් ජයග්‍රාහී පක්ෂයක් සිය තුවාල මෙලෙස ආරක්ෂාකාරී ලෙස ලෙවකා නැත. මින් පෙර කවදාවත් පරාද වුණු පාර්ෂවය තම පරාජය හමුවේ මෙලෙසින් ප්‍...

ජාතික රෝහලේදී දෙදෙනෙකු මියයයි - කොරෝනාදැයි සැකයක්
පක්ෂ නායකයින් අද පාර්ලිමේන්තුවට රැස්වෙයි
ශ්‍රී ලංකා අමෙරිකා ද්විපාර්ශ්වික සාකච්ඡා ඇරඹේ

මින් පෙර කවදාවත් ජයග්‍රාහී පක්ෂයක් සිය තුවාල මෙලෙස ආරක්ෂාකාරී ලෙස ලෙවකා නැත. මින් පෙර කවදාවත් පරාද වුණු පාර්ෂවය තම පරාජය හමුවේ මෙලෙසින් ප්‍රීතිමත් වී ද නැත. ඌව පළාතේ මැතිවරණය එක් ආකාරයකින් නොව, ආකාර රැසකින් අනාගතයට වැදගත් ලෙස බලපානු ඇත. කෙසේ නමුත්, සටනක් සමඟ ආපසු තම පක්ෂය ගෙන ඒම වෙනුවෙන්, තරුණ හරීන් ප්‍රනාන්දුට වැඩි ප්‍රසංශාව හිමි විය යුතුය. දේශපාලන කවයන් තුල ඌව පළාත් මැතිවරණ ප්‍රතිඵලය පිළිබඳ සාකච්ඡා ගැන කවි ඇත.

ආරම්භ කිරීමට: ඌව-වෙල්ලස්ස, කුඹුරු ඉඩම් සිය දහස් ගණනක භූමිය, කන්ද උඩරට ධාන්‍යාගාර රාජධානිය, නිදහස් සටන්කරුවන්ගේ රැකවරණය යන නාමයන්ගෙන් කවි ඇත. මෙම 1817 ඌව කැරැල්ල බ්‍රිතාන්‍ය පාලනයට එරෙහිව රුදුරු ලෙස ක්‍රියාත්ම කෙරවීමට හේතු වූයේ: නැගිටීම මැඩපවත්වීම, යටත් විජිත පාලනයෙන් ගම්මාන වියළී යාම, පශුසම්පත හා අක්කර ගණන් කුඹුරු හා වාරිමාර්ග පද්ධති විනාශ වීම යන කාරණා එම ප්‍රදේශ වල සිටි අභිමානී මිනිසුන්ගේ හදවත් තුලට කාවැදීම නිසාය. ඌව වෙල්ලස්සේ ඒ පෙර තිබූ මහිමය නැවත කිසිදා ප්‍රතිෂ්ඨාපනය නොවුනත්, එහි ජනතාව ශ්‍රී ලංකා ඉතිහාසයේ නිදහස වෙනුවෙන් ආදිතම අරගලයක් කළ ශක්තිමත්, නිර්භීත, හා ප්‍රත්‍යාස්ථ වීරයන් ලෙස ඉතිහාසයේම වැළලී ගොස් ඇත.

වසර ගණනාවක් පුරාවටම මැතිවරණ සටනින් පරාජයට පත්වුණු රටේ ප්‍රධාන විපක්ෂයට දැන් ජයඝෝෂා නැගීමට සාධකයක් ඉපිද ඇති අතර, ඔවුන් අර වීරෝදාර ආත්ම සංකේතනය කරන්නේය.

පළමු වෙඩි මුරය: ශ්‍රී ලංකාව තුල අධිරාජ්‍යවාදී පාලනය අවසානයේ හෝ පරාජායට පත් කිරීමෙහිලා නිදහස වෙනුවෙන් දියත් වුණු ප්‍රථම අරගලයක් වසර 200යකට පමණ පෙර ඌව වෙල්ලස්සේ මුළු අස්සෙන් ඇසෙන්නට විය. එම වීර ආත්ම නැවත ප්‍රාගූන්ය කරමින්, එම නිදහස හා යුක්තිය සඳහා වූ සිත් වේදනාව ඇතිව, ඒකාධිපති පාලනයක් වූ මහින්ද රාජපක්ෂ පාලනය සමය අවසන් කිරීමෙහිලා වූ පරම සටන ඌව පළාතෙන් ඇරඹිනි. මේ බව ඒක්සත් ජාතික පක්ෂය මැතිවරණයෙන් පසු තම ප්‍රීතිමත් ප්‍රකාශනයේ ඉරිදා උදේ සඳහන් කරන ලදී.

40%ක් වූ මානසික සීමාව පසු කිරීම පමණක් ඒක්සත් ජාතික පක්ෂයට වීදිවල නටන්නට හේතූ විය. පසුගිය මැතිවරණ වලදී, දුර්වල අපේක්ෂකයන් යටතේ 35%හේ සීමාව අත් කර ගැනීමට බලාපොරොත්තු වූ අතර අවසන් ප්‍රතිඵලයේදී එය 22%-28% අතර සීමාව යාන්තමින් පසු කළේය. පාලන පක්ෂ්යේ ප්‍රබල බලකොටුවක් වන මොණරාගලද ඇතුලත් වන ඌව පළාත කිසි දිනෙක විපක්ෂ්යේ සෙල්ලම්පිටියක් වන බවට බලාපොරොත්තු නොවීය. ඌව පළාතේ අනපේක්ෂිත සමීප සටනේ වැඩි ප්‍රසංශාව හිමිවන්නේ පක්ෂයේ බදුල්ලෙන් සටනට ඉදිරිපත් වුණු තරුණ හරීන් ප්‍රනාන්දුටයි.

එළබෙන වසරේ පැවැත්වීමට තිබූ මැතිවරණයේදී සන්ධානයේ බලකොටුවක් වන ඌව පළාතේ මිශ්‍රාස්වාදය ඇති ජයග්‍රහනය වෙනුවෙන් රජයේ සාමාජිකයින් ආරක්ෂාකාරී ප්‍රකාශ ඉදිරිපත් කළ අතර, සන්ධානයට ලැබූ අඩු ඡන්ද ප්‍රමාණය වෙනුවෙන් ඔවුන් ප්‍රකාශිත මුළු ඡන්ද ප්‍රමාණයේ අඩු බවට (76%) දොස් පැවරීය.

බදුල්ල දිස්ත්‍රික්කයේදී හරීන් ප්‍රනාන්දුට ලැබුණු විශාල සහය නිසා කිපුණු රජය විසින් සමහර පෞද්ගලික රූපවාහිනී නාලිකා වලට එසේ හරීන් ප්‍රනාන්දුට සහය ලැබෙන සේ දේශපාලන වැඩසටහන් විකාශනය කිරීම ගැන කෝපශීලී දුරකතන ඇමතුම් ලබා දුන්නේය. එම දුරකතන ඇමතුම් රජයේ ඉහලම ස්ථාන වලින් ලැබුණු ඒවාය. මෙසේ මැතිවරණයට පෙර හරීන් ප්‍රනාන්දුට වැඩි ප්‍රමුඛත්වයක් ලබාදීම හේතුකොට ගෙන එක් වැඩසටහන් නිෂ්පාදකයෙකුගේ හෝ වැඩ තහනම් කිරීමට ඉඩ තිබුණි.

බිත්තිය මත ලේඛනය: ඌව මැතිවරණ ව්‍යාපාරයේ අවසාන දිනයන්හි පාලක පක්ෂයට එම පළාතේ පරිහාණියට යමින් තිබුණු තම වාසනාව ගැන අවබෝධ විය. ජනපති මහින්ද රාජපක්ෂ වෙහෙස නොබලා කළ ප්‍රචාරණ කටයුතුත්, පැවැත්වූ අසීමිත කුඩා රැස්වීම් හා ආරම්භ කෙරුණු නව සංවර්ධන ව්‍යාපෘති හමුවේදීත් මේ පරිහාණිය ක්‍රමයෙන් ඇතිවිය. මේ හේතූන් නිසාම, මැතිවරණයට දින තුනක පෙර එක්සත් ජනතා නිසාහස් සන්ධානය විදුලි ගාස්තු හා ඉන්ධන මිල කපා දැමීමට පෙළඹුණි. බදුල්ල හා මොණරාගල දිස්ත්‍රික්ක වල කුපිත වුණු ඒක්සත් ජනතා නිදහස් සන්ධාන ආධාරකරුවන්, ජනතා විමුක්ති පෙරමුණේ හා එක්සත් ජාතික පාක්ෂිකයින්ගේ නිවෙස් වලට හා වාහාන වලට පහර දීම ඇරඹුවේය. මෙය වසර ගණනාවකට පසු ඇතිවුණු ප්‍රචණ්ඩාකාරීම මැතිවරණ ව්‍යාකූලතාවයකි.

සෙනසුරාදා පැවති මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයට ඡන්දය ප්‍රකාශ කිරීම නිසා බදුල්ල දිස්ත්‍රික්කයේ මුස්ලිම් ජනතාවගේ නිවෙස් වලට ගොස් එහි රැඳිවියන්ට රජයට සහයෝගය දක්වන ලෙස පාර්ෂවයන් තර්ජනය කළ බව හරීන් ප්‍රනාන්දු චෝදනා කළේය.

ප්‍රධාන විපක්ෂයට වාසි වෙන අන්දමින්, මුස්ලිම් ප්‍රජාව වැඩි වශයෙන් සිටින ප්‍රදේශ වල ඡන්ද මධ්‍යස්ථාන ඉතා ප්‍රබල ලෙස ස්ථාපනය කර තිබුණි. ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය හා රිෂාඩ් බතියඩීන්ගේ අහිල ඉලංගෙයි මහජන කොංග්‍රසය එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් වෙන්වී එක්ව තරඟ කළේය. ඊට හේතුව තේරුම් ගැනීම අපහසු කාර්‍යයක් නොවේ. පසුගිය කාලය තුල බදුල්ල දිස්ත්‍රික්කයේ ආගමික ආතතියක් පැවති අතර ඌව මැතිවරණයේදී යාන්තමින් කටයුතු කළ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය හා අහිල ඉලංගෙයි මහජන කොංග්‍රසය රජයේ කොටස්කරුවන් ලෙසට මුස්ලිම් ප්‍රජාව හැඳින්වීය.

පොලිස් දෙපාර්තමේන්තුවේ දේශපාලන ඒකකය විසින් සම්පාදනය කළ හා දිනපතා පුවත්පත් විසින් දැක තිබූ චෝදනා ලත් බුද්ධි අංශ වාර්තා බදුල්ල දිස්ත්‍රික්කයේ එකස්ත් ජාතික පක්ෂයේ ජයග්‍රහනයක් ප්‍රකාශ කර තිබුණි. කෙසේ නමුත්, එක්සත් ජනතා නිදහස් සන්ධානය එහි තම ජය පුරෝකථනය කර තිබුණි. ඒක්සත් ජනතා නිදහස් සන්ධානය දිස්ත්‍රික්ක දෙකම රඳවා ගැනීමට සමත් වූ නමුත්, මැතිවරණය සතියකට පෙර ඉදිරිපත් වුණු එම වාර්තාව වැරදි විය.

ඌවෙන් ඉගෙන ගත් පාඩම: ඌව මැතිවරණයෙන් බොහොමයක් දේ සාක්ෂාත් විය. පොදුවේ පැවති මතය කුමක් වූවත්, ඒක්සත් ජාතික පක්ෂය මුළුමනින්ම ඡන්ද පදනම් ධාවනයෙන් ඉවත්ව ගොස් නැති බව එය පෙන්වා දුන්නේය. එම පක්ෂයට නැවත ප්‍රතිසංස්කරණය වී නැවත ප්‍රාණවත් වී ශ්‍රී ලංකාවේ ඡන්ද දායකයින්ගේ ප්‍රධාන තරඟකරුවෙක් ලෙස පැවතීමේ හැකියාව ඇත. ඊට අමතරව, මේ මැතිවරණය තවත් වැදගත් කරුණක් සනාථ කරන ලදී. ඒ, අධිකාරී ධුරය ගැන ජනතා විශ්වාසය නැතිවෙන විට, ඔවුන් වඩාත් යථාර්ථවාදී විකල්ප ආණ්ඩුව දෙසට හැරෙන අතර සුළු පක්ෂ වලට බලය ලබා ගැනීමට ඇති හැකියාව මග හැරෙන බවයි.

ඌව පළාතේ එක්සත් ජාතික පක්ෂය විසින් අත් කර ගත් වාසි ඒක්සත් ජනතා නිදහස් සන්ධානයට සංඛ්‍යාත්මක වශයෙන් තර්ජනයක් එල්ල කිරීමට අමතරව, අනාගත ජාතික මැතිවරණයේදී විපක්ෂයට එම විපක්ෂයේ කෘත්‍ය මැනවින් ඉටු කළ යුතු බවටද සාක්ෂාත් කරන ලදී. දේශපාලන නිරීක්ෂකයන් අතර බියක් පවතින්නේ, මේ ජයග්‍රහනය හමුවේ එක්සත් ජාතික පක්ෂය ජාතික මැතිවරණයක් දැන්මම ජයග්‍රහනය කර ඇති ආකාරයෙන් හැසිරී සියළු අනාගත හවුල්කරුවන් විරසික කර අන්සතු කරාවිද යන්නයි.

ඌව ඡන්ද සංඛ්‍යාතයන් පෙන්වා දෙන්නේ, පාලන සන්ධානය සමග ඇති සටන ඉතා උණුසුම්කාරී වන අතර තමා සතුව ඇති අසීමිත සම්පත් හමුවේ එක්සත් ජනතා නිදහස් සන්ධානයට යම් හෝ වාසියක් ඇති බවයි. එකට විපක්ෂය ප්‍රතිරෝධය දක්වන අතර, තනි එකස්ත් ජාතික පක්ෂය තම ඉල්ලක්කයට සුළු හෝ ප්‍රතිශතයක් අඩු කර ගනු ඇති.

අමුතු ආකාරයෙන් හෝ පැත්තකට බර මේ විජයග්‍රහනය කවමදාවකවත් තනි පුද්ගලයෙකුට අයිති නොවේ. හරීන් ප්‍රනාන්දුත් මේ බව ඉක්මනින්ම පිළිගන්නා ඇති. හරීන් ප්‍රනාන්දුගේ ඇතුලත් වීමත් සමගම එක්සත් ජාතික පක්ෂයේ බිම් මට්ටමේ සංවිධාන නැවත පණ ගැන්විණි. තියුණු තරඟයකින් යුක්ත වුණු බදුල්ල දිස්ත්‍රික්කයේ මැතිවරණ රැස්වීම් ඇමතීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්රීවරුන් එක්රැස් විය. රනිල් වික්‍රමසිංහ විසින් එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකයා ලෙස තම ප්‍රධාන සතුරා ලෙසින් හැඟෙන සජිත් ප්‍රේමදාස නම් කරන ලදී. මැතිවරණ ප්‍රචාරණයට එක්සත් ජාතික පක්ෂය සිහිනෙන් වත් නොසිතූ මුදල් රැස්විණි.

පුවත්පත් උද්ධරණය: “හරීන් ප්‍රනාන්දුගේ දැවැන්ත ජනප්‍රියත්වය ඇතිවීමට හේතුව වූයේ ඌව සටනින් එක්සත් ජාතික පක්ෂය ලැබූ ගෞරවාන්විත පරාජයයි. එම තීරණාත්මක තියුණු තරඟයේ වෙනස්කරුවා වූයේ හරීන් ප්‍රනාන්දුය. එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ ඇසින්, හරීන් ප්‍රනාන්දු තම හිස කෙලින් තබාගෙන සිංහ කුටියට ඇතුළු වුණු අතර, තම පක්ෂය වෙනුවෙන් කළ කැප කිරීමෙන් බැබළෙන්නට විය. කතාන්දර පොත් හා දේශපාලනයේදී, සැවොම කැපකිරීම කරන වීරයන්ට ආදරය කරයි. හරීන් ප්‍රනාන්දුගේ ජනප්‍රියභාවය අහසට නැගුණු අතර, පක්ෂයේ ජේෂ්ඨයින් පැවසූවේ හරීන්ගේ තරඟ කිරීම එම ප්‍රදේශයේ තරුණ පිරිස් විශිෂ්ඨ අන්දමින් ජංගනය කළ බවයි. එක්සත් ජාතික පක්ෂය වසර ගණනාවක් පුරාවට නොදැක තිබූ නැවුම් විශ්වාසයක් හරීන් ප්‍රනාන්දු ඇතිකරන කදී. එය මැතිවරණ ව්‍යාපාර කටයුතු කරන්නන්ට හා ඡන්ද දායිකයින්ට ප්‍රබල ශක්තියක් විය“.

හරීන් සාධකය: අවසානයේ දී කෙසේ වෙතත්, ඌව වෙල්ලස්ස ප්‍රදේශයේ එක්සත් ජාතික පක්ෂය පසුගිය සෙනසුරාදා අත්කර ගත් ඓතිහාසික වාසියට ප්‍රධාන වශයෙන් බලපෑවේ “හරීන් සාධකයයි”. පළාත් සභා මැතිවරනයකදී හරීන් ගිය ගමන යාමට එක්සත් ජාතික පක්ෂයේ බොහෝ දෙනෙක් පසුබට විය. කළකට පෙර සිටම සාකච්ඡාවට භාජනය වුණු කරුණක් වූයේ, පළාත් මැතිවරණය ජයග්‍රහනය කිරීම සඳහා ඵලදායී උපක්‍රමයක් ලෙස ප්‍රසිද්ධ මන්ත්‍රීවරුන් තරඟයට ඉදිරිපත් කිරීමයි. රජයේ අසීමිත සම්පත්, බලය හා කවුරුත් හඳුනන මුහුණු ඉදිරිපත් කිරීමට එරෙහිව මේ උපක්‍රමය යොදා ගැණිනි. කෙසේ නමුත්, මෙම යෝජනාව බස්නාහිර සහ දකුණු පළාත් සභා මැතිවරණයේදී අසමත් විය. මේ හේතූන් නිසාම එක්සත් ජාතික පක්ෂයේ උපායශීලීන්ට ජනාධිපති හෝ පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ශක්තිමත් තරඟකරුවන් අවශ්‍ය වූ අතර එහිදී හරීන් ප්‍රනාන්දුගේ ප්‍රවේශය තහවරු කළේය.

පළාත් විපක්ෂ නායක කම වෙනුවෙන් තම පාර්ලිමේන්තු පුටුව කැපකිරීම ඉහල එක්සත් ජාතික පක්ෂ තරඟකරුවන්ට අමිහිරි විය. ඒ, වැඩ ඇදට ගියොත් නැවත වතාවක් තමාට පාලිමේන්තුවට ඒමට අවස්තාව නැතිවේදැයි යන සැකය ඔවුනට තිබූ නිසායි. වැඩි පිරිසකට වඩා තමා “හදවතින්ම කොල” යැයි පවසා ගන්නා සජිත් ප්‍රේමදාස වත් ඒ අවධානම ගැනිමට ඉදිරිපත් නොවීය. මාර්තු මස මැතිවරණයේදී ඔහු එක්සත් ජාතික පක්ෂයේ දකුණු මහ ඇමති අපේක්ෂකයා ලෙස තරඟ වැඩීමට ඉදිරිපත් විය.

අවධානය යොමු කිරීමයි: පළමු ඡන්ද ප්‍රකාශ කිරීමට බොහෝ කලකට පෙර, හරීන් ප්‍රනාන්දු තම පක්ෂය වෙනුවෙන් විශිෂ්ඨ විජයක්ග්‍රහනයක් අත්කර දී තිබුණි. වසර ගණනාවකට නොදුටු සංවිධානයක් හා දෘශ්‍යතාවක් එක්සත් ජාතික පක්ෂ මැතිවරණ ව්‍යාපාරයේ සාක්ෂාත් විය. එක්සත් ජාතික පක්ෂය බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රධාන ඡන්ද කොට්ඨාශ 3ක් ජයග්‍රහනය කළ අතර සුළු ඡන්ද ප්‍රමාණයකින් දෙකක පරාජයට පත්විය. පාලන පක්ෂයට දැඩි ලෙස ඇල්මක් දක්වන සිංහල-බෞද්ධයින් වෙසෙන පළාතකින් 40%ක් අත්කර ගැනීමට එක්සත් ජාතික පක්ෂය සමත් විණි. මෙම ප්‍රථිඵලයෙන් පාලක පක්ෂය දෙදරුම් කෑ අතර මාස කීපයකින් පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය පිළිබඳවත් සැකයක් ඇති කළේය.

තම කාර්‍ය සාධකය එතරම් ආරර්ෂණීය නොවුනා නම්, හරීන් ප්‍රනාන්දු ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ තරුණ තරඟකරුවන් ඌව පළාතේ කාර්ය එලය ගැන ආඛ්‍යානය කිරීමට ඉඩ තිබුණි.

ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහ එක්සත් ජාතික පක්ෂ ජාතික යොවුන් පෙරමුණේ සභාපති වන රුවන් විජයවර්ධන, කඩිමුඩියේ අඟහරුවාදා ඔහුගේ නිවසේදී මාධ්‍ය හමුවක් කැඳවූ අතර එදිනම සවස පක්ෂයේ තීරණාත්මක කමිටු රැස්වීමක්ද පැවැත්වීමට නියමිතව තිබුණි. රුවන් විජයවර්ධන මාධ්‍ය වාර්තාකරුවන්ට පවසා සිටියේ, තම මිතුරා වන හරීන් ප්‍රනාන්දුට මාර්ගය පාදා දීම සඳහා තමා යොවුන් පෙරමුණේ සභාපති ලෙසට පහළ යන බවයි. පැවති මැතිවරණයේදී හරීන් කළ කැප කිරීම හා ජීවිත පූජාව සළකන විට හරීන් ප්‍රනාන්දු එම තණතුරට වඩාත් සුදුසු බවයි ඔහු පැවසූවේ.

ඒක්සත් ජාතික පක්ෂයේ නායක සාමාජිකයෙක් හා පක්ෂයේ යොවුන් සේනාංකයෙන් සභාපති වූ විජේවර්ධනම් සිය කැමැත්තෙන්ම ඌව පළාතේ ගිනි ගොඩට නොබියව ඇවිද ගිය හරීන් ප්‍රනාන්දු හට සියල්ල ලබා දීමට කැමැති විය. මේ මාධ්‍ය හමුව රහසිගතව සිරිකොතට පිටින් පැවති අතර ඊට හේතුව වූයේ ඔහුගේ ඉල්ලා අස්වීම පක්ෂ නායකත්වයට ආරංචි නොවීමටයි.

පුවත්පත් උද්ධරණය: “තම තණතුරු තෑගි කිරීම හා නැවත ලබා ගැනීම මේ තරුණ දේශපාලනඥයින් තුල වූ අසහාය ලක්ෂණයකි. එක්සත් ජාතික පක්ෂයේ වැඩි පිරිසක් තම පාර්ලිමේන්තු තත්වය ආරක්ෂා කර ගැනීමට කටයුතු කළ අවධියකදී මේ දෙදෙනා කළ මේ කාර්‍යය කැපී පෙනුණි. විජයවර්ධන බදුල්ල සටනේ අවසානය දක්වාම හරීන් සමගම සිටියේය. හරීන්ගේ ප්‍රධාන නගර වල පැවති රැළි සඳහාත් මධ්‍යම රාත්‍රිය පසුවෙන තුරුම විජයවර්ධන රැඳී සිටියේය. අවසන් ප්‍රථිඵල නිකුත් වුණු විටත් ඔහු හරීන්ව නිවසට ඇරලුවේය. මේ සම්බන්ධතාවය එක්සත් ජාතික පක්ෂයේ අනාගතයට නව සංකල්පයක් එක් කළ අතර දේශපාලන සංස්කෘතියත් වෙනස් කළේය“.

අඹ යාළුවෝ: “තම නායකයා තම ඉල්ලා අස්වීමට අවසරය ලබා නොදෙන බව දැන සිටි රුවන්, තම නිවසේ රහසිගතව මාධ්‍ය හමුව පැවැත්වූ” බව හරීන් ඊයේ සිරිකොතේදී පැවැති තම මාධ්‍ය හමුවේදී පවසා සිටියේය.

කෙසේ නමුත්, හරීන් තමාට අඟහරුවාදා පිරිනැමුණු තණතුර භාර ගැනීම ප්‍රතිෂේප කළේය. රුවන්, යොවුන් පෙරමුණේ නායකත්වය දිගටම දැරිය යුතු බව පැවසූ හරීන්, අඩුම වශයෙන් රුවන් තම නියෝජ්‍යා වශයෙන් හෝ දෙදෙනාම තණතුර සමව බෙද ගත යුතු බව හරීන් පැවසුවේය. “ඔහු පාර්ලිමේන්තුවේ මගේ හොඳම මිතුරා වන අතර ඔහු මහත්මා ගති ඇත්තෙකු වන බැවින් මෙම තණතුර රුවන්ගෙන් තමාට ගත නොහැකි බව” හරීන් වාර්තාකරුවන්ට ඊයේ පවසා සිටියේය. “අපි එකට වැඩ කළ යුතුයි” හරීන් පැවසුවේය.

තම තණතුරු තෑගි කිරීම හා නැවත ලබා ගැනීම මේ තරුණ දේශපාලනඥයින් තුල වූ අසහාය ලක්ෂණයකි. එක්සත් ජාතික පක්ෂයේ වැඩි පිරිසක් තම පාර්ලිමේන්තු තත්වය ආරක්ෂා කර ගැනීමට කටයුතු කළ අවධියකදී මේ දෙදෙනා කළ මේ කාර්‍යය කැපී පෙනුණි. විජයවර්ධන බදුල්ල සටනේ අවසානය දක්වාම හරීන් සමගම සිටියේය. හරීන්ගේ ප්‍රධාන නගර වල පැවති රැළි සඳහාත් මධ්‍යම රාත්‍රිය පසුවෙන තුරුම විජයවර්ධන රැඳී සිටියේය. අවසන් ප්‍රථිඵල නිකුත් වුණු විටත් ඔහු හරීන්ව නිවසට ඇරලුවේය. මේ සම්බන්ධතාවය එක්සත් ජාතික පක්ෂයේ අනාගතයට නව සංකල්පයක් එක් කළ අතර දේශපාලන සංස්කෘතියත් වෙනස් කළේය.

තරඟ තීරණයේ වෙනස්කරුවා: ක්‍රිකට් තරඟයකදී සාමාන්‍යයෙන් තරඟයේ වීරයාට හිමි සම්මානය පිදින්නේ, තම කණ්ඩායම විජයක්ග්‍රහනය කරා රැගෙන ගිය ජය ගත් පිළේ තරඟකරුවෙකුටය. කෙසේ නමුත්, සමහර අවස්තා වල, තම කණ්ඩායම වෙනුවෙන් කළ අසහාය කැපකිරීම හා සේවය වෙනුවන් පැහැදිළිවම පරාජිත කණ්ඩායමේ ට තරඟකරුවෙකුවුවද තීරකයන් විසින් එම සම්මානය දෙනු ලබයි.

