දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

තෙවරක් Black List වූ විටෝල් නැවතත් හොඳ වෙයි

තෙල් මිල දී ගැනීම සඳහා වන රජයේ ක්‍රියාවලිය යළිත් වරක් මතභේදයට ලක් කරමින්, තෙවරක් අසාදු ලේඛණගත කරනු ලැබූ සිංගප්පූරුවේ විටෝල් සමාගම නැවත වර...




තෙල් මිල දී ගැනීම සඳහා වන රජයේ ක්‍රියාවලිය යළිත් වරක් මතභේදයට ලක් කරමින්, තෙවරක් අසාදු ලේඛණගත කරනු ලැබූ සිංගප්පූරුවේ විටෝල් සමාගම නැවත වරක් තෙල් සැපයුම්කරුවෙකු ලෙස ස්ථාපිත කිරීමට ලංකා ඛණිජතෙල් නීතිගත සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩලය සැරසෙන බව වාර්තා වේ.

සාමාන්‍ය ක්‍රියාවලිය වන, අසාදු ලේඛණගත කළ සැපයුම්කරුවෙකුට දඩයක් පැනවීමෙන් පසුව එම සැපයුම්කරුවා සමඟ නැවත ගනුදෙනු කිරීම සඳහා තීරණ ගැනීමට අධ්‍යක්ෂවරුන්ට බලය තිබෙන බව සංස්ථාවේ නිලධාරියෙකු කියා සිටී.

වසර 2009 අගෝස්තු මස විටෝල් සමාගම සැපයූ තත්ත්වයෙන් බාල තෙල් මෙට්‍රික් ටොන් 20,000ක් භාවිතා කළ බලාගාරවල යන්ත්‍රසූත්‍ර බිඳ වැටී ඒවා වසා දැමීමෙන් ජාතික ව්‍යසනයක තත්ත්වයක් උදා විය.

ඉන් රටට සිදු වූ පාඩුව ඩොලර් මිලියන 10කි.

එවකට විෂය භාර ඇමතිවරයා සති තුනක කාලයක් තිස්සේ එම සමාගම ආරක්ෂා කිරීමට උත්සාහ දැරුවද, පසුව එය අසාදු ලේඛණගත කරනු ලැබීය.

ඇමතිවරයා හා විටෝල් අතර ඇති වූ පෞද්ගලික එකඟතාවකට අනුව, 2011 දෙසැම්බර් සිට තෙල් සැපයුම්කරුවෙකු ලෙස එම සමාගම නැවත වරක් ස්ථාපිත කරනු ලැබූයේ ඩොලර් 150,000ක දඩයක් පැනවීමෙන් පසුවයි.

එම වසරේ අගෝස්තු මාසයේදී විටෝල් විසින් අපවිත්‍ර ඩීසල් මෙට්‍රික් ටොන් 20,000ක් සැපයූ අතර, ඒවා භාවිතා කළ මෝටර් රථ, ලොරි රථ, දුම්රිය සහ බස් රථ 1,000කට අධික සංඛ්‍යාවක් ධාවනය කිරීමට නොහැකි තත්ත්වයක් ඇති විය.

ජනතාවගෙන් එල්ල වූ විරෝධය හා මාධ්‍යයේ බලපෑම හේතුවෙන් ඇමතිවරයා කියා සිටියේ, මෙවර විටෝල් ස්ථීරවම අසාදු ලේඛණගත කළ බවයි.

නව ඇමතිවරයෙකු පත් වන තෙක් නිශ්ශබ්දව සිටි සැපයුම්කරුවා, ඔහු ලවා තමන්ගේ නම ශුද්ධ කරවාගෙන නැවතත් සැපයුම්කරුවන්ගේ ලේඛණයට ඇතුලත් කර ගත්තේය.

ජනතාව සතුටු කිරීමට ලංකා ඛණිජතෙල් නීතිගත සංස්ථාව කළේ, සිදු වූ හානිය වෙනුවෙන් විටෝල් දඩයක් ගෙවූ බවට ප්‍රසිද්ධ කිරීමයි.

නමුත් තෙවැනි වරටත් සිදු වූයේ, 2014 දී කෙරවලපිටිය විදුලි බලාගාරයේ භාවිතය සඳහා එම සමාගම සැපයූ සල්ෆර් අඩු ඉන්ධන තෙල්වල ජලය හා භාවිතයෙන් ඉවත් කළ ලිහිස්සි තෙල් අඩංගු වීම නිසා එම විදුලි බලාගාරයේ විදුලි ජනනය අත්හිටුවීමට සිදු වීමයි.

සැපයුම්කරුගේ නියෝජිතයා එවකට ඇමතිවරයා හා හිටපු ලංකා ඛණිජතෙල් නීතිගත සංස්ථා සභාපතිවරයා හමු වී තවදුරටත් ගනුදෙනු කිරීම පිළිබඳව සාකච්ඡා කළ බව වාර්තා වේ.

එකඟතාවට පැමිණීමෙන් පසුව ඇමතිවරයා උපදෙස් ලබා දුන්නේ සැපයුම්කරුවෙකු ලෙසින් නැවතත් වරක් විටෝල් ස්ථාපිත කරන ලෙසටයි.



COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29596,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: තෙවරක් Black List වූ විටෝල් නැවතත් හොඳ වෙයි
තෙවරක් Black List වූ විටෝල් නැවතත් හොඳ වෙයි
http://ift.tt/2cPlKh2
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/09/black-list.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/09/black-list.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy