ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් , ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙරට නිත්‍ය නියෝජිත මාග්‍රට් ඉරි...
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙරට නිත්‍ය නියෝජිත මාග්‍රට් ඉරිත්‍රියා මහත්මිය සමග හදිසි සාකච්ඡාවක් පවත්වා තිබේ.
යහපාලන රජය බලයට පත්වීමෙන් පසුව රටේ මූල්‍ය විනය ඇති කිරිම ගැන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් දැනුවත් කිරීම මෙම හමුවේ ප්‍රධාන අරමුණ වී ඇත.
කුමන තත්ත්වයක් යටතේ වූවද වත්මන් ආණ්ඩුව, ජනතාවට දරාගත හැකි ආකාරයට මූල්‍ය විනය පවත්වාගෙන යාම සම්බන්ධයෙන් රජය කරුණු පැහැදිලි කර තිබේ.
කොටුව ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැති මෙම හමුවට විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ ඇමැති සුසිල් ප්‍රේමජයන්ත, පළාත් සභා හා පළාත් පාලන ඇමැති ෆයිසර් මුස්තාපා යන මහත්වරුද සහභාගි වී ඇත. මෙම සාකච්ඡාව අතිශය වැදගත්වූවක් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොළඹ කාර්යාලය පවසයි.
COMMENTS