දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
නංගීගේ පෙම්වතාට තරවටු කරන්න ගිය අයියා දෙන්නවට මරාගෙන
Homeගොසිප්

නංගීගේ පෙම්වතාට තරවටු කරන්න ගිය අයියා දෙන්නවට මරාගෙන

PropellerAds

නංගීගේ පෙම්වතාට තරවටු කරන්න ගිය අයියා දෙන්නවම මරාගෙන පසුගිය ජූලි මාසයේ අම්බලන්ගොඩ ප්‍රදේශයේදී පාසල් සිසුවියක දුම්රියක හැපී මියයාමත් ඉන...

රාජගිරිය ගුවන් පාලම 8 දා විවෘත කරයි.
දසනායක විතරද? එතකොට කරන්නාගොඩ?
'මගේ කාලයේ බැඳුම්කර සොයන්න' මහින්ද ගෙන් 'චැලේන්ජ්' එකක්.
නංගීගේ පෙම්වතාට
තරවටු කරන්න ගිය අයියා

දෙන්නවම මරාගෙන


පසුගිය ජූලි මාසයේ අම්බලන්ගොඩ ප්‍රදේශයේදී පාසල් සිසුවියක දුම්රියක හැපී මියයාමත් ඉන්පසු එම සිද්ධිය අවස්ථාවේ ඇය සමග සිටි පෙම්වතා කියන තරුණයා ළිඳකට පැන දිවිනසාගැනීමේ සිද්ධියකුත් වාර්තාවී තිබුණි. එම සිද්ධියට මැදිවූ සිසුවියගේ අයියා කෙනෙකු කියා තිබුනේ තමා දුම්රියේ පැමිණෙන විට නැගණිය රේල් පාර අසල පෙම්වතෙකු හා කථාකරනු දැක වහා ඊළග දුම්රිය ස්ථානයෙන් බැස නංගී වෙතට එද්දී නංගීව පෙම්වතා දුම්රියට තල්ලු කරනු දුටු බවයි.
 සාමාන්‍ය පෙළ විභාගයට මේ වසරේ පෙනී සිටින්නට නියමිතව සිටි නිමේෂා නමැති මෙම සිසුවිය දෙමාපියන් හෝ කිසිවෙකු නොදැන පවත්වාගෙන ගිය පෙම් සබඳතාවය මේ ආකාරයට පුපුරායාමේ මෙකී කතාවේ සැකමුසු තැන් රැසක්
පැවති අතර සිද්ධිය ගැන පොලිසිය පරීක්ෂණ පවත්වද්දී මෙම මරණ දෙක සිදුවූ ආකාරය වෙනස් මුහුණුවරකින් හඳුනාගන්නට ලැබී තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් මියගිය නිමේෂාගේ සොයුරා තිලක් මුලින් පොලිසියට මෙසේ කියා තිබුණි.
“මම නුවර ඉඳලා එන කෝච්චියේ ආවේ. කෝච්චියේ එද්දී මම දැක්කා ස්ටේෂන් එකට ටිකක් එහා තැනකදී
කොල්ලෙක් මගේ නංගිට ගහනවා. මම කෝච්චිය නවත්තපු ගමන් බැහැලා ඒ පැත්තට යද්දී ඒ කොල්ලා
නංගිව අනිත් පැත්තෙන් ආපු කෝච්චියට තල්ලු කළා”

සිද්ධිය සම්බන්ධයෙන් දුම්රිය රියදුරු මෙසේ කියා තිබුණි.
“හැමදාම ඔය වෙලාවට පන්තිවලට යන ළමයි රේල් පාරේ ඔය හරියේ යන නිසා කොහොමටත් ටිකක් හෙමින් තමයි කෝච්චිය අරගෙන ආවේ. අපි ඉස්සරහට එද්දී මගේ සහායක රියැදුරු මට පෙන්නුවා පිරිමි ළමයෙක් තව පිරිමි ළමයකුයි, ගැහැනු ළමයකුයි අත් දෙකෙන් අල්ලගෙන රේල් පාර


අයිනෙන් ඉස්සරහට ආපු හැටි. ඒක ඒ අයගේ ප්‍රශ්නයක් වෙන්න ඇතිනේ කියලා අපි වැඩිය හිතන්න ගියේනැහැ. විනාඩියක් යන්නත් කලින් අපි දැක්කා ඒ ගැහැනු ළමයා අපේ කෝච්චිය පැත්තට පාර අයිනෙන්
දුවගෙන එනවා අපි හිතුවේ ඒ ළමයා කෝච්චියට නගින්න දුවගෙන එනවා කියලා. එහෙම හිතලා වේගෙ ටිකක් අඩු කළා. වේගේ අඩුකරගෙන එද්දීම වගේ මගේ සහායක රියැදුරු කිව්වා ‘දැන් වැඩක් නැහැ
වගේ’ කියලා. අපි කෝච්චිය නතර කළා. ඒ වෙද්දිත් ඒ ළමයා නැති වෙලා.”

නිමේෂාගේ සොයුරා තිලක් සහ රියදුරාගේ කතා දෙක අතර පරස්පරයක් තිබුණි. ඒ නිසා පොලිසිය තිලක්ව නැවත ප්‍රශ්න කරන ලද අතර ඔහු එවර කතාව වෙනස් කර කීවේය.
“මම කෝච්චියේ එද්දී නංගි පිරිමි ළමයෙක් එක්ක ඉන්නවා දැකපු නිසා මම ස්ටේෂන් එකෙන් බැහැලා නංගි
හිටපු පැත්තට ඇවිදගෙන ගියා. එතකොට නංගි මාව දැකලා දිව්වා. ඒ දුවද්දී කෝච්චියට අහුවුණා.
නංගිත් එක්ක හිටපු පිරිමි ළමයා නංගිව කෝච්චියට තල්ලු කළා කියලා මම මුලින්ම කිව්වේ බයට.”
මෙම සිද්ධියෙන් දින දෙකකට පසු නිමේෂාගේ පෙම්වතා බව කියන සංකල්ප නමැති තරුණයා ඔහුගේ නිවස අසළ පාළු නාන ළිඳකට පැන මියගොස් තිබියදී හමු විය.ඔහුගේ සෙරෙප්පු දෙක ළිඳ අසළ තිබුණ අතර සිරුර කබරයන්ගේ ගොදුරක් බවට පත්ව තිබුණි.ඒ දක්වා අතුරුදන්ව සිටි මේ තරුණයා ගැන නිවැසියන් දින දෙකක් තිස්සේ සොයා තිබූ බවද වාර්තා වී තිබුණි. ඒ අනුව ඔහුගේ මරණය නිමේෂා දුම්රියට හසුවූ දිනයේම සිදුවන්නට ඇති බවට පරීක්ෂණ වාර්තාද ලැබුණි.
මෙම දෙදෙනාගේ මරණ අතර සම්බන්ධය පොලිසියට සොයාගන්නට කාලයක් ගතවිය. පසුගිය කාලයේ දුරකථන වාර්තා ඇසුරෙන් සංකල්ප ගැන තොරතුරු සොයා යාමේදී සිද්ධියවූ දවසේ ඔහු අනතුර සිදුවූ ස්ථානයෙන් වෙනත් තැනකට ගොස් නැවත ළිඳ ළගට ආ බවක්ද වාර්තා විය.
පරස්පර කතාබහක් සිදු කළ නිමේෂාගේ සොයුරා තිලක්ද අදාළ ස්ථාන වලට ගොස් නැවත සංකල්ප මියගොස් සිටි තැනට ඇවිත් ගොස් ඇත.


ඒ අනුව තිලක් සැකපිට අත්අඩංගුවට ගත් පොලිසිය ඔහුගෙන් දිගින් දිගටම ප්‍රශ්න කර තිබේ.
තමා සංකල්පව ඝාතනය කර ළිඳට දැමූ හැටි ගැන භයංකර විස්තරය ඔහු ඒ අවස්ථාවේ පොලිසිය හමුවේ වමාරා ඇත.
සිද්ධිය වූ දිනයේ තමා දුම්රියේ පැමිණෙද්දී නිමේෂා දුම්රිය ස්ථානයට ටිකක් මෙහාට වන්නට ස්ථානයක පිරිමි ළමයෙකු අතින් අල්ලාගෙන ඇවිද එන හැටි දුටු බවත් නැගණිය කිසිවෙකු සමග හොරෙන් සම්බන්ධයක් පවත්වන ආකාරය දැක කෝපයක් ඇතිවූ නිසා වහා දුම්රිය ස්ථානයෙන් බැස්ස විගස නැගණිය සිටින තැනට දිව ඇවිත් දෙදෙනාට තරවටු කරන්නට උත්සාහ කළ බවත් තිලක් පවසා ඇත. නිවසේ ලජ්ජාවට බයට හැදී වැඩුණ නිමේෂා සොයුරන්ට අධික බියක් දක්වන බව වාර්තාවන අතර පෙම්වතා සමග ඇය සිටින දර්ශනය සොයුරාට හසුවීමේ බියට එක්වරම තැති ගෙන දිවගොස් තිබේ. එම අවස්ථාවේ දුම්රියක්ද ගමන් කරමින් පැමිණ තිබෙන අතර  අනපේක්ෂිත ලෙස ඇය දුම්රියට පැන තිබේ.මේ සිද්ධියෙන් ඇය එතැනම මියගොස් තිබේ. තිලක්ගේ ග්‍රහණයට හසුවූ සංකල්පද එම අවස්ථාවේ අත ගසා දමා එතැනින් ඉවත්ව පැනගොස් ඇත.
පසුව සංකල්ප ඒ ආසන්න අම්බල්නගොඩ බස් නැවතුම්පළට ගොස් බටපොළ බස් රථයේ නැගගෙන ඇත්තේ නිවසට යාමටය.
සිද්ධිය වූ ස්ථානයේ මළ සිරුර තිබියදී තම නැගණිය මැරෙන්නට මුල්වූ තරුණයා සොයාගෙන තිලක් තවත් මිතුරෙකුද සමග බස් නැවතුම්පොළේ බස් රථ පීරා ඇත්තේ මේ අතරේදීය. අවසානයේ බටපොළ බස් රථයේ සංකල්ප සිටිනු දැක මිතුරා සමග තිලක්ද එම බස් රථයට නැග ඇති මුත් ප්‍රසිද්ධියේ කලබලයක් කර නැත. පසුව බටපොළ කිට්ටුවෙද්දී සංකල්ප ළගට ගොස් ඇති තිලක් ඔහුට බහින්නැයි බල කර තිබේ.බියට පත්ව සිටි සංකල්ප තිලක් සහ මිතුරාගේ ග්‍රහණයට නතුව පාළු පාරක් දිගේ ඇවිද ගොස් ඇත්තේ එයින් අනතුරුවයි. කැලෑවේ පාළුවට ගිය නාන ළිඳක් ළඟ සංකල්පව නතර කරවූ තිලක් ‘උඹ නිසා තමයි යකෝ නංගි මැරුනේ.මං උඹවත් ඒ ලෝකෙටම යවනවා‘ කියා ඔහුව වතුරේ ගිල්වා මරා දමා තිබේ.
එයින් පසු කිසිවක් සිදු නොවූ ගාණට අම්බලන්ගොඩ ගිය තිලක් නැගනියගේ අවසන් කටයුතු සඳහාද සහභාගීවූ අතර දින දෙකකට පසු නැගණීයගේ පෙම්වතාගේ සිරුර හමුවූ අවස්ථාවේ සංකල්ප දිවිනසාගන්නට ඇතිය යන මතය දන්නා කියන අයට හා පොලිසියට ප්‍රකාශ කර තිබේ.
කෙසේ වෙතත් මාස දෙකකට පමණ පසු යටගිය සිද්ධියේ සුලමුල මීටියාගොඩ පොලිසියට හැකියාව ලැබුණි.
සංකල්ප ඝාතනය කළ බවට වරද පිළිගත් තිලක් මේ වනවිට පොලිස් අත්අඩංගුවේ පසුවේ.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29303,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: නංගීගේ පෙම්වතාට තරවටු කරන්න ගිය අයියා දෙන්නවට මරාගෙන
නංගීගේ පෙම්වතාට තරවටු කරන්න ගිය අයියා දෙන්නවට මරාගෙන
http://ift.tt/2d5X4g7
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/09/blog-post_149.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/09/blog-post_149.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy