සැම්සන්ග් ඉලෙක්ටේරානික්ස් සමාගම, පුලුල් තිර උපකරණ සඳහා නව ප්‍රමිතියක් ස්ථාපනය කරන අතිනවීන විශේෂාංග සමගින් ස්මාර්ට් දුරකථන වෙළෙඳපොළ තුළ ...
සැම්සන්ග් ඉලෙක්ටේරානික්ස් සමාගම, පුලුල් තිර උපකරණ සඳහා නව ප්‍රමිතියක් ස්ථාපනය කරන අතිනවීන විශේෂාංග සමගින් ස්මාර්ට් දුරකථන වෙළෙඳපොළ තුළ සිය ස්ථාවරය තවදුරටත් තහවුරු කරමින් නවතම Galaxy Note7 පසුගියදා හඳුන්වා දෙනු ලැබිය. ප්‍රතිනිර්මාණය කරන ලද ශිල්පීය නිපුණතාව, ගුණාත්මක බවින් ඉහළ අමුද්‍රව්‍ය සහ සමමිතික කෙළවර සමගින් අසමසම වූ නිමාවකින් යුත් Galaxy Note7 විශේෂාංගවලින් සමන්විතය.
ජල ප්‍රතිරෝධී නිමාව සහ S Pen (IP68) පාංගය ඇසේ තාරා මණ්ඩලය (කළු ඉංගිරියාව) ස්කෑන් කිරීම ඇතුළුව ශරීරයේ විවිධ කොටස් මගින් ( ඇඟිලි සලකුණු වැනි) ප්‍රවේශ අවසර ලබාදීම සහ Samsung Knox ඇතුළු අධිආරක්ෂිත පහසුකම් HDR වීඩියෝ ස්ටී්‍රම් කිරීමේ හැකියාව සමගින් සුවිශේෂී විනෝදාත්මක පහසුකම් එම විශේෂාංග වේ.
Galaxy Note7 රැකියාව සහ විනෝදාස්වාදය අතර සමබරතාව පවත්වා ගන්නේ ස්මාර්ට්ෆෝන් භාවිතයෙන් කළ හැකි යැයි සිතූ දේට වැඩි යමක් ළඟා කර ගැනීමේ හැකියාව ලබා දෙමිනි.
“ Galaxy Note7 ඵලදායීතාව සහ විනෝදාස්වාදය එක් කරන්නේ ඉතා ශක්තිමත් ආරක්ෂක පියවරද සමගිනුයි. සවිමත් පරිසර පද්ධතියක් බල ගන්වන මෙම උපකරණය ජීවිතයට වැඩියමක් එකතු කර ගැනීමට අපේක්ෂා කරන අයට වඩා යෝග්‍ය වූවක්” යැයි සැම්සන්ග් ඉන්දියා ඉලෙක්ටේරානික්ස්, ශ්‍රී ලංකා හි කළමනාකාර අධ්‍යක්ෂ යංමින් ෂින් පැවැසීය.
COMMENTS