හිටපු නැගෙනහිර පළාත් සභා මහ ඇමති 'පිල්ලෙයාන්' නොහොත් සිවනේසදුරෙයි චන්ද්‍රකාන්තන් මහතා ලබන 24වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තබන ...
හිටපු නැගෙනහිර පළාත් සභා මහ ඇමති 'පිල්ලෙයාන්' නොහොත් සිවනේසදුරෙයි චන්ද්‍රකාන්තන් මහතා ලබන 24වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තබන ලෙස අද (11) මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණ විනිසුරු එම්.ගනේෂරාජා මහතා නියෝග කළේය.
පසුගිය 2015 වසරේ 12 වෙනි මස 25වන දින මඩකලපුව මරියාල් දේවාලයේ නත්තල් පූජාවට එක්වෙමින් සිටි පාර්ලිමේන්තු මන්ත්‍රි ජෝෂප් පරරාජසිංගම් මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් 2015.10.09 වන දින කොළඹ අපරාධ විමර්ශන අංශය විසින් චන්ද්‍රකාන්තන් මහතා අත්අඩංගුවට ගනු ලැබීය.
මඩකලපුව - ජවුෆර්ඛාන්
COMMENTS