පුවත්පත් උද්ධරණය: “40%ක් වූ මානසික සීමාව පසු කිරීම පමණක් ඒක්සත් ජාතික පක්ෂයට වීදිවල නටන්නට හේතූ විය. පසුගිය මැතිවරණ වලදී, දුර්වල අපේක්ෂකයන් යටතේ 35%හේ සීමාව අත් කර ගැනීමට බලාපොරොත්තු වූ අතර අවසන් ප්‍රතිඵලයේදී එය 22%-28% අතර සීමාව යාන්තමින් පසු කළේය. පාලන පක්ෂ්යේ ප්‍රබල බලකොටුවක් වන මොණරාගලද ඇතුලත් වන ඌව පළාත කිසි දිනෙක විපක්ෂ්යේ සෙල්ලම්පිටියක් වන බවට බලාපොරොත්තු නොවීය. ඌව පළාතේ අනපේක්ෂිත සමීප සටනේ වැඩි ප්‍රසංශාව හිමිවන්නේ පක්ෂයේ බදුල්ලෙන් සටනට ඉදිරිපත් වුණු තරුණ හරීන් ප්‍රනාන්දුටයි“.

ක්‍රිකට් ක්‍රීඩාව සඳහා උම්මන්තක ජාතියක් ලෙසින්, ශ්‍රී ලාංකිකයින්ට පරාජිත කණඩායමේ හෝ අසීමිත කැප කිරීමක් කළ තරඟකරුවෙකු ඇගයීමේ ධාරිතාව ඇත. කතාන්දර පොත් හා දේශපාලනයේදී, සැවොම කැපකිරීම කරන වීරයන්ට ආදරය කරයි. හරීන් ප්‍රනාන්දුගේ ජනප්‍රියභාවය අහසට නැගුණු අතර, පක්ෂයේ ජේෂ්ඨයින් පැවසූවේ හරීන්ගේ තරඟ කිරීම එම ප්‍රදේශයේ තරුණ පිරිස් විශිෂ්ඨ අන්දමින් ජංගනය කළ බවයි. එක්සත් ජාතික පක්ෂය වසර ගණනාවක් පුරාවට නොදැනක තිබූ නැවුම් විශ්වාසයක් හරීන් ප්‍රනාන්දු ඇතිකරන කදී. එය මැතිවරණ ව්‍යාපාර කටයුතු කරන්නන්ට හා ඡන්ද දායිකයින්ට ප්‍රබල ශක්තියක් විය.

හරීන් මේ වන විටත් විශාල දේශපාලන නිපුණත්වයක් අත්කර ගෙන ඇත. හරීන් ප්‍රනාන්දුට කළමනාකරණය කිරීමට ඇති වගකීමට අමතරව, ඔහු කෙරෙහි අන් අයට ඇතිවෙන ඊර්ෂියාවන් තුල සැරිසැරීම සඳහා දේශපාලන වශයෙන් පරිණත භාවයද අවශ්‍යවනු ඇති. ලබා ඇති ප්‍රසිද්ධත්වය හමුවේ ඉදිරියට යාම සඳහා ඔහුට ජේෂ්ඨ දේශපාලනඥයින්ගේ මග පෙන්වීමද අවශ්‍ය වෙනු ඇති. පොරොන්ඳු වලින් පිරි අනාගතයක් ඔහුට ඇත. කෙසේ නමුත් මෙහිදී ඇතිවෙන ප්‍රශ්නය වන්නේ, තම දේශපාලන දැණුම වැඩි කර ගනිමින් ඉදිරියට යාමට හරීන්ට හැකියාව ඇතිද යන්නයි. කෙසේ නමුත්, වයස 34ක් වුණු හරීන්, ප්‍රධාන දේශපාලන සූදුවක වගකීම තමා මතට දමා ගත්තේය. එලෙසින්ම, ඔහු වරක් එක්සත් ජාතික පක්ෂයේ වරෙක වූ අතීත අභිමානය සිහිපත් කරමින් අනාගතයටද විශිෂ්ඨ විශ්වාසනීය භාවයක් හා අරමුණක් එක් කළේය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29573,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: තරඟයේ වීරයා කව්ද බෝයිද?
තරඟයේ වීරයා කව්ද බෝයිද?
http://ift.tt/2dr74Vx
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/09/blog-post_174.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/09/blog-post_174.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy