එක්සත් ජාතික පක්ෂයේ හැත්තෑ වැනි සංවත්සරයත් සමඟම පක්ෂයේ සියලු කටයුතු සම්පූර්ණයෙන්ම පරිගණකගත කිරිමට පියවර ගැනේ. මෙරට දේශපාලන පක්ෂයක කටයුතු ස...
එක්සත් ජාතික පක්ෂයේ හැත්තෑ වැනි සංවත්සරයත් සමඟම පක්ෂයේ සියලු කටයුතු සම්පූර්ණයෙන්ම පරිගණකගත කිරිමට පියවර ගැනේ.
මෙරට දේශපාලන පක්ෂයක කටයුතු සම්පුර්ණයෙන්ම පරිගණක ගත කරන පළමු අවස්ථාව මෙයයි. ආසියානු පැසිෆික් කලාපයේ දේශපාලන පක්ෂවලින් මුළුමනින්ම පරිගණක ගත වන දේශපාලන පක්ෂය ද වනුයේ එක්සත් ජාතික පක්ෂයයි.
ඉන්දියාවේ භාරතීය ජනතා පක්ෂයේ (BJP) කටයුතු මීට පෙර සම්පූර්ණයෙන්ම පරිගණක ගත කර තිබේ. මෙවර සංවත්සරයෙන් පසු එක්සත් ජාතික පක්ෂ මුලස්ථානය වන සිරිකොත මන්දිරයේ කටයුතු ද මුළුමනින්ම පරිගණක ගත කෙරේ.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගිත්වයෙන් එක්සත් ජාතික පක්ෂයේ හැත්තෑ වන සංවත්සරය සැප්තැම්බර් 10 දා කොළඹ කැම්බල් පිටියේදි පැවැත්වේ. දේශපාලන පක්ෂයක සංවත්සරයක් සඳහා සහභාගි වන වැඩිම පිරිසකගේ සහභාගිත්වයෙන් එක්සත් ජාතික පක්ෂ සංවත්සරය පැවැත්විමට කටයුතු යොදා ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ සන්නිවේදන බලකායේ අධ්‍යක්ෂ ජනරාල් සුදත් චන්ද්‍රසේකර මහතා පවසයි.
අමෙරිකා එක්සත් ජනපදයේ ඩිමොක්‍රටික් හා රිපබ්ලිකන් පක්ෂ ද, බ්‍රිතාන්‍යයේ කන්සවේටිව් පක්ෂය ද, චිනයේ කොමියුනිස්ට් පක්ෂය ද ආදි ලෝකයේ ප්‍රධාන පක්ෂ ක්‍රියා කරන ආකාරයට 70 වැනි සංවත්සරයෙන් පසුව එක්සත් ජාතික පක්ෂය ක්‍රියා කරන බව ද සුදත් චන්ද්‍රසේකර මහතා කීය.
COMMENTS