දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
සර්පයන්ගේ එක්ස්පර්ට් වූ පරිසරවේදියා සර්පයෙකු දෂ්ඨ කර මියගිහින්
Homeගොසිප්

සර්පයන්ගේ එක්ස්පර්ට් වූ පරිසරවේදියා සර්පයෙකු දෂ්ඨ කර මියගිහින්

PropellerAds

සර්පයන්ගේ ‘එක්ස්පර්ට්‘ වූ පරිසරවේදියා  සර්පයෙකු දෂ්ඨ කර මියගිහින් ගාල්ල වක්වැල්ල පාරේ වාසය කළ අමල් කිත්රුවන් විජේසේකර නමැති 46 හැවිර...

මං එතනෝල් ගෙන්නනවා කියල ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා -අරුන්දික ප්‍රනාන්දු
ප්‍රධාන විධායක නිලධාරී මහේන් ඉවත් කරයි ස්වර්ණවාහිනී ගැටලුව නිමවේ
වාහන 3 ක් එකිනෙක ගැටී දෙන්නෙක් මරුදුටු කරඩුපන අනතුර (video)



සර්පයන්ගේ ‘එක්ස්පර්ට්‘ වූ පරිසරවේදියා 
සර්පයෙකු දෂ්ඨ කර මියගිහින්

ගාල්ල වක්වැල්ල පාරේ වාසය කළ අමල් කිත්රුවන් විජේසේකර නමැති 46 හැවිරිදි සර්පයන් පිළිබඳ ලංකාවේ නමක් දිනූ පරිසරවේදීයා අවාසනාවන්ත ලෙස සර්පයෙකු දෂ්ඨ කර මියයාමේ සිදුවීමක් වාර්තාවෙනවා.
අවිවාහකයෙකු වන ඔහු දෙමාපියන් සමග පදිංචිව සිටියේය.
සිදුවීම පිළිබඳ ඔහුගේ පියා මෙසේ කියා ඇත.
‘මියගොස් ඇත්තේ
මගේ වැඩිමහල් පුතා. මට පුතාල දෙන්නෙක් හා දුවෙක් ඉන්නවා. පුතාට අසනීපයක් නැහැ. විනෝදයට සර්පයන් ඇති කරනවා. නිවසේත් සර්පයන් ඉන්නවා. ඉකුත් 02 වැනි දින රාත‍්‍රි පුතා ගෙදර හිටියා. පසුදින උදැසන ඉස්සරහ ගෙදර දුව ඇවිත් කිව්වා අමල් අයියා ගෙදර ඉස්සරහ ගේට්ටුව ළඟ වැටිලා ඉන්නවා කියලා. මම එතනට ගියා. පුතා මුණින් අතට වැටිලා හිටියා. ඇඟට අත තියා බැලූවා. ඇඟ සීතල වෙලා තිබුණා. කතා කළේ නැහැ. පසුව මේ ගැන පොලිසියට දැනුම් දුන්නා.’
මියගිය පරිසරවේදියා විනෝදයට නිවස තුළ සර්පයන් ඇති කරන අයෙකි. මොහු මියගොස් ඇත්තේ සර්පයකු දෂ්ඨ කිරීමෙන් බව කරාපිටිය ශික්ෂණ රෝහලේ පැවැති පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වී තිබේ.
ගාල්ල රිච්මන්ඞ් විද්‍යාලයේ ආදි සිසුවෙකු වන මියගිය අමල් ගේ අවසන් කටයුතු පසුගිය 5 වනදා සිදු කෙරිණි.
ඔහු ගැන ෆේස් බුක්හි තැබුණු සංවේදී සටහනක් පහතින්

‘නයි විෂ නිසා ඔබ මියගියා යැයි කෙසේනම් අදහන්න ද ?
ගාල්ලේ අලූත්පාර කවදාවත් පරණවෙන්නේ නැත.
අලූත්පාරේ තවත් අපූරු චරිතයක් සිටියේය. ඒ අමල් අයියාය
අමල් අයියා අලූත්පාරේ ටේ‍්‍රඞ් මාක් එකය. මා අමල් අයියා දන්නේ 10-11 පන්තියේ සිටිය දීය.ඒ සත්තු අල්ලන්නකු ලෙසිනි.
ගාල්ලේ සර්පයකු සිටීනම් අපට එකළ මතක් වූයේ අමල් අයියාය.
ගාල්ලේ කොහේ හෝ නිවසකට සර්පයකු රිංගා ඇතැයි කියූ විට ඒ සතා අල්ලා කැලයකට ගෙන ගොස් දැමීමට අපේ බොහෝ දෙනකු කටයුතු කළහ.
අමල් අයියා අලූත් පාරේ ට‍්‍රේඞ් මාර්ක් එකක් වූයේ මේ කටයුත්තෙනි.

ඔහු තරම් සර්පයන් අල්ලන්නට දක්ෂයකු දකුණේ සිටියේ නැතැයි මම සිතමි.
නයි ඇතුළු විසකුරු සර්පයන් ඉවත් කිරීමට වනජීවී දෙපාර්තමේන්තුව පවා මග අරිද්දී අමල් අයියා උන් අල්ලා ජීවිතය බේරා වනයට මුදා හැරියේය.
මේ නිසා ඔහු විසින් ඉවත්කරන නයි ඇතුළු සර්පයෝ ඔහුගේ කාමරයේ ද නිවසේ තැන තැන ද කූඩුවල සිටියහ.
මේ සර්පයන්ට කන්න බොන්න දී රැකබලා ගැනීම ද අමල් අයියා කළේය.
සාදයක් පවත්වා අඟහරුවාදා රාත‍්‍රියේ නිවසට ආ අමල් අයියා නයකුගේ දුක සැප බලා ඇතැයි අනුමානයයි.
ඒ තිරිසන් සතා මේ මිනිසා අදුනන්නේ නැත.
තම ජීවිතය රැකුණේ මේ අපූරු මිනිසා නිසා යැයි ඌ දන්නේ නැත.
ඒ නිසාම තම පෙනය පුප්පා දෂ්ඨ කරන්නට ඇත.
අවසානයේ සිදුවූයේ නයි අල්ලා නයින්ටත් මිනිසුන්ටත් සැනසුම උදා කළ අපූරු මිනිසා
නයකුගේ දෂ්ඨනයෙන් මිය යාමයි.
අමල් අයියේ ඔබේ සමු ගැනීම වේදනාත්මකය.දරාගත නොහැකිය.
උඹ පැතූ ලෝකය උඹට උදා වූයේ නැති බව මම දනිමි.
සිය ගණනක් සත්ත්ව ජීවිත බේරූ උඹ පින් රැස් කරන්නට ඇති අපටත් වඩා.....’







Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29341,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: සර්පයන්ගේ එක්ස්පර්ට් වූ පරිසරවේදියා සර්පයෙකු දෂ්ඨ කර මියගිහින්
සර්පයන්ගේ එක්ස්පර්ට් වූ පරිසරවේදියා සර්පයෙකු දෂ්ඨ කර මියගිහින්
http://ift.tt/2bhLYow
https://i.ytimg.com/vi/NL37bQI8JkU/default.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/08/blog-post_821.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/08/blog-post_821.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy