දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

එක්නැලිගොඩ අතුරුදන් කිරීමේ අබිරහස රහස් පොලිසිය සොයාගෙනලු?

වසර හතරකට වැඩි කාලයක් මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා අතුරුදන් කිරීමේ සිද්ධිය පිළිබඳව අබිරහස මේ වන විට සොයා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර...


වසර හතරකට වැඩි කාලයක් මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා අතුරුදන් කිරීමේ සිද්ධිය පිළිබඳව අබිරහස මේ වන විට සොයා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සමත් වී තිබේ.

එක්නැලිගොඩ මහතා සේවය කරමින් සිටි රාජගිරිය කාර්යාලයෙන් පිටව යද්දී පැහැරගෙන ගොස් ගිරිතලේ හමුදා ක¼දවුරට ගෙන යෑම පිළිබඳ සාක්ෂි අනාවරණය වී තිබෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

එක්නැලිගොඩ මහතා පැහැරගෙන යද්දී ඒ මහතා එවකට පැවැති ජනාධිපති මැතිවරණයට තරග කිරීමට සූදානමින් සිටි ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගේ මැතිවරණ ව්‍යාපාරයට සම්බන්ධ වී කටයුතු කරමින් සිටි බව පැහැරගෙන යෑමට හවුල් වූ පුද්ගලයකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හෙළිදරව් කර තිබේ.

හමුදාවේ බුද්ධි අංශයේ අට දෙනකු මීට සම්බන්ධ බවත් රාජගිරියේ සිට ගිරිතලේ කඳවුරට එක්නැලිගොඩ ගෙන ගිය අවස්ථාව ඔහු ජීවතුන් අතර සිටිනු දුටු අවස්ථාව බවත් මේ සාක්ෂිකරු සඳහන් කර ඇත.

දැනට මේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවේ පසුවන හමුදා බුද්ධි අංශයේ අටදෙනා එම අපරාධයට සම්බන්ධ නොමැති බව පවසමින් ඔවුන්ගේ බිරියන් සහ නීතිඥවරු ශේ‍ර්ෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කර ඇත.

කිසිදු පදනමක් නොමැතිව ඔවුන් රඳවාගෙන ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරන බවත්, ඔවුන් නිදහස් කොට වන්දි මුදල් ගෙවන ලෙසත් මේ සැකකරුවන් අධිකරණයෙන් ඉල්ලා ඇත. පසුගිය අගෝස්තු 29 වැනි දින මෙම පෙත්සම් දෙකක්
ශේ‍ර්ෂ්ඨාධිකරණයේ සලකා බලන ලදී.

අගවිනිසුරු කේ ශ්‍රී පවන්, සිසිර ද ආබෘෘ සහ උපාලි අබේරත්න යන විනිසුරු මඬුල්ල හමුවේ මේ පෙත්සම් සලකා බැලූ අවස්ථාවේ නීතිපතිවරයා වෙනුවෙන් රජයේ ජේ‍යෂ්ඨ අධිනීතිඥ දිලීප පීරිස් මහතා සමඟ පෙනී සිටි අතිර්ක සොලිසිටර් ජනරාල් සරත් ජයමාන්න මහතා මෙතෙක් අනාවරණය වී ඇති සාක්ෂි පිළිබඳව අධිකරණයට විස්තර කෙළේය.

මේ පෙත්සම් දෙක යළිත් ඔක්තෝබර් 03 වැනි දින ශේ‍ර්ෂ්ඨාධිකරණය හමුවේ සලකා බැලීමට නියමිතය.

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29588,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: එක්නැලිගොඩ අතුරුදන් කිරීමේ අබිරහස රහස් පොලිසිය සොයාගෙනලු?
එක්නැලිගොඩ අතුරුදන් කිරීමේ අබිරහස රහස් පොලිසිය සොයාගෙනලු?
http://ift.tt/2chOLxL
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/09/blog-post_147.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/09/blog-post_147.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy